Chapter 18

571 169 20
                                    

"ජීමින් අරින්න දොර....."

"යනවා යන්න කොහෙහරි.....මන් පොරොන්දු වෙනවා යුන්ගි අපි දෙන්නා අතරෙ කිසිම සම්බන්දයක් නෑ....එහෙම තියෙද්දි ඇයි ඔයා හෙඩ් සර්ව අවුස්සලා මාව තවත් අමාරුවෙ දාන්නෙ...."

"මන් මොනවත් කිව්වෙ නෑ.....මන් කිව්වෙ ඇත්ත....එයා කවදහරි ඕක දැනගත්ත දවසට ඔයාට තවත් බොරු කියන්න බෑනෙ...."

"ඇත්තට ලොකු උදව්වක් කලේ කියලද හිතාගෙන ඉන්නෙ ?.... ගිහිල්ලා කැමති දිහාක නිදාගන්නවා....ආයෙ මට වද දෙන්න එපා...."

ජීමින් කෑගහලා කිව්වෙ යුන්ගිට දොර අරින්න බැරි වෙන්න එයාගෙ කාමරේ දොර තද කරලා වහන ගමන්.....

"අරිනවා දොර....."

"බෑ....ඇයි මන් ඔයාගෙ දේපලක් කියලද හිතාගෙන ඉන්නෙ ?නැත්තන් මන් ඔයාගෙ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ ? කැමති දෙයක් හිතාගන්නවා...මට අදාල නෑ....යනවා යන්න මෙතනින්...."

ජීමින් දොරෙන් ඇතුලෙ ඉදන් කිව්වෙ බිම වාඩි වෙලා එයාගෙ ඔලුව දොරට හේත්තු කරගෙන....

එයාට ඇහුනා යුන්ගි දොර අරින්න හුගක් උත්සහ කරනවා...ඒ වුනත් කොච්චර දොරේ අගුල කැරකෙව්වත් ඒ දොර ඇරෙන දොරක් නෙවෙයි කියලා දෙන්නම දැනගෙන හිටියා .....

"ඔයා ඇරියෙ නැත්තන් මන් දොර කඩනවා...."

"ඔයා එහෙම කලොත් මන් ජීවිතේට ඔයත් එක්ක කතා කරන්නෙ නෑ..... "

"මන් මෙතනින් ගියොත් ඔයා දොර අරිනවද ?"

"නෑ.....ඒක නෙවෙයි මම කිව්වෙ... "

"ඒකනේ...එහෙනම් දෙකම එකයිනෙ...අඩුම තරමෙ දොර කැඩුවොත් මට ඇතුලටවත් එන්න පුලුවන්...."

යුන්ගි දොර දිහා බලාගෙන කෑගහද්දි එයා දැක්කා එකපාරට ජීමින්ගෙ කාමරේ දොර ඇරෙනවා...එයාට ඒ ජීමින්ගෙ ඇස් දෙක දකිද්දි හිතට සැනසීමක් වගේ හැගීමක් ආවත් ජීමින් අත දිග ඇරලා යුන්ගිගෙ කම්මුලට ගහද්දි ඒ තරහ ආයෙම ඇවිස්සුනා....

"ඔයා මොනවද කරන්නෙ ? යනවා ඔයාගෙ කාමරේට ...."

ජීමින් කෑගහද්දි යුන්ගි එයා දිහා බලාගෙන හිටියෙ මොනවත් නොකියා....ඒ ඇස් වලින් කදුලු බේරෙන්නෙත් නැතුව, මූනෙ කිසිම හැගික්මක් වෙනස් වෙන්නෙත් නැතුව, තරහ අඩුවෙන්නෙත් නැතුව යුන්ගි ජීමින් එක්ක රණ්ඩු කරද්දි ජීමින් තව තව අසරණ උනා.....

"ඔයා කැරසෝල් එකේදි කියපුවා බොරුවටද කිව්වෙ ?"

"මන් කියපු කිසිම දෙයක් හිතලා නෙවෙයි කිව්වෙ.....මට ඒවා දැන් මතකත් නෑ...මෙතනින් යන්න යුන්ගි ..."

