chapter 7

1.4K 311 38
                                    

"මට වමනේ යන්න එනවා ඉක්මනට ඇතුලට යමු" ටේහ්යුං ජන්කුක්වත් ඇදගෙනම වගේ එයාගේ කාමරේට ගියා... හයියෙන් දොර වැහුව ටේහ්යුං ජන්කුක්ව ඇදගෙන ඇවිත් ඇදට තල්ලු කරාම ජන්කුක්ව විසික් වෙලා ගිහින් ඇදේ මෙට්ටෙ මත නතර උනා... උන දේ තේරුම් ගන්න බැරුව ජන්කුක් තාමත් බය වෙලා වගේ ටේහ්යුං දිහා බලාගෙන ඉන්නවා... ඉක්මනට ජන්කුක් ලගට ලං උන ටේහ්යුං ජන්කුක්ගේ ඇගට උඩින් ඇගට නැග්ගේ ජන්කුක්ගේ අත් දෙක එයාගේ තනි අතකට හිර කරලා ඔලුවට උඩින් තද කරලා තියාගෙනමයි...

"සර්-" ජන්කුක් කතා කරන්න ගියත් ටේහ්යුං ජන්කුක්ගේ තොල් වලට ඇගිල්ල තියලා නිශ්ශබ්ද වෙන්න කියලා ඇගෙව්වාම ජන්කුක් නිශ්ශබ්ද උනා... ටේහ්යුං එයාගේ ඇගිලි ජන්කුක්ගේ තොල් වල එහාට මෙහාට අරගෙන ගියා...

"සිනිදුයි" ටේහ්යුංගේ කටින් එහෙම දෙයක් පිට උනාම ජන්කුක්ගේ හදවතේ සද්දේ පිටතට ඇහෙන තරම් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා... ටේහ්යුංගේ ඇගිලි තමන්ගේ තොල් උඩ එහෙ මෙහේ දග කරද්දී ජන්කුක්ගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ කියලා තේරුනා... ටේහ්යුංනුත් ජන්කුක්ගේ සොෆ්ට් ලිප්ස් නිසා පිස්සු හැදිලයි උන්නේ...

"ඔ-යා හ-රිම ව-ද-කාරයෙක් ජන්කුකී... ක-ලින් ම-ට මො-නා උනත් ක-කමක් නැති නිසා ම-ට ආ-රක්ෂා කරන්න දෙ-යක් තිබුනේ නෑ... ඒ-ත් ඒ-ත් දැන් ම-ට ආරක්ෂා කරන්න දෙ-යක් තියෙනවා... ඒ ඔ-ඔයාව... ඔ-යා බය උනාද අ-ර ජරා මිනිහා කිව්ව කතාවට... බ-ය වෙන්න එපා මං ඉන්නකං එයාට බෑ ඔයාට අතක්වත් තියෙන්න... ඔයා මගේ- මේ මගේ- මගේ පුංචි කරදරකාරයා-" ටේහ්යුං සිහියත් අසිහියත් අතර ඉදගෙන කිව්වේ එයාගේ හදවතේ ගැඹුරුම තැනක තිබ්බ හැගීමක්... ටේහ්යුංට ඕන උනා ජන්කුක්ව එයා ගාව තියාගෙන බලාගන්න... ටේහ්යුං ජන්කුක්ව බලා ගන්නවා අනිවාර්යෙන්ම...

ජන්කුක්ගේ ලිප්ස් අල්ල අල්ල උන්නු ටේහ්යුං හෙමීට එයාගේ ඇස් දෙක ඒ බෝල ඇස් දෙකත් එක්ක යා කලා... ඒවගෙන් කියවෙන හැගීම තේරුම් ගන්න පුලුවන් මානසික තත්වයක ටේහ්යුං මේ වෙලාවේ නෑ... ඒවා දිලිසෙනවා ඒ කදුලු වලට නම් නෙමෙයි... ඒ ඇස් දිහා බලාගෙනම ටේහ්යුං හෙමින් හෙමින් ජන්කුක්ගේ තොල් ලගටම එයාගේ තොල් අරගෙන ආවා... ජන්කුක්ගේ කටෙන් සැර ඇල්කොහොල් ගදක් ආවත් ඒත් එක්ක මිශ්‍ර වෙලා මින්ට් සුවදකුත් ආවා... ඒක එහෙම වෙන්න ඕනා ජන්කුක් හැම වෙලේම ගාන්නේ මින්ට් සුවද ලිප් බාම්නේ...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now