chapter 14

1.3K 287 42
                                    

"ජන්කුක්.." ටේහ්යුං ජන්කුකගේ එහා පැත්තේ ඇල වෙලයි උන්නේ... ටේහ්යුංගේ කාමරේ ටේහ්යුංගේ ඇදේ දෙන්න දෙපැත්තට වෙලා නිදියන් උන්නත් ටේහ්යුං ජන්කුක්ගේ පැත්ත හැරිලා කතා කරා...

"හම්..." ජන්කුක් ඇස් වහගෙනම උත්තර දුන්නා...

"අපි කිස් කලා..." ටේහ්යුං කියනකොටම ජන්කුක් ගැස්සිලා වගේ ඇස් ඇරියා... ටේහ්යුංට ඒක මතක ඇති කියලා ජන්කුක් හිතුවේ නැහැ...

"ඔයා ඒකට අකමැතිද?" ගැස්සුනත් නිශ්ශබ්ද ජන්කුක්ගෙන් ටේහ්යුං ඇහුවේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් උනත් ටේහ්යුං ජන්කුක් මුකුත් කිව්වේ නෑ... එයාට ලැජ්ජයි...

"ජන්කුක් ඔයා ගේද?" ටේහ්යුං අන්තිමට ඇහුවාම ජන්කුක් උබට පිස්සුද කියලා අහන්න වගේ අනිත් පැත්ත හැරුනා... දැන් ඇදේ කොනවල් දෙකේ ටේහ්යුංනුත් ජන්කුකුත් මූණට මූණ බලාගෙන ඉන්නවා...

"මං ගේ නෙවෙයි... ඇයි ඔයා එහෙම ඇහුවේ?" ජන්කුක් ඇහුවාම ටේහ්යුංගේ ඇස් ටිකක් විතර දීප්තියෙන් අඩු උනා... එයා බලාපොරොත්තු උනා වෙන්න ඇති මං ගේ කියල හරි එහෙම විශේෂයක් නෑ කියල හරි ජන්කුක් කියයි කියලා... ඒත් ජන්කුක් කිව්වේ ගේ නෙවෙයි කියලා විතරයි...

"ඔයා ගේද?" ජන්කුක් ඇහුවේ ඇසුත් ලොකු කරගෙන... ඒ ප්‍රශ්නේ අස්සේ තිබ්බ ජන්කුක් සතුට ටේහ්යුංට නොපෙන්වා ඉන්න ජන්කුක්ට පුලුවන් උනා...

"මං ගේ නම් නෙවෙයි මං බයි" මුලින් ගේ නෙවෙයි කියද්දී මූණ ඇකිලුනත් බයි කියද්දී ජන්කුක්ට සතුටු හිතුනා... ටේහ්යුං එයාගේ කර ගන්න පුලාන් දැන් එයාට හුම්!

"ඔයා ආදරය කරන කෙනෙක් ඉන්නවද ජන්කුක්?" ටේහ්යුං ඇහුවේ ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන ගමන්... මොකද එයාට නිදිමතක් නෑ...

"ඔව් එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා ඉතින්" ජන්කුක් ටේහ්යුං වගේම හෙඩ් බොඩ් එකට හේත්තු උනා...

"අහ්"

"අප්ප, ඔම්ම, හියුන්ලා තුන් දෙනා, තව මගේ බව්වට, තව එහා ගෙදර තියෙන අඹ ගහට, කෑම වලට, ආ සල්ලි වලටත් ආදරෙයි තව... වතුරටත් ආදරෙයි ඒව නැත්නම් මං මැරිලනේ ඉතින් තව තියෙනවා ඔයාට තව ඕනද?" ජන්කුක් එක හුස්මට කියාගෙන කියාගෙන යද්දී ටේහ්යුංට හිතුනේ ඇයි මං මුගෙන් මෙහෙම දෙයක් ඇහුවේ කියලා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now