ජීමින් කියද්දි යුන්ගි හයියෙන් කකුලෙන් ජීමින්ගෙ දොරට ගහලා ජීමින් දිහා බැලුවෙ බිත්තියටත් අත මිටිගුලි කරලා ගහන ගමන්.....

"තමුසෙ නම් බය ගුල්ලෙක්.....එක එක වෙලාවට වචනෙ මාරු කරන දෙපිටිකාට්ටුවෙක් ....."

යුන්ගි එහෙම කියලා කෑගහලා පඩිපෙල බැහැලා යද්දි ජීමින්ට දැනුනා මෙච්චර වෙලා හිර කරගෙන හිටපු කදුලු හෝගාලා කම්මුල් දිගේ බේරෙනවා.....

යුන්ගි කෙලින්ම එයාගෙ කාමරේට ගියේ දොර මහ සද්දෙට ඇරගෙන....ඒ වෙනකොටත් ඒ කාමරේ ජේහොප්මුයි ජුන්ග්කුක්මුයි නම්ජුන් එක්ක බලාගෙන හිටියෙ යුන්ගි එනකම්.....

මොකද ඒ අය දැනගෙන හිටියා යුන්ගි කාමරේට එන්නෙ දෙලොව රත් වෙලා කියලා....යුන්ගිට ඇත්තටම ජීමින්ගෙ කාමරේට යන්න උවමනාවක් තිබ්බෙ නැතත් ජේහොප්ගෙ උවමනාව නිසයි එයා ජීමින්ට කතා කරලා එන්න ගියේ ....

ඒ වුනත් ජීමින්ට කොහොමද කියල බලනවා කෙසේ වෙතත් උනේ වෙන්න ඕනෙ නැති කතා බහක්.....

"එයාට කොහොමද ?"

"මොකටද මගෙන් අහන්නෙ ? එයාගෙන්ම අහගන්න එකයි ඇත්තෙ ...."

යුන්ගි කෑගහලා නම්ජුන්ගෙ ඇදට වැටෙද්දි කවුරුත් මොනවත් කිව්වෙ නෑ...ඒ වුනත් එහෙම කටවහගෙනත් ඉන්න බැරි උනේ ඒ අයගෙ ඔලුවල ප්‍රශ්න ගොඩක් තිබුන නිසයි....

"ඇයි ඔයා හෙඩ් සර් එක්ක කියවගෙන ගියේ ? ඒකයි එයාට තරහ යන්න ඇත්තෙ ...."

"නැතත් එයා බය ගුල්ලෙක්.....කොහෙහරි මුල්ලක් හොයාගෙන ගුලි වෙන්නමයි බලන්නෙ...."

"ඔයාට තිබුනා ඒ අය මොනවහරි කියනකම් බලාගෙන ඉදලා මග ඇරලා එන්න...."

"ඇයි බොරු කියන්නෙ ? ඒ අය කවදහරි හැමදේම දැනගත්තු දවසට එයා මොනවද කියන්නෙ ? එදාටත් බොරු කියනවද ?"

"ඉතින් දැන් ඔයා එයා එක්ක තියෙන සම්බන්දෙ නවත්තනවද ?"

ජේහොප් අහද්දි යුන්ගි තරහෙන් එයාගෙ කකුක් දෙක ඇදේ ගැසුවෙ කොට්ටෙ අස්සෙ මූණ හන්ගගෙන....

"ඉවර වෙන්න සම්බන්දයක් පටන් ගත්තෙ නෑනෙ....."

"ඉතින් ඔයා ආයෙ එයා එක්ක කතා කරන්නෙ නැද්ද ?ඔයා ආයෙ එයා පස්සෙ යන්නෙත් නැද්ද ? ඔක්කොම ඉවරද ?"

ජේහොප් යුන්ගි පඩිපෙල නගින දිහා බලාගෙන අහද්දි යුන්ගි ලාවට මුමුනපු දේ ඒ හැමෝටම ඇහුනා....

"ඒ මෝඩ බයගුල්ලා මගෙම තමා....මන් ඒ කාටවත් බයත් නෑ...එයා බයයි කියලා මට ඒක අදාලත් නෑ...."










Stolen Sweatheart | YM ✔Where stories live. Discover now