chapter 12

1.2K 288 70
                                    

"නම්ජූන් පුතා මේ ඔයාමද?" මිස්ටර් ජෙයොන් ඇහුවේ කුතුහලයෙන් එයා ඉස්සරහා ඉදන් ඉන්න නම්ජූන්ගෙන්... නම්ජූන් ලස්සනට හිනා උනා...

"අන්කල් හුග කාලෙකින් නේද?" නම්ජූන් ආපිට ඇහුවාම මිස්ටර් ජෙයොන්ට සතුටට කදුලු ආවා... නම්ජූන් ජෝයන්ග් එක්ක ඉන්නවා කියලා දැන ගත්තාම ජෙයොන් ගොඩක් දුක් උනා මොකද නම්ජූන්ව බලාගන්න බැරි උනා කියලා... එයාලා බලාපොරොත්තු උනේ ඉස්සර වගේ නැතුව නම්ජූන් නපුරු, නරක කෙනෙක් වෙලා ඇති කියලා... ඒත් නම්ජූන්ගේ අවංක හිනාව එහෙම නෙවෙයි කියලා ජෙයොන් වගේම හැමෝටම පැහැදිලි කලා...

"පුතා ඔයා අන්ක-

"ජෙයොන් අන්කල් මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනා" ජෙයොන් ජෝයන්ග් ගැන අහන්න ගියත් නම්ජූන් එයා ආව කාරණාව කිව්වා...

"තමුන්ගේ අන්කල්ගේ ව්‍යාපාරෙට අත හිත දෙන්න කියන්න නම් ආවේ අන්න තියෙනවා දොර ගියෑහි ඔයාට" ජින් රවාගෙන එහෙම කිව්වා මිසිස් ජෙයොන් ජින්ගේ ඔලුවට ගැහුවා...

"ජින් ඔයා ඇත්තටම ගොඩක් ලස්සන වෙලා..." නම්ජූන් ජින්ට කිව්වාම ජින්ගෙ ඇස් ලොකු උනා... යුන්ගී, හෝසොක් දෙන්නා සූස් ගාලා අදිද්දී ජින්ට ලැජ්ජ හිතුනා...

"ඔමෝ ඔමෝ බලන්නකෝ හියුන් රතු වෙලා" හෝසොක් කිව්වාම හැමෝම හිනා උනා ජින් නම් කට්ටියටම රවලා නම්ජූන් දිහා බලලා අහක බලා ගත්තා...

"අන්කල් මේකයි මං හිතනවා ඔයා අපේ අන්කල් කවුද කියන එක දන්නවා ඇති කියලා..."

"ඔව් දන්නවා පුතා..."

"මට ඔයාලගෙන් උදව් ඕන කරනවා අන්කල් ජෝයන්ග්ගෙන් අපේ කම්පැනි එක ගලවගන්න... එයා එයාගේ පාතාලේ වැඩ වලටත් කම්පැනි එකේ නම යොදාගෙන ගොඩක් අවස්ථා වල පැන ගෙන තියෙනවා ඉතින් මට ඕන ඒක එයාගෙ බාරයෙන් අරගෙන මටයි ටේටයි බාරගන්න" නම්ජූන් කිව්වේ ගොඩක් බරපතල විදිහට... නම්ජූන්ගේ වචන වලින් පවා හැමෝම උද්යෝගිමත් වෙනවා...

"පුතා මොකක්ද කරන්නේ?" ජෙයොන් ඇහුවේ කුතුහලයෙන්... අනිත් හැමෝමත් කුතුහලෙනුයි ඉන්නේ...

"මං ජෝයන්ග් ලග උන්නේ එයාගේ වැඩ ගැන දැනගන්න... එයා අප්පගේ අන්තිම කැමැත්තයි, බිස්නස් එකේ ඩොකුයිමන්ට්ස් ගොඩකුයි හංගගෙන ඉන්නේ... මං දවසක් ඒක කියෙව්වා... අප්පා කම්පැනි එක ජෝයන්ග්ට කිසිම වෙලේක දීල නෑ" නම්ජූන් විස්තරේ කිව්වම හැමෝම කලබල උනා... ජෝයන්ග්ට නෙවෙයි නම් බාරකාරත්වය දීල තියෙන්නේ කාටද?

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now