13th chapter

240 33 5
                                    


වෙනද නැති අලුත් උනුහුමක් එක්ක ම මූනට වැටුන පලවෙනි හිරු කිරණත් එක්ක නැගිට්ට මම දැක්කෙ මගෙ පපුව උඩ ඔලුව තියාගෙන ඉන්න මගෙ කොල්ලව.. පින්න මලක් වගේ දැක්කත් සිරියාවයි.. ඇත්තමයි අනේ.. වෙනද මම තනියම බලපු මගේ කාමරෙන් පේන ඒ උදේක ලස්සන මට අද එයා එක්ක බලන්න පුලුවන්.. මට ඕන වුනෙත් ඒක .

"වස්තුව... දොයි ද තාම?"

"ම්හ්....ක්ක්ක්ක්ක් ම්ම්ම්..."

නිදිවිකාරෙන් වගේ කෙඳිරි ගාන එයාව මම තවත් තුරුල් කරන් හාදු වැස්සක් දුන්නා...

"ම්ම්ම් මෝනින් එනර්ජි එක ද ජන්ගා පපා..?".

"අලුත් නමක් ද මැනික?"

"ම්ම්ම්ම් ඔයා මගේ ජන්ගා පපා"

"දන්නව ද ඔයාගෙ ජන්ගා පපා ඔයාව හම්බුනාට පස්සෙ මුලින් ම කරන්නෙ මොකක්ද කියලා.. '

"ම්හ්...ම්..."

"උදේ ඔයාගෙ ගුඩ් මෝනිම් මැසේජ් එකෙන් නැගිටින මම හැමදාම මෙතනට ඇවිත් උදේ මේ ඉර පායන හැටි... අර පිනි බිංදු එලියට පන ගහල දිලිසෙන හැටි. එතකොට අර..."

"අනේ ජන්ගා.. අන්න අරගොල්ලො.. අනේ.. අනේ මට.. අනේ මට මට.. අනේ අනේ.. අනේහ්.. ඕන ඕන ඕනියෝ... මට ඕනියෝ.."

නෑ.. නෑ.. කොහෙත්ම නෑ.. මට කියන්න උනේ නෑ මං හිතන්නෙ මම තනියම කියවල වගේ.. අපරාදෙ මගෙ පරිසර වර්නනාව දෙයියනෙ.. තාරාවො ටික දැක්ක මේ පොඩි යකා අත් දෙකත් උස්සන් මට ඕනියෝ ගාගෙන දිව්වා..

"පොඩ්ඩෝ.. මොකෝ මේ ? කොහෙ ද කොහෙද ඔය වටෙයි දරුවො..?"

"යකෝ.. මූට තියෙන විසයක්.. අපෙ එකාටම ගැලපෙන්වා.."

"අනේ මමා.. මමා තාරාවො.. අනේ ඕන ඕන.".

මමාල හිටපු නිසා ලැජ්ජාවෙන් වගේ දුවන් ගිහින් නතර වුන එයා එතන ඉඳගෙනත් ඇබරි ඇබරි ඉන්නකොට මම හිතුවෙ අවංකව ම ලැජ්ජ හිතිලා කියලා.. ඒත් මං හිතන්නෙ මම වැරදි..ටිකක් නෙවේ..ගොඩක් වැරදි.. උන්දගෙ ලැජ්ජාව කපල දාල.. ඔව් ආයෙම ගිහින් මමාගෙ කරේ එල්ලුනා තාරාවෝ ඕන ගගා.. මමාත් අරකව එල්ලගෙන ගියේ තාරාවො ඉන්න තැනට..

ඒකට මාව ඕනෙත් නෑ..

බොහොම අමාරුවෙන් මං ඒකව එතනින් එක්කන් ගිහින් ලෑස්ති කරවල අරන් එද්දි අම්මා කෑම මේසෙ හදල තියෙනකොට මිනිහගෙ එවෙලෙ නැති ලැජ්ජාව දැන් නම් නප්පෙටම ගහල තියෙනකොට මම බලාගෙන අම්මා හිනාව තද කරගෙන කතා කරනවා.. කෑම කාලා මායි එයයි යුනි එකට යද්දි ටිකක් පරක්කු වුනත් අද පොඩ්ඩක් විවේකි දවසක් නිසා අපිකට්ටිය ම එකට හිටපු වෙළාව වැඩි..

You've reached the end of published parts.

⏰ Last updated: Jun 30, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now