chapter 27

1.2K 306 50
                                    

දවස් දෙක තුනකට පස්සේ ජන්කුක් සේරම දේවල් අමතක වෙන්නත් එක්කම ආපහු එයාලගේ මෙහෙයුමට සම්පූර්ණ අවධානය දුන්නා... ඒ වගේම ටේහ්යුංනුත් එදා ජන්කුක් කිව්වායින් පස්සේ බාර් ගානේ බොන්න ගියේ නෑ... වෙලාවකට සේරම පැත්තකට දාලා ජන්කුක්ව අමතක කරලා යන්න හිතුනත් ටේහ්යුං ජන්කුක්ට තවමත් ආදරෙයි... ටේහ්යුං, ජන්කුක්ට බැන්නා කියන එක ඇත්ත උනත් ජන්කුක්ට වඩා රිදුනේ ටේහ්යුංට... මොකද ටේහ්යුං බොරුවක් විශ්වාස කරගෙන ජන්කුක් ගැන දැනගෙන ඉන්නේ වෙනස්ම දෙයක් නිසා...

ටේහ්යුං කොච්චර ඇඩුවත් එයා පිටත හැමෝටම පෙන්නුවා එයා ජන්කුක් නැතිව උනත් හොදින් කියලා... එයා ඇඩුවේ තනියම- ජන්කුක්ගේ මතකයන් එක්ක එයා තනියම ඇඩුවා... ටේහ්යුං මෙහෙම කෙනෙක් නෙවෙයි ඒත් ජන්කුක් නිසා ටේහ්යුං හුගක් වෙනස් උනා... ටේහ්යුංගේ තත්වය ගැන දන්න වූශික්ට උනත් මුකුත් කරන්න බැරි උනේ ටේහ්යුං ඔය කිසිම කෙනෙක්ගේ දෙයක් අහන්න අකමැති උන නිසා....

ඔය අතර ජන්කුක්ලට මිස්ටර් ජෝයන්ග් සහ මිස්ටර් හැන් කතා කරන හඩ පටයකින් මිස්ටර් කිම් තවමත් ජීවතුන් අතර බවත්, එයා ස්තීරවම මිස්ටර් ජෝයන්ග් ලග බවත් දැන ගන්නවා... දැන් එයාලා හොයන්නේ කොහෙද මිස්ටර් කිම්ව හංගගෙන ඉන්නේ කියලා... ඒකට එයාලා මේ දවස් වල මිස්ටර් හැන් පස්සෙන් පැන්නුවා... මොකද ජෝයන්ග්ව එයාලා එදා කම්පැනි එක ගත්ත දවසින් පස්සේ අද වෙනකං දැක්කේ නැති නිසා...

"මිස්ටර් හැන් නිතර නිතර යන තැන් කිහිපයක් නම් හම්බුනා... මොකද කරන්නේ කට්ටිය බෙදිල යමුද?" හොබී ඇහුවාම කට්ටියම ඒකට එකග උනා... ජන්කුක්, හොබී දෙන්නා ක්ලබ් වලදිත් ජින්, යුන්ගි දෙන්නා ඉතුරු තැන් වලදිත් මිස්ටර් හැන්ව ෆලෝ කරන්න ප්ලෑන් කරගත්තා...

"නම්ජූන් සර්, කාලෙකින් ආවේ..." කිම් මැන්ශන් එකට ආව නම්ජූන්ව වූශික් පිලිගත්තා...

"ඒක නම් ඇත්ත අන්කල්, දැන් නම් පිට තැනක් වගෙත් දැනෙනවා..." නම්ජූන් හිනා වෙලා ඇතුලට ගියා...

කම්පැනි එක ටේහ්යුං සහ නම්ජූන් දෙන්නගෙම නමට තිබ්බට ටේහ්යුං එදායින් පස්සේ ආපහු ආවේ නැති නිසා සේරම වැඩ ටික බැලුවේ නම්ජූන්... අද නම්ජූන් ආපහු කිම් මැන්ශන් එකට ආවේ ටේහ්යුංව කොහොමහරි කරලා එක්කගෙන යනවා කියන බලාපොරොත්තුවෙන්... ඒ වගේම උන ප්‍රශ්ණය ගැනත් නම්ජූන් දැනුවත්-

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now