4th chapter

253 66 7
                                    

එයා ගියා..

මගේ  නින්දත් උදුරන් ගියා....

ඒ ... ජානයා.. අඩෝ...හුහ්... යකෝව්... මොන ලෝකෙද ඉන්නෙ...?

ආහ්... මොකෝ බම්?

මොකක්ද බම් ඒ වුනේ?

මම දන්නෑ.. මාත් අහන්නෙ.. මොකක්ද ඒ වුනේ? මොනවද ඒ පොඩි කොල්ලා කියෙව්වෙ...

බොරු ඕන නෑ.. මට ඒ කටහඬ ලොකු හුරුපුරුදු බවක් දැනුනා.. එයාගෙ කටහඬ මට අතීතය මගේ ජීවිතේ ලස්සන ම කාලෙ මතක් කරා.. මට මතක් වුනේ මගේ පොඩි කොල්ලව... ඒ කටහඬ එයාගෙ වගේමයි.. ඒත් මේ ක්ලබ් බෝයි එයා වගේ නෙවේ.. මගෙ ලියෝ.. ඔයා හොඳින් නේද? ගොඩක් දේවල් වුනා... ඔයාට මාව මතකත් නැතුව ඇති නේද බබා? ඔයා කොහේද? ඔයා හොඳින් ද නැද්දවත් මම දන්නෑ.. මම දන්නෑ.. ඔයා නැතුව ඉන්නෙ කොහොමද කියල.. ඒත් මට ඔයාව වටිනවා.. ඔයා වෙනුවෙන් මට ඔයාගෙන් අයින් වෙන්න වුනා.. මම හිනාවෙලා ඉන්නෙ මගේ යාලුව පෙයි ශී ඉස්සරහ විතරයි... අනිත් අයට මම සීතල මනුස්සයෙක්.. හිතක් පපුවක් නැති මනිස්සයෙක් විතරයි.. උබ නිසා මම උන්මන්තකයෙක්.. මම නොකෙරු දෙයක් නෑ.. උබට ඒ අපරාදෙ කරපු හැම එකාව ම කෑලි කෑලි කැපුවා.. සයිකොකාරයෙක්.. උබ දන්නවද? අදටත් ඒ අපරාද රෑට හීනෙන් පේනවා.. දන්නවද මට උබව කවදාවත් උබේ ලස්සන බලන්න බැරි වුනා.. උන්උබේ මූන පවා ඇසිඩ් හලලා තිබ්බා.. උබ විරූපි.. හැබැයි මම ආදරේ කරේ උබේ රුපෙට නෙවෙ..   මම හිතුවෙ ඈතට වෙලා උබව බලාගන්න.. ආදරේ කරන්න.. ඒත්... උබ හිතුවා මම උබගෙ රූපෙ නිසා උබව දාල ගියා කියලා..උබ හිත හදන් මගෙන් ගියා.. උබ ඇත්තට ම සතුටින් ද?

ජාන්...

මම එයා ගැන හිත හිත රිදෙන්න ගත්තු මගෙ පපුව අල්ලගත්තා.. හැමදාමත් ඒ මතක මගෙ පපුවට වේදනාවක් ගේනවා..  මම පියවි සිහියට ආවෙ පෙයි ශීගෙ හඬත් එක්ක.. මම හිතන්නෙ ඌට නෝට්..

බං.. උබට පුරුදුයි වගේ ද බන්? මට ඒ කටහඬ ගොඩක් පුරුදුයි ජාන්.. ඒක මගෙ මල්ලිගෙ වගේමයි බං.. උන් මගෙ මල්ලිට මගෙ ඉස්සරහ බං ඇසිඩ් හැලුවෙ.. මම දන්නවා උබ කවදාවත් එයාව ඇත්තට දැකලා නෑ කියලා.. අඩුගානෙ එයා ලොකු වෙද්දි එයාගෙ ලස්සන බලන්න මටවත් බැරි වුනා බං.. උන් මගෙ පොඩි එකාට ඇසිඩ් හැලුවෙ අවුරුදු 5දි බං.. මගෙ අම්මා මගෙ පොඩි එකා වෙනුවෙන් උන්ට බිලි වුනා.. ඒ හැමදේම මට මතකයි ජානයා.. උන් ම තමයි අපිව අද මේ තත්වෙට පත් කරේ.. එහෙනම් ලෑස්ති වෙයම්..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now