chapter 25

1.2K 285 22
                                    

"ජන්කුක් අද අපේ ගෙදර නවතිමුද?" ජිමින් ඇහුවේ පාටිය ඉවර වෙලා යන්න ලෑස්ති උන ජන්කුක්ගෙන්...

"බෑනෙ හියුන්, අරයට දැනටමත් තරහ ගිහින් ඇති" ජන්කුක් කිව්වේ ආවට පස්සේ ටේහ්යුං කෝල් එකක්වත් නොදුන්න නිසා...

"මෙන්න මෙහෙ ඉන්න, ඔයා නෑ කියලා නින්ද යන්නෙ නැතුව ඈ..." ජිමින්ගේ බල කිරීම නිසාම ජන්කුක් ටේහ්යුංට මැසේජ් එකක් දාලා එදා රෑ ජිමින්ගේ මැන්ශන් එකේ ගත කරන්න තීරණය කලා...

ඔය අතර වේගයෙන් කාමරේට ආව ටේහ්යුං පෝන් එක අතට ගත්තේ ජන්කුක්ට කෝල් කරලා කතා කරන්න උනත් ටේහ්යුං පෝන් එක ඕෆ් කරලා ඇද මතට විසික් කලේ තිබ්බ තරහටමයි... ටේහ්යුංගේ මනසේ වැඩ කලේ ජන්කුක් එයාව රැවැට්ටුවා කියන සංකල්පය විතරයි... කිසිම දෙයක් හොයල බලන්නේ නැතුවම ටේහ්යුං කලබල උනා... ඒ ජන්කුක් බොරුවක් කරපු එකට නෙවෙයි ජන්කුක් එයාව දාල යයි කියලා හිතලා... ජන්කුක් එනකං කොතරම් වෙලාවක් දොර දිහා බලාගෙන ටේහ්යුං නිසොල්මන්ව උන්නාද කියලා තේරුමක් නෑ... ටේහ්යුංගේ ඇස් වලින් කදුලු හැලුනත් කම්මුල් දිගේ බේරිලා යන්නත් කලින් ටේහ්යුං ඒව පිහිදාගෙන තමන්ටම තරවටු කරගත්තේ ජන්කුක් එනකං අඩන්නේ නෑ කියලා... ඒත් එයා දිගටම ඇඩුවා...

'කුකී මේ බොරුවක් නේද? මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ උනේ? ඔයා ගාව මොකටද කම්පැනි එක ජෝයන්ග් අන්කල්ට ගන්න ලියකියවිදි තියෙන්නේ? ඔයා ඒ තිරිසනා එවපු කෙනෙක් නොවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා... මොකද එහෙම උනොත් මට දරාගන්න බැරි වෙයි... ඔයා ඇයි මේ වගේ දෙයක් ලග තියාගත්තේ? ඇයි ඔයාට බැරි උනේ ඇත්ත මට කියන්න... ඔයා මට ඇත්තටම ආදරෙයිද කූ... මගේ රත්තරන් ඔයා ඔයාගේ ටේට ඇත්තටම ආදරෙයිද? ඔයත් මාව දාල යයිද කූ... මේක ගැන කියලා මං බැන්නොත් ඔයත් මාව දාල යාවිද? ඒත් මට දැනගන්න ඕනා මොකක්ද උනේ සහ වෙන්නේ කියලා... ඔයා මොනවද මගෙන් හංගන්නේ? මගේ ජීවිතේට එකපාරම ඇවිල්ලා, මාව පිස්සෙක් කරලා ඔයා මොනවද බලාපොරොත්තු උනේ?'

අඩලා අඩලා මහන්සියට ටේහ්යුං ජන්කුක්ගේ ඇදුමක් බදාගෙනම නිදාගත්තා... ඒත් ටේහ්යුං උදේම නැගිට්ටා...

උදේ ජන්කුක් ජිමින්ලට සමු දීලා කිම් මැන්ශන් එකට ආවා... මුණ ගැහුණ හැමෝටම 'Good morning' කියලා ආචාර කරපු ජන්කුක් දුවගෙන ගියේ ටේහ්යුංව බලන්න... මොකද දැන් ටේහ්යුං පුම්බගෙන ඉන්න හැටි එයාට මැවිල පෙනුනා... ටේහ්යුංගේ මූණ මැවෙන වෙලාවල් වල හිනා යන ජන්කුක් අදත් හිනාව කාගෙනම දොර ඇරින්න ගියා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now