ආහ්ක්... මගේ ඔලුව...
ඇස් දෙක ඇරගන්නවත් බැරි තරමට ඇස් දෙක බරයි.. මුලු ඇඟම තලා දාල වගේ.. එ මදිවට ගඳ.. පුස් ගඳයි.. දිය සෙවෙල් ගඳයි.. කොහොම වුනත් මම ඇස් අරිනකොට හිටියෙ.. කළුවර තැනක.. කෑලි කපන්න පුලුවන් අන්දකාරය මගේ වටෙව් තියෙනකොට නහයට දැනුන දියසෙවෙල් සහ පරන පුස් ගඳ ඇරෙන්න වෙන මොකුත් ඉන්නෙ කොහෙද කියන එකවත් හිතාගන්න බැරි වුනා.. කොහොම වුනත් මම ඉන්න තැන හරිම සීතලයි.. බිමත් තෙතයි.. මම ඉන්නෙ බිම කියන එක මම ටිකක් වෙලා යද්දි මට තේරුනා.. ටික ටික ඇස් දෙක හුරු වෙද්දි මගේ ඔලුවෙ පිටිපස්සෙන් ආපු වේදනාව එක්ක මට නැගිටගන්න බැරි වුනා..
මොකක්ද මේ ඔලුවෙ ඔතල තීන්නෙ..
ටක් .. ටක්.. ටක්...
ඒ එක්කම මට ඇහුන අඩි සද්දෙ එක්ක මම ආයෙ නිදි වගේ හිටියා..
ඌ මගේ ගොදුරක්.. අතක් තියන්නවත් හිතන්නෙපා.. තේරුනා ද?
ඒත් අල්ලගත්තෙ මම..
උබ දන්නවද ඒ කවුද කියලා? නෑනෙ.. ඌ තමයි මෙච්චර කල් මම හොය හොය හිටපු කෙනා.. ඉතිම් උබ කියන්නෙ ඌව මම උබට දෙන්න ඕන කියල ද? එතකොට මම පලිය ගන්නෙ කොහොම ද?
පලිය? මගෙන්? දෙයියනේ.. මේ මගෙන් පලි ගන්නෙ මොන එහෙකට ද? මුන්ට වැරදීමක්.. අනේ දෙවියනෙ ඒ කියන්නෙ.. මේක ද මගෙ අවසානෙ. ලියෝ... ඔයා කොහෙද?අනේ මාව බේරගන්න.. ප්ලීස්.. මාව මේ මිනිස්සු මරන්න හදන්නෙ . මම කාටවත් වරදක් කරල නෑ.. ඔයාගෙ චන්ගා කාටවත් වරදක් කරල නෑ නේ ද ලියෝ?
මම කොහොම ද එහෙම අහන්නෙ ලොකුම වරද මම එයාට කරල තියෙනව වෙනකොට..ඒත් මට තේරෙන්නෑ. කාටවත් පලි ගන්න තරම් වරදක් මම කරල නෑ මට වුනා ඇරෙන්න.. මේ කවුරුවත් දන්නෑ මට වුන අසාදාරනෙ.. එක අතකින් මැරිල යන එක හොඳයි . මොකද මම කොහොමත් ඇතුලින් මැරුනු මනුස්සයෙක්..මම මගේ ජීවිතේ නැති කරගන්න හදපු වාර අනන්තයි . ඒත් බෑ.. එයා ලබෙයි එයා ආයෙ හම්බෙයි කියන බලාපොරොත්තුව මාව ජීවත් කෙරෙව්වා..
දන්නවද මරනෙ කියන්නෙ මහ වේදනාවක්..
මගේ ජීවිතේ නැති කරගන්න මම බාල්කෙ එල්ලෙන්න හැදුවා.. ඒත් තොන්ඩුවට බෙල්ල තියද්දි අනේ මට මැරෙන්න බෑ ජීවත් වෙන්න ඕන කියන එක දැනුනා.. මම ජීවිතේ නැති කරගන්න සිලිකන් බිව්වා.. ඒත් අන්තිමට වමනෙ කරවන්න මම නොකරපු දෙයක් නෑ.. මොකද ඒව බිව්වට පස්සෙ මට ඕන වුනා ජීවත් වෙන්න.. ඉතිම් සියදිවි නසා ගැනීම තරම් දඬුවමක් තවත් නෑ.. තව ටිකකින් මැරෙනව නේ ද කියල මතක් වෙනකොට හිතෙනකොට මැරෙන්න තිබ්බ ආසාව ජීවත් වෙන්න ආසාවක් බවට පත් වෙනවා.. ඒත් හදිස්සියෙවත් බාල්කෙට බෙල්ල තියපු වෙලාවෙ මම නැගපු පුටුව ගැස්සිලා ගියා නම් අද මම නැති වෙන්න තිබ්බා.. මට අහුවුනේ සිලිකන් නැතුව වෙන මොනව හරි ලොකු වස ජාතියක් නම් මම අද නැති වෙන්න තිබුනා.. මට ඒ වෙලාවෙ ඒ වේදනාව දැනුනා වගේ තමයි.. ජීවත් වෙන්න ඕන වුනා වගේ තමයි එක එක හේතු වලට ජීවිතේ දාල යන්න හිතන අයත්.. එයාලටත් අන්තිම මොහොතෙ හුස්ම ටික යන මොහොතෙ ජීවත් වෙන්න ඕන වුනා.. ඒත් එයාල පරක්කු වැඩියි..
YOU ARE READING
vampire love (Yizhan Ongoing)
Fanfiction❤️ආදරේ කියන්නෙ ලබාගැනී ම ම නෙවේ කියල ඉගෙන ගත්තෙ උබෙන් මං... උබට මාව මරන්න පවා පුලුවන් වුනා.. හැබැයි මම උබෙන් පලිගන්නෑ.. ඒත් උබෙන් ඈත් වෙනවා... සදහට ම... ඔව්.. හැමදාට ම... 💚මම මෙ අත් වලින් ද එයාව මැරුවෙ... ඒත්... එත්... මට එයාව මරන්න ඕන වුනා.. ඇයි ද...