chapter 5

1.5K 288 54
                                    

ජෙයොන් මැන්ශන් එකේ අද ටිකක් කලබලකාරී ස්වභාවයක් ගත්තා... ඒකට හේතුව අද උදේ මිස්ටර් ජෙයොන්ගේ ලොකු පුතයි, ලගම යාලුවෙක් උන හොසොකුයි ආව විදිහ... හෝසොක්ගේ අත ටිකක් ගැඹුරට කැපිල තිබ්බා ඒ වගේම ජින්ට එද්දී සිහියත් නෑ එයාගේ මුලු ඇගම නිල් පාටට හැරිලා... හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

ටේහ්යුංගේ පස්සෙන් ජන්කුක්ට යන්න බැරි නිසා ජන්කුක් ජින්ටයි, හෝසොක්ටයි එයාගේ පස්සෙන් යන්න කියලා කිව්වා... ජන්කුක් බෙහෙත් අරගෙන යනවත් එක්කම ඉක්මනට නෝමල් ඇදුම් වලට මාරු උන ජින් හෝසොක් එක්ක ටේහ්යුංගේ වාහනේ පස්සෙන් ගියා... ජන්කුක්ව දාලා එයා බාර් එකට යයි කියලා බලාපොරොත්තු උනත් ටේහ්යුං බාර් එකට නොගිය නිසා සැක නොහිතන විදිහට ජින්, හෝසොක් දෙන්න ටේහ්යුංව ෆලෝ කරා...

ආවසානයේ ටේහ්යුං සෝල් වලින් පිට වෙලා බුසාන් වලට ආවා වගේම ජින්ලත් පස්සෙන්ම ආවා... බුසාන් වලත් ජනාකීර්ණ නොවුනු පලාතකට ආව ටේහ්යුං එක ලොකු බංගලාවකට ගියේ ජින්ලා එයාලගේ වාහනේ බංගලාව ගාව නතර කරලා තාප්පෙන් පැනලා බංගලාවට හොරෙන් ඇතුලු වෙද්දී... ඒත් ඉතින් ජනාකීර්ණ නොවුනු පලාතක් උනත්, ටිකක් විතර පරණ බංගලාවක් උනත් ඒකේ ආරක්ෂාව ටේහ්යුංගේ මැන්ශන් එකේ ආරක්ෂාවටත් වඩා හොදට යොදලා තිබ්බා...

හොරෙන් ඇතුල් වෙන්න ගියපු දෙන්නට අවසානයේ තඩි බොඩිගාඩ්ලා වගේකින් ගුටිත් කාලා අතකුත් කපාගෙන තමයි ගෙදර එන්න උනේ... දෙන්නටම නැගිටගන්නවත් පනක් නැති නිසා රෑ වාහනේම ඉදලා උදේ තමයි එයාලා ආපහු ගෙදර ආවේ... ජන්කුක් ජින්ට කතා කරත් පෝන් වැඩ නොකලේ එයාලා උන්න පැත්තට සිග්නල් අහු නොවුන නිසා...

"පුතාලා දැන් කෝමද ඔයාලට?" මිස්ටර් ජෙයොන් ජින් හෝසොක්ගෙන් ඇහුවාම මේවා සාමාන්‍ය දේවල් උන ඒ දෙන්නා බේත් දැමමට පස්සේ පරණ විදිහටම හොදින් උන්නා...

"කෑවයින් කෑවෙ නෑ අන්කල් මෙහෙම කෑමක්... තාමත් ඒ තඩි සෙට් එක නෙලනවා වගේ මට නම්" ජෝක් එකට හෝසොක් එහෙම කිව්වත් ඒ කතාව සම්පූර්ණ ඇත්ත කියලා ජින්, හෝසොක් දෙන්න නම් දැනන් උන්නා...

"අප්පා කාගෙද ඒ බංගලාව? මේකයි අපිට ඊයෙ ටේහ්යුංව මග ඇරුනනේ.. කිසි දෙයක් හොයාගන්න බැරි උනා... පස්සෙ ආපහු යන්න ඕනා" කන්නාඩියෙන් නිල් වෙලා ඉදිමිලා තියෙන කම්මුලක් අල්ලගෙන ජින් කිව්වා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now