chapter 32

1.3K 287 26
                                    

"බලාගන්නවා එයා මගේ" හොබීට චැලේන්ජ් කරපු ටේහ්යුං ජන්කුක්ගේ තොල් වලට බර වෙලා දීර්ඝ හාදුවකට මුල පිරුවා... ජන්කුක්ද දවස් ගානක් මිස් උන ටේහ්යුංගේ තොල් එයාගේ තොල් වලින් උරන්න පටන් ගත්තා... දෙන්නට දෙන්නා නොදෙවෙනි විදිහට කිස් කරද්දී අවට උන්න තුන් දෙනා ෆ්‍රී ෆිල්ම් එකක් බලනවා වගේ කටත් ඇරගෙන බලාගෙන උන්නා...

එකපාරටම කෙනෙක් අත්පුඩි ගහනවා ඇහෙද්දී ටේහ්යුං ජන්කුක් ඈත් වුනා... ජන්කුක්ගේ තොල් වලින් ඈත් උන ටේහ්යුං කවුද මේ වගේ හොද මොහොතක අත්පුඩි ගහන්නේ කියලා බලද්දී තමයි මුලු මූණම හිනාවකින් පුරෝගෙන විසිල් එකකුත් ගහලා ආපහු අප්පුඩියක් ගහන හොබීව දැක්කේ... ටේහ්යුංට ඇත්තටම 'මේ මොකද මේ' කියලා අහන්න හිතුනත් හොබීගේ බූත වැඩ නිසා එයාගේ කට ලොක් වෙලා වගේ...

"අනේ ඕක නතර කරන්න හියුන්, මට ලැජ්ජයිනේ" ජන්කුක් ටේහ්යුංගේ පපුවට තුරුල් වෙන ගමන් හොබීට කිව්වා... හොබී "ඒනම් ආපහු දෙන්න සෙට්" කියලා තවත් විසිල් එකක් ගැහුවා... ටේහ්යුං නම් පුදුමෙනුත් පුදුම වෙලා... ඇයි දෙවියනේ තමන්ගේ කොල්ලව කලින් කොල්ලා කිස් කරද්දී කවුද විසිල් ගහලා, අප්පුඩි ගහලා චියර් කරන්නේ ඒකට...

"ජන්කුකී මොකක්ද මේ වෙන්නේ? මට තේරුම් කරන්න" මුකුත් තේරෙන්නේ නැති තැන ටේහ්යුං ජන්කුක්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඇහුවත් එයාට හම්බුනේ නම් ටිකක් රිදෙන උත්තරයක්... ටේහ්යුංට දැන් තමයි දේවල් දැන ගන්න ඕන උනේ කියන එකට තරහ ගියපු ජන්කුක් අත දිග ඇරලා ටේහ්යුංගේ ඩික් එකට පාරක් එල්ල කලේ ටේහ්යුං කෙදිරි ගාගෙන බිම වැටෙද්දී...

"හොද වැඩේ... ඔය ශොට මදි" ජින් පැත්තක ඉදන් ටේහ්යුංට එරෙව්වා...

"තමුන්ට දැන්ද උන දේවල් අහන්න මතක් උනේ ගොන් බූරුවා... තමුසෙට මං කියන්න අච්චර උත්සාහ කරද්දී මට බැනල තල්ලු කරලා ගෙදරිනුත් දොට්ට දාලා දැන් එනවා මොනවද උනේ කියලා අහන්න... දෙන්න හිතෙනවා හදට වැටෙන්න මෝඩ හරක" ජන්කුක් ටේහ්යුංට දබර ඇගල්ල දික් කරලා හොදට බැන්නා... ටේහ්යුං නම් තාමත් රිදුම් දෙන එයාගේ සාමාජිකයා අල්ලගෙන බිම ඇඹරෙනවා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now