1st chapter

512 83 13
                                    

එපා .. හ්..

හහ්... ආයිශ්... මගෙ ඔලුව...

වැඩක් නෑ.. කොච්චර කරත්... මාව හැමදාම නොමර මරන , මගේ නින්ද උදුරගන්න ඒ හීනෙ.. අදත් මම දැක්කා.. මම නිකමට වගේ ඔරලෝසුව අරන් බැලුවා.. හරි.. වෙන්දා වෙලාව ම යි.. 12.19යි.. මගේ වාසනාවන්ත අංකෙ 1219 කියල අපේ අම්මා කිව්වා.. හිනාත් යනවා.. ඇයි අනේ මට මේ හීනෙ පේන්නෙ ම මේ වෙලාවට.. නෑ.. හීනෙ පේන්නෙ නෙවේ.. මේ හීනෙ නිසා මම ඇහැරෙන්නෙ මේ වෙලාවට.. කොච්චර සැප පහසු ඇඳක් තිබ්බත් වැඩක් නෑ.. මොකද මට සැප නින්දක් නම් ලැබුන කාලයක් මතක නෑ..

උල් දත් දෙකක්... මිනීමස් කන රතු තොල් දෙකක්.. රතු ඇස් දෙකක්.. එච්චරමයි මට පේන්නෙ.. ඒ මුනවත් මම හරියට මේ වෙනකම් දැකලා නෑ.. ඒ කට අරිද්දි එන මිනීකුනු ගඳ.. ඒ දත් විලිස්සද්දි වැක්කෙරෙන අලුත් ම අලුත් ලේ.. වැම්පයර්.. ඔව් මට මතක් කරේම අර කතා පොත්වල මම බලපු ෆිල්ම් වල හිටපු වැම්පයර් ලා.. මම හිතන්නෙ මම ඒ තරම් මේ ප්‍රබන්ධ ෆිල්ම් වලට කතා වලට ඇබ්බැහි වෙලා.. ඒත් අනේ මන්දා.. ඇයි මට මේ හීනෙ හැමදාම පේන්නෙ.. අම්මා මට කිව්වා  මම පොඩි කාලෙ වවුල්ලුන්ට බයයි කියල.. ඔව් ඉතිම් බයයි තමයි.. මේ හීනෙන් පේන වවුල් මිනිහටත් බයයි...

ඔයා ම හිතන්න ඒ හීනේ එක දවසක් දැක්කා නම් කමක් නෑ. දැන් මාස 9ක් හැමදාම අමාවක දවසට වගේම පුර දවසට මට මේක පේනවා.. මේ වෙලාවට.. මම හිතන්නෙ මගේ අතින් එදා නොදැනුවත් ව ම වුන වැරැද්ද නිසා වෙන්න ඕන.. හරියටම මීට මාස 9කට කලින් අමාවක දවසක. හඳ පායන්නැති දවසක මම යාලුවො එක්ක ක්ලබ් ගිහින් එද්දි පාළු පාරක දි පොඩි කොල්ලෙක් හැප්පුනා.. එදා මගෙ අම්මා ලෙඩ වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා.. අවංකව ම එදා ඒ තිබ්බ හදිස්සියට මට ඒ කොල්ල දිහා බලන්න බැරි වුනා.. මම ටිකක් මත්වෙලා හිටපු නිසා ඇත්තට ම එහෙම දෙයක් කරන්න සිහියක්වත් තිබ්බෙ නෑ.. මම ඊට පස්සෙන්දත් ඒ පාරෙ ආවා.. ඒ සිහියෙන්.. මට මැවිලා පෙනුනද මන්දා.. ඒ ලමය එදත් පාර මැද හිටියා.. ඒත් වාහනෙන් බැහැල බලද්දි ඒ ළමයා හිටියෙ නෑ.. මීදුමත් වැඩි වුන නිසා ඉක්මනට මම වාහනේට නැගල ගියා.. හිතේ බයක් තිබුනා.. චකිතයක්.. හොල්මන් ගැන අහල තිබ්බට දැක්කෙ නෑ.. ඒ වගෙම මම විශ්වාස කරේ නෑ.. විශ්වාස කරන්නත් බැ... මොකද මම වෛද්‍යවරයෙක්.. කායික ගැටලු සම්බද වෛද්‍යවරයෙක්.. මම ඉගෙන ගත්තුවා බොරු නෙවේ.. ඇත්ත.. ඒත් ඒ කොහේවත් මම හොල්මන් ගැන අහල තිබ්බෙ නෑ.. ඒව බොරු ප්‍රබන්ධ විතරයි.. අපෙ අම්මා නම් කියනව ඇහිලා තියෙනව හොල්මන් කියල ජාතියක් ඉන්නවා කියලා.. පොඩි කාලෙ හරි ආසාවෙන් හොලමන් කතා ඇහුවලු.. mirror කියල horror film එකක් බලල මම පොඩිකාලෙ කන්නාඩියෙන් මුන බලන එකත් නැවැත්තුවලු.. හරිනෙ .. පොඩි කාලෙ මොනව දන්නවා කියල ද? අපේ අම්මා නම් කියන්නෙ මම ලොකුවෙන්න ලොකුවෙන්න  මගෙ ඔලුව ලොකු වැඩි වුනාලු.. අනේ මන්දා ඉතිම්.. මම නම් දකින කම් තියා දැකල්වත් විශ්වාස කරන්නෑ.. විශ්වාස කරන්නෑ නෙවේ   මගේ හිත පිලිගන්නෙ නෑ . හොල්මන් කියන්නෙ හෙල්ලෙන මනස.. මට ඒ කොල්ලා පේන එක සාධාරණයි.. මොකද මගේ අතින් වුනේ වරදක්නෙ..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now