chapter 1

2K 350 28
                                    

"සර් ඔයා ඉල්ලන වර්ගයෙන් අපි ලග තිබ්බ සේරම තමයි දුන්නේ... තවත් නැහැ"

"නැත්තම් කොහෙන්හරි හොයාගෙන වරෙන්"

"ප්ලීස් සර් ප්‍රශ්නයක් දාගන්නෙ නැතුව දැන් ගියානම් හරි"

"උබ දන්නවද කාටද තෝ ඔය කෑගහන්නේ කියලා... යකෝ මං කි- බුවෑක්- බුවෑක්-

"ඉක්මනට මේ හාදයව එලියට දාපං... මෙතනත් විනාස කරා"

"තොපි සේරවංවම මං සුන්නද්දූලි කරනවා දැනගනින්"

"එලියට දාපල්ලා..."




"ටේහ්යුං පොඩි මහත්තයා..."

"ආතෑර හික්- මාව... හැමෝට- හික්- මාව ඕන වැඩේ කරගන්- හික්- විතර-යි... ඊට හික්- පස්- අතෑර-ල දානවා හික්- න්නෑ- විසික් කරල දානවා... යමන් උබත් යමං මා-ව දාලා... එකෙක්-වත් එපා මට හික්- උබල එකෙක්-වත් එ-පා... ඔම්ම-ල වගේ උබ-ලත් යමල්-හික්- මාව දාලා හික්-

"ටේහ්යුං සර්ව ඉක්මනට ඇතුලට අරගෙන යන්න"

හැමදාම හැමවෙලේම ටේහ්යුං එයාගේ විශාල මන්දිරක් වගේ ගෙදරට ආවේ බීගෙන හතරගාතෙන්... වැඩ කරන අයට පවා ඒක ඒ තරම් දෙයක් නෙවෙයි දැන්... ඒත් ටේහ්යුංගේ ලගම කෙනෙක් උන කිම් මැන්ශන් එක භාරකාර සේවකයා උන වූශික්ට නම් ටේහ්යුං මේ විනාස වෙන විදිහ බලාගෙන ඉන්න බැරි උනා...

වූශික් ටේහ්යුං වෙනුවෙන් පෞද්ගලික සේවකයෙක් යොදවන්න තීරණය කලේ එතකොට ටේහ්යුං ගැන හොයල බලන්න හරි කෙනෙක් ඉන්න නිසා... කලින් ටේහ්යුංගේ සේරම දේවල් වූශික් කලත් එයාගේ වයසත් එක්ක ටේහ්යුංගේ සෙල්ලක්කාර ජීවිතය එයාට ගැලපුනේ නෑ... හැම වෙලේම කොහේ හරි යන ටේහ්යුංගේ පස්සෙන් ඉන්න තරුණ කෙනෙක් අවශ්‍යයි... ඒකයි එයා සේවක අබෑර්තුවක් දැම්මේ...

මිස්ටර් කිම් සහ මිසිස් කිම්ගේ ශෝකජනය වියෝවත් එක්ක ටේහ්යුං වගේම එයාගේ වැඩිමල් සහෝදරයා තනි උනා... ඒ වෙද්දී යමක් කමක් තේරුන වැඩිමලා ඔහුට අවශ්‍ය පරිදි ජීවිතය ගෙන ගියත් මව්පිය සෙනහස අවැසි කලම ටේහ්යුංට ඒක අහිමි උනා... මුරණ්ඩු ටේහ්යුං කෙනෙක් නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව ඒකයි... අද වෙද්දී ටේහ්යුං මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන තරුණයන්ගේ ලැයිස්තුවේ උඩින්ම උන්නා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now