14th Petal

234 102 14
                                    

3rd update for the day!!


Jungkook's POV


ඊයේ හවස් වෙනකන් ප්‍රැක්ටිස් කරපු හන්දද මන්දා මට අද උදේ එලාර්ම් එකටවත් නැගිටවෙන්නේ නැතුව නින්ද ගියා. උදේ නැගිටිනකොට මට හොදටම පරක්කු වෙලා කියලා දැක්කම මගේ ඔලුවට මුලින්ම මතක් උනේ කිම් කණු ටේයුන්ගේ කේන්ති ගිය මූන. එයා කොහොමත් මට උදේ ස්විමින් ප්‍රැක්ටිස් වලට ඉන්න දෙන්නේ නෑ කියලා දන්න හන්දා මම ප්‍රැක්ටිස් වලට යන්න ඕනේ නෑ කියලා හිතාගෙන හෙමින් ලෑස්ති උනා...

වෙනදට උදේ පාන්දර වගේ ඔම්මා අප්පාගේ එලාර්ම් එක නැති උනත් කිචන් එකේ බඩු සද්දෙන් එහේ මෙහේ වෙන්වා ඇහෙනකොට මම තේරුම් ගත්තා එයාලා දෙන්නා අදත් උදේ පාන්දරම මොකකට හරි මූණ එල්ලගෙන ඇත්තේ කියලා. වෙනදා වගේම මම ගණන් ගන්නෙ නැතුව හෙමින් හෙමින් ලෑස්ති වෙන අතරේ ස්පෝර්ට්ස් යුනිට් එකෙන් මට ඇවිල්ලා තියන මේල්ස් චෙක් කරා. පේරන්ට්ස්ලා ගෙන් අත්සන් කරන් එන්න කියලා තියන ඩොක්‍යුමන්ට් එක ප්‍රින්ට් වෙන්න දාලා මම බාත් රූම් එකට ගිහින් මහේ වැඩ ටික කරගත්තා.

සම්පූර්ණයෙන්ම ලෑස්ති වෙලා මම අතේ ඩොක්‍යුමන්ට් එකත් එක්ක පහලට එනකොට මම දැක්කා ඔම්මා මගේ ලන්ච් බොක්ස් එක හදලා තියනවා. මම ආයේ ඩයට් කියලා කියන්න ඕනේ උනත් මාස ගාණකට පස්සේ හම්බුන කෑම එක හන්දා මම මොකුත් කියන්නේ නැතුව ලන්ච් බොක්ස් එක බෑග් එකට දාගෙන ඔම්මා ලගට ගිහින් පෑනකුත් එක්ක මගේ ඩොක්‍යුමන්ට් එක දුන්නා.

"මේ මොකක්ද?"

"ඔම්මාගේ සයින් එක ඕනේ."

ඔම්මා වෙන මොකුත් ප්‍රශ්න අහන්නේ නැතුව කිචන් ටව්ල් එකෙන් අත පිහදාලා මගේ අතේ තිබ්බ පෑනෙන් ඩොක්‍යුමන්ට් වල මම පෙන්නපු තැන් වල අත්සන් කරා. ඔම්මාගේ අතින් පැනයි, කොල ටිකයි අරගෙන ඔම්මා හැම තැනම අත්සන් කරලා නේද කියලා බලලා ඔම්මාගෙන් අප්පා කොහෙද කියලා ඇහුවා. අතේ තිබ්බ වීදුරු පිගාන සද්දෙන් සින්ක් එකට දානකොට ඔම්මාගේ උත්තරේ තේරුම් ගත්ත මම අප්පාගේ ඔෆිස් රුම් එකට ආවේ දැන් අප්පා නිදාගන්නේ ඔෆිස් රූම් එකේ ඇදක් දාගෙන කියලා දන්න හන්දා.

ඔෆිස් රූම් එකට දෙපාරක් තට්ටු කරනකොට අප්පා ඇතුලට එන්න කියලා කිව්වම මම රූම් එක ඇතුලට ගියා. අප්පා මගේ දිහා හිනා වෙලා බලනකොට මම හිනා වෙලා අප්පාට ඇහෙන නෑහෙන ගාණට ගුඩ් මෝර්නින් කියලා කිව්වා. අප්පත් ගුඩ් මෝනින් කියනකොට මම මගේ අතේ තිබ්බ කොල ටික අප්පාට දුන්නා.

Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed Where stories live. Discover now