12th chapter

185 37 3
                                    

ඒයි පොඩි කොල්ලා.. ඔහොම නවතිනවා..

කොල්ලොන්ට චිට් කෑලි දෙන්න මෙතන.. උබ මොකා වුනත් මට වැඩක් නෑ.. අද උබව ඉවරයි... හහ්.. හිතුවද සතුට වැඩි කමට මට අමතක වෙලා කියලා.. ඉරිසියාව කියන්නෙ කලාවක් නම් ඒකෙ පිකාසො මම තමයි.. ඉරිසියා කරන්න මට කියාදෙන්න ඕන නෑ.. විශ්වාස කරන්න එයා සිංදුවක් කිව්වත් ඒකෙ වචනයක් අල්ලන් හරි මම ඉරිසියා කරාවි.. දුක් වේවි.. මම දන්නෑ ඒක හරිද වැරදිද කියලා.. ඒත්.. මට බෑ.. මට ඉරිසියා කරන්න ඕන.. ඒකෙන් ලැබෙන දුකත් හරි සනිපයි...සසායි.. ම්ම්ම්..  වරෙන් වරෙන් මෙහාට..

ජන්ගා... අම්මොහ්.. කොහෙද ඒයි හිටියෙ.. ? හැමතැන ම හොයනවා..

යීබෝ...

හරිනෙ.. ඔය කරේ.. ඔන්න කරා වැඩක්.. එක්කන් එන්න ඕන ගමනක් නම් හොරා එනව ද? යස්ස පැටියා.. දැන් අර චිට්කාරයා යවන්න කියල ද?බෑනෙ.. බෑනෙ..  ශිට්..

ඔයා මොකට ද ආවෙ? මම එන්නම් බෝ යන්න..

ආ හරි ශෝක්.. මම කොහේ හරි නොකිය ගියොත් බලන්න ඕන කෑ ගැහිල්ල.. අල්ලපු ගෙදර ඉන්න මැගී ඇන්ටි පරාදයි.. එයාට හොඳයි..

මේ යකාට තේරුම් කරනවට වඩා හොඳයි වහ ටිකක් බොන එක.. උබ ඉඳින්.. කට වහන් හිටපන්.. නොකිව්වා කියන්නෙපා.. නලවන්නෑ  ආ..

මේ මොන...

ශ්... කටවහන් කියන්නෙ කට වහන්.. කට හෙලෙව්වොත් හිත හදාගන්න දත් නැතුව බත් කන්න..

එයා එතනට ආපු කේන්තියට ම මම එයාට සැර කරනකොට තව මොකෙක්ද මාස්ක් කාරයෙක් එක්ක අර චිට් කොල්ල ඇවිත් තිබුණා..

මම එන්න කිව්වෙ ඔයාට විතරයි.. මොකද තනිකම් දෝසෙ ද?

ඇයි යකෝ.. තනියම එන්න බැරි එකෙක්.. මුගෙ පෙනුමට නම් පොඩි කොල්ලෙක්.. වෙයිශූන්ගෙ නංගිගෙ වයසෙ වෙන්න ඕන.. ඒකිට කියන්න ඕන මූ එක්ක යාලු වෙලා බූට් එක තියන්න කියලා.. මේ යකා මොකද මේ බිම බල බල හිනාවෙන්නෙ.. ආ මගේ බෝට පේන්න ද කොහෙද..

යීබෝ.. මගේ පිටිපස්සට වෙනවා.. ඇඟෙන් කෑල්ලක් හරි පෙනුනොත් හම ගහනවා..

බෝ යන්නැති නිසාම මම එයාව මගේ පිටිපසට්ට තල්ලු කරා.. තල්ලු කරලා දෙපැත්තෙන් චප්ප කරන්න වගේ තැලුවා.. ඇයි වදේ..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now