9th chapter

172 47 7
                                    

හරි... පොඩි කෙල්ලෙ.. තමුන් මේ මෙතන තියෙන වයින් වීදුරු 10ම බොන්න ඕන.. මතක තියාගන්න.. මෙතන තියෙන වයින් වල විශේශතවයක් තියෙනව.. දන්නව ද? මේවයින් වීදුරු 1ක් නැත්නම් 2ක්...  ම්ම්ම්.. උපරිම 3යි.. ඩවුන්.. pear balssom

මත්පැන්..

ආහ් කොල්ලට තේරුනේ ඔය..

Buzui.. සල්ලි ඕන නෑ.  වරෙන් යන්න.. උබට පිස්සුද බන්.. වරෙන් යන්න..

යීබෝ.. මම කවුද ? මගේ නම කවුද ? He buzui.. මත්වෙන්නෑ කියන එක.. ආ.. ඒනිසා උබ බය නොවී ඉන්නකො..

හරී... මම ලෑස්ති...

හරි කෙල්ලෙ.. තත්පර 40යි.. ඒ තත්පර 40 ඇතුලත බොන්නත් ඕන.. නැත්නම් පඩි රහිතව මාස 3ක් තමුන් මට වැඩ කරන්න ඕන..

හා.... මම ලෑස්ති..

වෙයිශුන්.. අඩෝ.. අර බලාම්..

හම්මට.. අර කොටිච්චි නේද ඉන්නෙ?

යකෝ අපේ එකත් ඉන්නවනෙ.. හිටපන් අද මම..

හෝ හෝ.. ඔහොම ඉඳහම්.. යන්නෙපා.. බලන් ඉඳහම් ඉස්සෙල්ල මොකක්ද අර ඩබල කරන්නෙ කියලා..

පෙයි ශී වගේම වෙයිශුන් එක්ක මම ක්ලබ් එකට ආවෙ ගොඩක් කාලෙකින් එන්න බැරි වුන නිසා වගේම ඇතුලට එනවත් එක්කම හුරු පුරුදු රූපයක් දැක්ක නිසා එතන නැවතුනා.. අර පොඩි කෙල්ල මේ වයින් වීදුරු 10ම විනාඩි 40ක් ඇතුලත බොන්න ඕනලු.. ඒ මදිවට ඒ pear balssom ..වයින් නම් කමක් නෑ.. මත්පැන්.. ඉල්ලන් කනවා..

පලවෙනි වීදුරුව බිව්වා.. එතන අය වගේම මාත් ස්ටොප්වොච් ඔන් කරා.. තත්පර 4යි.. පලවෙනි වීදුරුව ඉවරයි.. දෙක තුන.., අන්තිම වීදුරු 2.. තව තත්පර 7යි තියෙන්නෙ..  අර කිව්ව විදියට වගේම ඒ මත්පැන් වල සැරට මේ වෙද්දි මේකිට කෙලින් හිටන් ඉන්න බැරි වෙන්න ඕන.. හරි 9ත් බිව්වා.. අන්තිම එක.. තත්පර 3යි , 2යි 1යි.. ඉවරායි...

ඒකි බිව්වා.. 10ම බිව්වා..

ම්ම්ම්.. මම දිනුම්.. එහෙනම්.. ම්ම් ම්ම්.. දෙන්න..

මේකි හෙන ම මැර පාට් එකෙන් මේසෙට බර වෙලා අත දික් කරා.. අප්පටසිරි...  කෙල්ලට වැදිලා වගේ.. සල්ලිත් අරන් නැගිටපු කෙල්ල වැටෙන්න ගියා.. යීබෝ කෙල්ලව අල්ලගත්තා වගේ ම ඒ කෙල්ල ක්ශනිකව කෙලින් වුනා..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now