"ස-ර්..." ටික වෙලාවකින් ජන්කුක් ඇස් ඇරියාම එයාගේ ඉස්සරහ උන්න කෙනාව දැකලා ජන්කුක් කතා කරා... ඒ සැනින් මෙච්චර වෙලා බිමට හරවගෙන කල්පනා ලෝකෙක උන්න ටේහ්යුං මූණ උස්සලා ජන්කුක් දිහා බැලුවා... ඊයෙ උදේ වගේම ජන්කුක් ලස්සනට හිනා වෙලා ඉන්නවා...
"ආහ් සර් ඔයා ඇවිත් ගොඩක් වෙලාද? මට නින්ද ගියානේ අප්පා... හරි අපි දැන්වත් කන්න යමුද?" ජන්කුක් අමාරුවෙන් නැගිටින ගමන් ඊයෙ වගේම කතා කරා... ටේහ්යුං ජන්කුක්ගේ මේ හැසිරීමට හරි කැමතී...
"ඔයා ඊයෙ දවසම මෙතන උන්නද?" වැනි වැනි ඇවිදින ජන්කුක් දිහා බලාගෙන උන්නු ටේහ්යුං අන්තිමට වචන ගැන ගහගෙන කතා කරා... ජන්කුක් එකපාරටම පිටිපස්ස හැරුනේ 'ඇයි එහෙම ඉන්න එපාද?' අහන්න වගේ ලුක් එකකින්... තොලත් පෙරලන් ඇසුත් අමුතුවට කරගෙන ඉන්න ජන්කුක් හරිම කියුට්!
"ආ නෑ මං හිතුවෙ නෑ ඔයා ඉදීවි කියලා..." ටේහ්යුං ඔලුවත් කස කස කිව්වාම ජන්කුක් ටේහ්යුංට කෑ ගැහුවා...
"ඇයි ඔයාමනේ ඉන්න කිව්වේ?"
"නෑ ඉතින් මං හිතුවෙ ඔයා යන්න ඇති කියලා..." එයාලා මේ ඉන්නේ ටේහ්යුංගේ මැන්ශන් එකේ පලවෙනි තට්ටුවේ පඩිපෙල ලග... ජීවිතේටවත් ටේහ්යුං සේවකයෙක් එක්ක හොදින් කතා කරනවා කවුරුත් දැකල නෑ... වූශික් එක්ක උනත් ටේහ්යුං වැඩිය කතා කරන්නේ නෑ... කතා කරත් වලියක් තමා... ඒත් අද ටේහ්යුං ජන්කුක්ගේ වචන වලට වෙලාවකට ඇඹරෙනවා, තවත් වෙලාවක ඔලුව කසනවා, තවත් වෙලාවක බිංකුංඩෙක් වගේ කකුලෙ ඇගිලි වලින් ලී පොලොව හිල් කරන්න ප්ලෑන් ගහනවා... මේ ඉන්නේ හැමදාම උදේට යක්ෂාවේස වෙන මහ රෑට හතර ගාතෙන් එන කිම් මැන්ශන් එකේ නපුරු ටේහ්යුංමද?
"යා ඔයා ඊයෙ ගෙදර ඇවිත් හොදට කාල බුදිය ගත්ත කියලද ඔය කියන්නේ? මං තට්ට තනියම බඩගින්නේ අතන නිදා ගත්තද? ඉහි ඉහී ඔයා හරිම නරකයි
නපුරා..." පලවෙනි පඩිය උඩ ඉදගෙන ජන්කුක් ටේහ්යුංගේ වයිෆ් වගේ එකපාරට ටේහ්යුංගේ ඇගට කඩා පැන්නා... ටේහ්යුං තාමත් එක පඩියක්වත් නැගල නෑ දෙන්නගෙම උස දැන් තමා සමාන... ජන්කුක් ටේහ්යුංගේ දීප්තිමත් ඇස් මග ඇරලා කෑ ගහලා අඩන්න ගත්තේ ගෙදර හැමෝමවයි ටේහ්යුංවයි තුෂ්නිම්භූත කරවලා...
YOU ARE READING
PERSONAL TROUBLEMAKER|TK|✔
FanfictionJeon we're still alive, please save us... ~kim~ "A man who was on a special covert operation to rescue the well-known businessman Mr. Kim has fallen down the waterfall with Kim Joyoung... Two dead bodies have bee...