5th chapter

262 63 7
                                    

Zhan pov.

එදා ඉඳන් මම බලන් හිටියා . එයා මට කතා කරයි කියලා.. ඇත්තට ම මම එයාව දාලා ආවා.. ඒත් මගේ ආදරේ මට නවත්තන්න බෑ . කිසිම කෙනෙක්ට එයාට දීපු තැන මට දෙන්න බැරි වුනා.. දන්නවද ෆෝන් එකේ නොටිෆිකේශන් එකක් එන සද්දෙ එනකම් මම බලන් හිටියා.. වෙනදා මැසේජ් එකක් ආවත් වැඩි අවධානයක් දෙන්නැති මම ටින් ගාන සද්දෙත් එක්ක ෆෝන් එක බලනවා.. ඒ මොකුත් නෙවේ.. එයා මට මැසේජ් එකක් හරි දාල ඇති කියලා.. මගේ ෆෝන් එකේ රිගින්ටෝන් එක ඇහෙනකම් බලන් ඉන්නවා.. ෆෝන් එක වයිබ්‍රේට් වෙනකොට මාව වෙවුලනවා වගේ වෙනවා.. ඒ මොකුත් නෙවේ.. මම එයාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.. එක කෝල් එකක් හරි මැසේජ් එකක් හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකයි හේතුව.. ඒත් අවාසනාවට ඒක හීනයක් කවදාවත් හැබෑ වෙන්නැති බලාපොරොත්තුවක් විතරක් වෙනවා.. මම ඒක හරියට මල් පැලයක් වගේ වතුර ද දා බලාගන්නවා.. අදටත් . මට එයා කතා කරාවි කියලා.. උදේ නැගිටින්නෙ ම ඒ මැසේජ් එක ඇවිත් ඇති කියලා හිතාගෙන.. ඒත් මේ වෙනකම් එහෙම වුනේ නෑ.. මම ගිනි වතුර හලාගන්නෙ ඉල්ලගෙන ලෙඩ ගන්නෙ මට නින්ද දෙන්න කියලා.. එයා මතක් වෙලා රෑට ඇහැරුන්නැති දවසක් නෑ.. එදා ඉඳලා මේ වෙනකම් සැනසීමෙන් සතුටින් නිදාගත්තු දවසක් නෑ.. මගේ හිතේ මේ වේදනාව තෙල් කටාරමක පැහෙන ලාවා වගෙ.. ගින්දරයි.. රස්නෙයි.. වේදනාවයි...

දන්නෙ ම නැතුව එලිවෙලා තිබුනා.. ම්ම්ම් දැන් උදේ 6 විතර වෙන්නැති..

Ring ring..

ම්ම්ම් කෝල් එකක්..

හෙලෝ ගුඩ් මෝනිං..

........
මොකක්? මෙහේ? ඔයාට ශුවර් ද?
............

හරි මම බලන්නම්..
....
Call end..

අඩෝ පෙයි ශී.. බං... නැගිටපන්..

ම්ම්ම්.. මොකෝ බං මේ..

බං මිනිමැරුමක් වෙලා..

ආහ්ක්...අනේ බං ඇත්ත්ට ම ඕ වචනෙ අහන්නැතුව නැගිටින්න බැරිද බං අපිට..?

නැගිටපන්.. දැන් හොස්පිටල් එකෙන් කතා කරල කිව්වෙ . අපිට එතනට යන්න වෙනවා.. වැඩි දුරක් නෑ.. ඒක වෙලා තියෙන්නෙ මෙතන ම යි...

පෙයි ශී කිව්වා හරි..  මෙහෙට ආවත් හරි මාසයක් දෙකක් ඉන්න ඇති... දවස් දහයක් ගත්තොත් 5ක් උදේට නැගිටින්නෙ මිනීමැරුමක්.. අසාධ්‍ය ලෙඩෙක්.. එහෙම බැලුවම අපිට කවදාවත් සුභ ආරංචියකින් නැගිටින්න ම බෑ.. මිනිස්සුන්ගෙ ජීවිත එක්ක ඔට්ටු වෙලා නිදාගන්න තත්පරෙත් සැනසීමක් නැතුව නිදාගෙන ඇහැරෙනකොටත් මිනීමැරීමක් අතට අරන් නැගිටිනකොට මේ ජීවිතේ මොන කරුමයක් ද කියල හිතෙනවා..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now