chapter 18

1.3K 272 13
                                    

"තමුන්ල කවුද? ජෝයන්ග්ගේ මහ ලොකු සෙට් එකද ආ..." ජිමින් ඇහුවේ එහා පැත්තේ තුවක්කු ලෝඩ් කරගෙන කලු වෙස්මූණු දාගෙන ඉන්න දෙන්නගෙන්... එයත් එක්ක නම්ජූන් අනිත් පැත්තේ තුවක්කු ලෝඩ් කරගෙන උන්නා... ඒත් නම්ජූන් ජිමින්ට කවර් වෙලයි උන්නේ...

"හියුන් ඔයා යන්න මට පුලුවන් මේ දෙන්න ගැන බලාගන්න" ජිමින් නම්ජූන්ව තවත් කවර් කර ගන්න හැදුවත් නම්ජූන් ඉස්සරහට ආවා... ඒත් එක්කම වගේ එහා පැත්තේ උන්න දෙන්නා නම්ජූන්ගේ මූණ දැක්කම තුවක්කුව පහතට දැම්මා...

"කිම් නම්ජූන් ඔයා මොනවද මෙතන කරන්නේ?" කලු පාට ෆේස් මාස්ක් එක ගලවන ගමන් යුන්ගී ඇහුවම ජිමින් ඇරෙන්න නම්ජූනුත් තුවක්කුව පහතට දැම්මා...

"මට මතකයි ඔයා මිස්ටර් ජෙයොන්ලගේ ගෙදර උන්නා එහෙමනේ" නම්ජූන් කිව්වාම හොබිත් මාස්ක් එක ගැලෙව්වා... ජිමින් නම් මාරුවෙන් මාරුවට දෙන්නට තුවක්කුව හරවනවා...

"ඕක පාතට දාන්න ජිමින් මං මෙයාලව දන්නවා..." නම්ජූන් ජිමින්ගේ උරහිසෙන් අත තියලා සංඥා කරාම ජිමින් තුවක්කුව පහතට කලා...

"ඔයාද පාක් ජිමින්?" යුන්ගි ඇහුවේ පොටෝ එකකින් දැකලා තිබ්බ මතකෙට...

"ඔව්... කවුද හියුන් මේ? අනික ඔයාලා මොනවද මෙතන කරන්නේ?" ජිමින් ඇහුවාම හැමෝම තැන් තැන් වලට හේත්තු උනා... නම්ජූන් නම් ඉක්මනට අදාල ඒවගේ පොටෝ ගහ ගත්තා...

"ඔයා අපිට කිව්වෙ නෑනේ ඔයා ජෝයන්ග්ගේ තැන ගැන දන්නවා කියලා..." හොබී ඇහුවේ සැකෙන් වගේ...

"ඔයාලා ඇහුවෙ නෑනේ... අනික මං කිව්වනේ මං ජෝයන්ග්ගේ ඩොකියෝමන්ට්ස් කොපීස් එහෙම ගත්තා කියලා..." නම්ජූන් දිගටම එයාගේ වැඩේ කරගෙන ගියා... ජිමින් නම් යුන්ගී දිහා කන්න වගේ බලාගෙන හිටියා... නම්ජූන් මොනව කිව්වත් එයාට යුන්ගිව නම හිතට ඇල්ලුවේම නෑ...

"මං දිහා ඔහොම බලන්න එපා... ඔයාගෙ මහ ලොකු හියුන් කිව්වා ජෝයන්ග්ව අල්ලගන්න උදව් ඕන කියලා ඒකයි- පොඩ්ඩක් ඉන්න ඔයා ටේහ්යුංනුයි, නම්ජූනුයි දෙන්නවම ආශ්‍රය කරනවද?" යුන්ගි ප්‍රශ්නයක් කලා...

"ටේහ්යුං දන්නෙ නෑ මං හියුන්වත් අදුරනවා කියලා... ටේහ්යුංට මං තොරතුරු දෙන්නේ හියුන් එක්ක එකතු වෙලා හොයාගෙන..." යුන්ගිගේ ප්‍රශ්නෙට ජිමින් අවංකවම උත්තර දුන්නා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now