chapter 26

1.2K 287 19
                                    

දවස් දෙකක පස්සේ ජන්කුක් ඇහැරුනා... තුවාල හොද වෙමිනුත්, හදවත තාමත් පෑරෙමිනුත් ජන්කුක් ඇදෙන් නැගිට්ටේ සිද්ධ උන දේවල් එකම චිත්‍රපටයක් වගේ ඇස් ඉස්සරහා මැවි මැවී පෙනෙද්දීමයි...

"අප්පා, ඔම්මා..." ජන්කුක් අමාරුවෙන් පඩිපෙල බහින ගමන් මිස්ටර් ජෙයොන්ලට කතා කලා...

"කෝමද අරූ ඔයාට මෙහෙම දෙයක් කලේ? මං ඕකව මරනවා ඇත්තමයි..." ජන්කුක් අමාරුවෙන් පඩි බහිනවා දැක්ක ජින් දුවගෙන ඇවිත් ජන්කුක්ව වාරු කරගත්තා... කොච්චර වලි දාගත්තත් ජින් ජන්කුක්ට ගොඩක් ආදරෙයි...

එදා ජන්කුක් ලේ වලින් නෑවිලා, සිහි නැතුව ආව වෙලේ හැමෝටම වඩා හයියෙන් කෑ ගහලා ඇඩුවේ ජින්... ජන්කුක්ට සිහිය එනකං මේ දවස් දෙකේම ජන්කුක්ව බලාගත්තේ ජින්... ඒ වගේම කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව ජන්කුක්ට කෑ ගහපු ටේහ්යුංව මරලා කීතු කීතු කරන්න තරම් තරහකිනුයි ජින් උන්නේ... ජන්කුක්ව වාරු කරගෙන ජින් කට්ටියම උන්න තැනට එක්කගෙන ගියා...

"මෙන්න අපේ වීරයා නැගිටලා එනවා" මිස්ටර් ජෙයොන් ජන්කුක්ට විහිලු කරා... අප්පට එරෙව්ව ජන්කුක් හෙමීට වාඩි උනා...

"අන්කල් වූශික්-
ජන්කුක් ඉදගෙන හෙමීට වටපිට බලද්දී තමන් දිහා හිනා වෙලා බලාගෙන ඉන්න වූශික්ව දැකලා කලබල උනා... වූශික් කොහොමද ජන්කුක්ගේ ගෙදර ඉන්නේ?

"ජන්කුක් සර්ට දැන් නම් අඩුයි වගේ නේද ජෙයොන් සර්?" වූශික් ඇහුවාම ජන්කුක් තව තවත් පුදුම උනා...

"මතකද කුක් මං ඔයාට දවසක් කිව්වා අපේ අප්පව විශ්වාස කරන්න හොද නෑ කියලා... දන්නවද වැඩක් මෙයා මාර ගේමක් අපිටත් හොරෙන් දීල තියෙන්නේ..." ජින් මිස්ටර් ජෙයොන්ට ඔරෝ ඔරෝම කිව්වා...

"සොරි ජන්කුක් සර්, ඇත්තටම මං ඔයාව දැනගෙන උන්නේ ඉපදෙන්නත් කලින් ඉදන්මයි" වූශික් කිව්වාම ජන්කුක්ගේ ලුක් එක ජන්ශොක් වගේ උනා... මිස්ටර් ජෙයොන්ට නම් ජන්කුක්ව දැකලා හොදටම හිනා...

"මොනවද කියන්නේ? අන්කල් කියන්නේ ඔයා මේ මං කවුද කියන එක දන්නවා කියලද?" ජන්කුක් අහද්දී වූශික් ඔලුව වැනුවා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now