"ජීමින්....බිම බලාගෙන යනවා...එයා දැක්කෙ නෑ වගේ යමු....නැත්තන් එයා ආයෙත් මොනවහරි මෝඩ වැඩක් කරයි...."
ටේහ්යන්ග් කෙදිරි ගෑවෙ ජීමින්ගෙ ඇස් දෙක අතින් වහගෙන එයාව පඩිපෙල දිගේ පල්ලෙහාට එක්කරගෙන යන ගමන්.....
ඒ වුනත් ජීමින් ටේහ්යන්ග්ගෙ අත පල්ලෙහාට කරලා අල්ලගෙන පල්ලෙහා ඉන්න යුන්ගි දිහා බැලුවා.....
යුන්ගි ජීමින්ව මුලින් දැක්කෙ නැති උනත් එයා දැක්කා උඩ ඉදන් එන ජීමින්ගෙ ඇස් එයා දැක්කම දිලිසෙනවා....
යුන්ගි පඩිපෙල නැගලා ගිහින් ජීමින්ට කතා කරන්න යනකොටම එයාට දැනුනා කවුරුහරි අතින් අදිනවා....එයා හැරිලා බලද්දිම ජිනුයි ජේහොප්මුයි එයාව පස්සට කරලා ඇදගෙන එතනින් හැරිලා ආපහු හොස්ටල් එකට ආවෙ යුන්ගි එයාව අත අරින්න කියලා කෙදිරි ගාද්දි......
"තමුසෙ ආයෙ ජීමින්ව හම්බ වෙන්න එපා....ඔයා එයා දැක්කම මෝඩ වැඩ කරනවා හැමෝම ඉස්සරහ...."
යුන්ගි පුදුමෙන් ඇස් දෙක ලොකු කරලා එයාගෙ අත් දෙක තද කරලා අල්ලගෙන ඉන්න දෙන්නා දිහා බලලා ඉස්සරහ බැලුවා.....
එයාව කාමරේට ඇදගෙන ගිහින් දොර වහලා ඒ දෙන්නා දොර ලගට වෙලා හිටපු නිසා යුන්ගි වැනි වැනී ඇදට ගියේ හයියෙන් කෑගහලා කකුල් දෙක ගස ගස....
එදා රෑත් යුන්ගිව කාමරේට දාලා නම්ජුන් දොර ලොක් කරලා තිබුන නිසා යුන්ගිට කාමරෙන් හොරෙන්වත් එලියට යන්න ලැබුනෙ නෑ....
"අපි ඔයාට ලස්සන ගෑණු ලමයෙක් හොයලා දෙන්නම්.....එයාට වඩා හොද...."
ජුන්ග්කුක් කියද්දි යුන්ගි බන්කුවෙ පස්සහට ඔලුව හේත්තු කරගත්තෙ මොනවත් නොකියා.....
හෙවණ වැටෙන ගස් බන්කු පෝලිමට යටින් වාඩි වෙලා කට්ටියම කෑගගහා හිනා වෙන අතරෙ යුන්ගි කලේ පාඩුවෙ ඒ අය දිහා බලාගෙන හිටිය එක විතරයි.....
"අර ....අරයා ලස්සනයි නේද "
ජේහොප් පැත්තක පාඩුවෙ තනියම වාඩි වෙලා ඉන්න ගෑණු ලමයෙක් පෙන්නලා අහද්දි යුන්ගි ඒ කෙනා දිහා බැලුවෙවත් නෑ....
"නෑ.....කැතයි...."
"එතකොට අර කෙනා....."
"කැතයි....."
"එහෙනම් අතන ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්....."
"දෙන්නම කැතයි....."
"එහෙනම් අර පිරිමි ලමයා....."
"ඒත් එපා...."
යුන්ගි අහන අහන දේට කිව්වෙ ඒ කෙනා කවුද මොන වගේද කියලවත් බලන්නෙ නැතුව.....අඩුම තරමෙ එයා ඔලුව හරවලා ඒ කෙනා දිහාට තත්පරේකටවත් හැරිලා බැලුවෙ නෑ.....
ඒ වුනත් යුන්ගි කවුරුහරි එනවා දැකලා හිනා වෙලා පුටුවෙන් නැගිටිද්දි අනිත් හැමෝමත් හැරිලා බැලුවා......
"අරයා ලස්සනයි....මට එයාව ඕනි....."
යුන්ගි එහෙම කියපු නිසා හැමෝම ඒ කෙනා දිහා හැරිලා බැලුවෙ ඒ කෙනා කවුද කියලා බලන්න ආසාවෙ.....
ඒ වුනත් ඈතින් පේන ශාලාවෙ කොරිඩෝව දිගේ ජීමින් දුවනවා දැකලා හැමෝම ඔලුවෙ අතගහගත්තා.....
"එයා නැතුව වෙන කෙනෙක් ගැන හිතන්න කිව්වෙ....."
ජින් කිව්වෙ හයියෙන් යුන්ගිගෙ ඔලුවට ගහලා එයාව ආයෙත් බන්කුවෙ ඉන්දන ගමන්.....
"ඔයාලට එකපාරටම මොකද වෙලා තියෙන්නෙ ? මට ජීමින්ට එක විනාඩියකට පොඩ්ඩක් කතා කරන්න දෙන්න....."
"ඔයා ගැන හිතලමයි අපි මෙහෙම කියන්නෙ....අපි ඔයාට වෙන කෙනෙක් හොයලා දෙන්නම්......දැනටමත් මුලු ෆැකල්ටි එකම හිතාගෙන ඉන්නෙ එයා ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ් කියලා....එදා කැන්ටිමේදි ඔයා කරපු මෝඩ වැඩේ නිසා..."
"මන් තාම එයාට හරියට කතා කරන්නෙවත් නැතුව කොහොමද ඔය කියන තරම් දේවල් වෙන්නෙ ?"
"ඒකනේ....ඔයාලා දෙන්නා අතරෙ තාමත් සම්බන්දයක් නැත්තන් ඉස්සරහටත් ඕනි නෑ....."
"දෙයියනේ....මන් තාම එයාගෙ තොල් වල රහ මොන වගේද කියලවත් දන්නෙ නෑ...."
යුන්ගි කෑගැහුවෙ එතනින් වාශ්ප වෙලා යන්න තිබ්බ උවමනාවට එයාටම කියාගෙන කෙදිරි ගාන ගමන්.....
"මන්ම මේකට මොනවහරි කරගන්නම්කො....."
යුන්ගි කෑගහලා කියලා බන්කුවෙ පස්සහට ඔලුව හේත්තු කරගත්තෙ ඇස් දෙක පියාගෙන.....
"මට එයාගෙ සුවද මොන වගේද කියලවත් මතක නැති තරම්....."
එයා එයාටම කියාගන්න ගමන් එතනින් නැගිටලා ගියේ අනිත් අය එක්ක තවත් මෙතන හිටියොත් එයාට පිස්සු හැදෙන නිසා .......
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...