කෝමින් කෝමහරි ටේහ්යුංගේ ටවල් සීන් එක නිසා අමුත්තාට බනින එක ටේහ්යුං නතර කලා... ඒකට ලොකුම හේතුව උනේ ටේහ්යුං හිතුව වගේ වූශික් එයා වෙනුවෙන් දාපු සේවකයා කිසිම විදිහකට එයාට බය නොවුන එක...
"නම?"
ඇදුමක් ඇදගත්ත ටේහ්යුං යන්න පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයාගේ පස්සෙන් නැට්ට වගේ එන අමුත්යගෙන් ඇහුවා...
"ලි ජන්කුක් සර්"
කලාතුරකින් කෙනෙක්ට පිහිටන්න පුලුවන් ලස්සන, හුරුබුහුටි, සෙල්ලක්කාර හිනාවක් තමයි ජන්කුක්ට තිබ්බේ... එයාගේ ටීත් බනියෙක්ගේ ටීත් වගේ හරිම කියුට්... ඔය ටික ටේහ්යුංට එවෙලේ හිතුනා...
"හිනාව නවත්තනවා... තමුසෙ මෙතන මගේ වෙලාවත් කාල දැම්මා වදකාරයා"
හරි ටේහ්යුං ඒක කිව්වේ කවදාවත් නැතුව බොරු තරහක් මවාගෙන... ටේහ්යුං කැමති නෑ කවුරුත් හිනා වෙලා ඉන්නවට මොකද එයාට හිනාව උරුම දෙයක් නෙවෙයි කියලා එයා හිතන නිසා... ඒත් ඉතින් ජන්කුක්ගේ හිනාව ටේහ්යුංව තරහ ගැස්සුවේ නෑ ලොකුකම නිසා බොරුවට තරහ ගත්තට...
"සර් කොහෙද යන්නේ?"
"ඇයි උබ මගේ ගෑණිද මං යන තැන කියන්න?"
ටේහ්යුංගේ කාර් එක ලගට වෙනකංම ටේහ්යුං පස්සෙන් ගෑටුව ජන්කුක් අවසානයේ මෙච්චර වෙලා හිර කරගෙන උන්න ප්රශ්නේ ඇහුවා... ජන්කුක් හිතුවේ ටේහ්යුං යන තැන කියයි කියලා ඒ ජන්කුක් ටේහ්යුං ගැන දන්න නැහැනේ... ටේහ්යුංගේ උත්තරය එක්ක ජන්කුක් ටේහ්යුංට එරෙව්වා...
"අපෝ නපුරා කියල යනවකෝ... එක්කො ඕන නෑ මාවත් එක්කන් යන්න"
කාර් එකේ දොර අරින්න අත තිබ්බ ටේහ්යුං ආපස්සට ආපහු අත ගත්තේ එයාට ඇත්තටම ජන්කුක් කිව්ව දේ ගැන විශ්වාසයක් නැති නිසා... 'නපුරා' ටේහ්යුංට ජන්කුක් කිව්වේ එහෙම තමා...
"හහ් තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නේ ආ?"
"සර් ඇයි මං කලිනුත් කිව්වේ මගේ නම ලී ජන්කුක් එතකොට සර්ගෙ පෞද්ගලික සේවකයනේ මං කන් වල වංගුද අප්පා ඔයාගේ..."
හරි ටේහ්යුංට මේ වෙද්දී එයාගේ ඇගේ තිබ්බ ලේ ටික බොයිල් වෙලා වාෂ්ප වෙලා යනවා වගේ දැනෙන්න ඕනා... ටේහ්යුංට යාලුවෙක්ට වගේ නෑ ටේහ්යුං පහත් කරලා කතා කරන කෙනෙක්ට ටේහ්යුං යහතින් ඉන්න දෙයිද?
YOU ARE READING
PERSONAL TROUBLEMAKER|TK|✔
FanfictionJeon we're still alive, please save us... ~kim~ "A man who was on a special covert operation to rescue the well-known businessman Mr. Kim has fallen down the waterfall with Kim Joyoung... Two dead bodies have bee...