chapter 8

1.3K 303 16
                                    

එකපාරට ටේහ්යුං ගැස්සිලා ඇහැරුනේ එයාගේ බෙල්ලේ කවුරුහරි මූණ අතුල්ලනවා තේරෙද්දී... ටේහ්යුං ඇස් වහගෙනම කල්පනා කලේ එයා ඊයේ කාත් එක්ක හරි අර වැඩේ කලාද කියලා... ඒත් ටේහ්යුං මතක් උනේ අවසාන වතාවටත් එයා දැක්කේ ජන්කුක්ගේ මූණ විතරයි කියලා... හෙමීට එක ඇහැක් ඇරලා ඉස්සිලා ටේහ්යුං බැලුවේ එයාට එහා පැත්තේ ඉන්න කෙනා දිහා...

ජන්කුක් වෙනදා නොලැබෙන උණුහුමකට ගුලි වෙලා ඉන්න ගමන් සනීපේ වැඩි කමට ටේහ්යුංගේ බෙල්ලේ එයාගේ මූණ ඇතිල්ලුවා... ජන්කුක් එයාගේ තුරුලේ නිදාගෙන ඉන්න විදිහ දැක්ක ටේහ්යුං ලාවට හිනා වෙලා ආපහු වතාවක් කොට්ටෙන් ඔලුව තියාගෙන ජන්කුක් දිහා බලාගෙන උන්නා... ජන්කුක් ගොඩක් ලස්සනයි ඇත්තටම එයාගේ ලස්සන කොල්ලෙක්ට තියා කෙල්ලෙක්ටත් පිහිටන්නේ කලාතුරකින්... ජන්කුක් ලිප් බාම් යූස් කලාට මේකප් දැම්මේ නෑ... එයා ඇත්තටම ලස්සන කොල්ලෙක්... ටේහ්යුං හිතේ හැටියට ජන්කුක්ව රස වින්දා...

ටේහ්යුං එයාගේ දිග ඇගිල්ලක් ඊයේ එයා හපල දාපු ඒ තොල් උඩ එහෙ මෙහේ කරා... එයා දන්නෙ නම් නෑ හැබැයි ඒ තොල් ඉදිමිලා තියෙන්න හේතුව... ජන්කුක්ගේ තොලෙන් පටන් ගත්ත ඒ ඇගිලි නහය, ඇස් දක්වාම ටේහ්යුං අරගෙන ගියා... කම්මුලක් සිනිදුවට අත ගෑව ටේහ්යුං ටිකක් පහත් උනේ ඒ කම්මුලකට එයාගේ තොල් තියන්න... ඒත් ටේහ්යුං ලං වෙද්දිම ජන්කුක් ටිකක් දැගලුව නිසා ටේහ්යුං ඈත් උනා... ජන්කුක් ඇස් අරින්න හදන්නේ කියලා තේරුන ටේහ්යුං නිදි වගේ ඉන්න උත්සාහ කලා... ඒත් එයා දන්නෙ නෑනේ ජන්කුක් ඇහැරුනේ ටේහ්යුංටත් කලින් කියලා...

"ටේහ්යුං සර්-
ජන්කුක් ටේහ්යුංට කතා කලාම ටේහ්යුං නිදි වගේ ඉන්න උත්සාහ කලා... ඒත් එයාගේ හාට් බිට් එකයි, හුස්ම ගැනීමේ වේගෙයි නම් එයාට පාලනය කර ගන්න බැහැ... ටේහ්යුං ඇස් ඇරලා බැලුව නම් එයාට පෙනේවී එයා දිහා බලාගෙන හිනාවෙන ජන්කුක්ව... ඒත් ඉතින් ටේහ්යුං ඇස් තද කරලා වහගෙනම උන්නා...

"මං විශ්වාස කරා ඔන්න ඔයා නිදි කියලා..." ජන්කුක් එහෙම කිව්වාම ටේහ්යුං මෙච්චර වෙලා චප්ප වෙන සයිස් එකට වහගෙන උන්න එයාගේ ඇස් දෙක ඇරලා බැලුවා... ජන්කුක් හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා ඒත් ඒ ලස්සන හිනාව ටේහ්යුංගේ බොරු රගපෑම අතේ මාට්ටු උන බවට අගවන හිනාවක්... ටේහ්යුංට මොනා නැතත් ඒක නම් හොදටම තේරුනා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now