chapter 15

1.2K 279 50
                                    

"ජන්කුක් ඔය වාහනෙන් බැහැල එන්න ලමයෝ..." ජන්කුක් ටේහ්යුංගේ වාහනේ බදාගෙන ඉන්නවා දැකපු ටේහ්යුං ජන්කුක්ට කතා කරා...

"ටේහ්යුං සර් ඇත්තටම ඔයාගෙ වැඩකටනේ අපි ආවෙ මං ඕන නෑ... ඔයා ගිහින් එන්න මං මෙතනට වෙලා මේ වාහනේ බලාගෙන ඉන්නම්" ඇතුලට ගිහින් මොන මොන වින්නැහි වෙයිද කියලා බය උනු ජන්කුක් යන්න බෑ කියන්න ඊයේ ඉදන් කොච්චර බොරු කිව්වත් ටේහ්යුංට ඕන උනේ ජන්කුක්වත් එක්කගෙන යන්න නිසා ටේහ්යුං ජන්කුක්ව එක්කන් ආවා බලෙන්ම...

"ජන්කුක් වාහනේ බලාගන්න කවුරුත් ඕන නෑ අර බලන්න මෙහේ ආරක්ෂාවට කට්ටිය ඉන්නවා අනික වාහනයක් ගන්න බැරි කෙනෙක් නෙවෙයි මං මෙන්න මෙහෙ එනවා"

"ඒත්- හයියෝ අදින්න එපා මං එන්නම්... මහම මහ නපුරෙක් ඔයා නම්" ජන්කුක්ව ඇදලා එලියට අරගෙන අතින් ඇදගෙන ටේහ්යුං ජන්කුක්ව මිස්ටර් ජෙයොන්ලගේ ගෙදර දොර ලගටම ආවා... ජන්කුක් තාමත් පැනල දුවන්නමයි බලන්නේ... හතර වටේටම ඇස් යව යව තමන්ව මාට්ටු වෙන මොනවම හරි දෙයක් තියේද කියලා ජන්කුක් ගොඩක් සෝදිසියෙන් උන්නා... හැබැයි ඩෝ බෙල් එක ගැහුවම ඒක ඇරගෙන එලියට ආව කෙනාව දැක්කම ජන්කුක්ට තරු විසි උනේ ඕනම කරන දේ අමතක උන නිසා...

"මේක මි-
ටේහ්යුං කතා කරන්න ගියත් ඊට කලින් ඉකමන් උනු සේවිකාව ටේහ්යුංට පිටි පස්සෙන් උන්න කෙනා අදුරගත්තා... ඉක්මනට ආචාර කරන්න ගියත් ජන්කුක් ඔරවලා බලපු නිසා එයා නැවතුනා...

"පොඩි බේබි-

"අහ්
ටේහ්යුං කල්පනා කරේ එයාට මෙහෙදී ඇයි පොඩි බේබි කියන්නේ කියලා... ඒත් ඒක ගැන අහන්න කලින් එතනට ජන්කුක්ගේ ගැලවුම්කුරයෙක් ආවා...

"උබ ආවද? ඔහ් මෙයාද මේ ඔයා කිව්ව ජන්කුක් කියන්නේ... හායි ජන්කුක් මං ජිමින්, පාක් ජිමින් ටේහ්යුංගේ හොදම යාලුවා" ජිමින් ජන්කුක්ට අතට අත දුන්නේ හොද හුස්මක් පිට කරලා...

"හායි ජිමින් සර්, මං ජන්කුක් ටේහ්යුං සර්ගේ පෞද්ගලික සේවකයා" ජන්කුක් හිනා වෙලා කිව්වා...

"ඔහ් මං දන්නවා... මොකද මෙයා අපේ දිහා ආව වෙලේ ඉදන් කියවන්නේ ඔයා ගැ-
ජිමින් ගම කන්න යන්නේ කියලා තේරුන නිසා ටේහ්යුං ජිමින්ගේ කට වහලා එයාලා දිහා බය වෙලා බලන් ඉන්න සේවිකාවට කතා කලා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now