3rd chapter

267 72 10
                                    

ආහ්...ක්... මම ... ම්හ්...ම්.. මේ කොහෙද ඉන්නෙ..?

තද ඔලුවෙ කැක්කුමක් එක්ක මම ඇරගන්න බැරි ඇස් පියව පියව අරින්න ගත්තා.. හැමදේම බොඳ වෙලා.. ඒ වගේ ම පුරුදු නැති වටපිටාවක්... අහ්හ්හ්ම්ම්.. මියුසික් සද්දෙකුත් ඇහෙනවා...... යාන්තම් මම ඇස් දෙක ඇරගත්තා... පෙයිශී.. කෝ මූ? මම පෙයි ශී හොයන්න නැගිටින්න හැදුවත් බැරි වුනා...ඇඟ තලා දාලා වගේ.. අමාරුවෙන් අමාරුවෙන් මම නැගිට්ටා..

පෙයි ශී.. ආඅහ්... ඔලුව.. පෙයි ශී... අනේ මගේ ෆෝන් එක... ෆෝන් එක හොයද්දි තමයි දැක්කෙ මගේ ඇඳේ ම එහා පැත්තෙ පෙයි ශී ඉන්නවා . මට තාමත් හිතාගන්න බෑ මේ කොහෙද ඉන්නෙ කියලා.. ක්ලබ් එකේ.. ඔව්.. තාම ක්ලබ් එකේ.. වෙලාව කීයද.. හප්පටසිරි 12.30යි.. මෙච්චර වෙලා.. අනික මේ මොකක්ද වුනේ මට... මොකක්ද වුනේ කියලා කල්පනා කරාට මතක් වුනෙ නැති නිසා.. මේ ක්ලබ් එකේ කොහේද ඉන්නෙ කියල දැනගන්න කියල හිතාගෙන ඇඳෙන් බහින්න අඩිය බිමට තිබ්බා විතරයි.. මගෙ කකුලට සෙවල වගේ දියරයක් පෑගුනා..

ඊහ්...ක්.. මොනාද පෑගුනෙ..?

මම ෆෝන් එකේ ටෝච් එක පත්තු කරන් බැලුවා...

ලේ....

ලේ තියෙන්නෙ කොහොමද මේ කාමරේ? ඒ එක්කම කාමරෙ වහල තිබුන දොර ගාවින් හෙවනැල්ලක් දැක්කා... කවුරු හරි එතනින් එහාට මෙහාට යනවා..

කවුද ඔතන..?

මම දොර ගාවට යන්න නැගිටල යනකොටයි දැක්කෙ ලෙ එක්ක ම අඩිපාරක්.. දොර ගාවට වෙනකම් තියෙනවා.. මම තාමත් ඇඳ ළඟ හිටගෙන වෙනකොට ඒ හෙවනැල්ල තාමත් එහා මෙහා යනවා..

මම හෙමීට දොර ගාවට කිට්ටු කරා.. දොර අරින්න තරම් හයියක් නෑ.. හොරෙක් ද මිනී මරුවෙක්ද දන්නෑ.. කාමරෙ ලයිට් එක දාලත් බෑ.. ඒ කොහොම වුනත් මම ෆෝන් එකේ එලියෙන් ම කන්නාඩි මෙසෙ තිබ්බ ලාච්චුව ඇරල බැලුවා..

ආහ් මේ තියෙන්නෙ.. කතුරක්..

ඒක අරගෙන ලාච්චුව වහල කණ්ණාඩිය දිහා බලද්දින් එක පාරට මම දැක්කා මගෙ පිටි පස්සෙ කෙල්ලෙක් ඉන්නවා..

මම කොච්චර ශොක් වුනා ද කියනව නම් කතුරත් මගේ අතින් බිම වැටිලා පපුවට අත තියවුනා.. ඒ කෙල්ල නිකම් නෙවේ ඉන්නෙ.. ඇඟේ කිසිම ඇඳුමක් නැතුව.. මගේ දිහාවට අතත් දික් කරන්..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now