9th Petal

252 99 5
                                    

Jungkook's POV

 




මොනවද සුදු පාට?
කවුද එයා?

ප්‍රශ්න ගොඩක් මගේ හිතට එනකොට එක පාරටම ලෙක්චරර් මගේ නම කියනකොට මම පුටුවත් බිම පෙරලගෙන නැගිට්ටේ මාව අහු උනාම තමයි කියලා හිතාගෙන.

'ජන්ග්කුක් ජියොන්. ඔඩිශන් එකට මොන කැටගරි එකෙන්ද යන්න ඉන්නේ?"

"ආ.. ම්ම්. ඩාන්සින්."

"ඩාන්සින් ඔඩිශන් එක කවදද කියලා හොයලා බැලුවද?"

"න්-නෑ. "

"අද 12 ට ඔඩිශන් තියනවා ආකිමිඩීස් තියටර් එකේ. හැමෝටම එකින් එක කියන්න බෑ. ළමයි අහගන්න. ඩාන්සින් ඔඩිශන් ආකිමිඩීස් තියට එකේ. මියුසික් ඔඩිශන්... "

මම ඉතුරු ටික අහන්නේ නැතුව ආයේ ලස්සන මොනවද කියලා කල්පනා කරා. ජින් හ්‍යුන්ග් කියන එයා බැරි වෙලා වත් හ්‍යුන්ග්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ද කියලා හිතෙනකොට මට ලොකු ඉරිසියාවක් වගේ දෙයක් ආවත් මගේ හිත කිව්වා හ්‍යුන්ග්ට බෝයොෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ඇති කියලා. ඔව්. හ්‍යුන්ග්ගෙන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න පාටක් පෙන්නේ නෑ කියලා මගේ හිත හිතනකොට දවල් දොලහා වෙනකන් මම ඔහේ එක එක දේවල් කල්පනා කර කර හිටියා. ඒත් කොහෙන් ගියත් මම අන්තිමට නැවතුනේ ජින් හ්‍යුන්හ් ලග. ජින් හ්‍යුන්ගේ 'එයා' ලග.

ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවත් මම තියටර් එකට යන්න කලින් ජින් හ්‍යුන්ග්ට කතා කරලා එයාගේ පොත දෙන්න ඕනේ කියලා හිතුවා. වෙනදට හ්‍යුන්ග්ව හම්බෙන තැන මම ගොඩක් වෙලාවක් බලන් හිටියත් හ්‍යුන්ග් ආවේ නැති උනාම මම කුලිනරි ඩිපාර්ට්මන්ට් තියන පැත්තට ගියේ හ්‍යුන්ග්ව එහෙන් හොයා ගන්නවා කියලා හිතාගෙන. ඒත් මම ඩිපාර්ට්මන්ට් එක පැත්ත බලනකොට කිම් කණු ටේයුන් කුලිනරි ඩිපාර්ට්මන්ට් එක පැත්තේ ඉදන් එනවා දැක්කම මම ඉක්මනට එතනින් මාරු උනේ ආයේ මට එයා ඉස්සරහා ලැජ්ජා වෙන්න ඕනේ උනේ නැති හන්දා.

ආකිමිඩීස් තියටර් එක මට කලින් එක පාරක් වත් දකින්න හම්බුනේ නැති නිසා මම ආයේ  මැප් එකේ සොෆ්ට් කොපි එක බලාගෙන එහෙට මෙහෙට යන ගමන් හෝල් එක හෙව්වා. ඒත් මැප් එකේවත් ආකිමිඩීස් තියට එක නෑ කියලා මම හොයාගන්න කොට මාව ගිහින් කොහේ හරි පැටලුනේ බිමට වැටෙන්න උනත් මගේ මූණ බිම ඇනෙන්න කලින් කවුරු හරි මගේ ඉණෙන් අල්ලගත්තා කියලා මට තේරූනා. කවුද කියලා බලන්න ඔලුව ඉස්සුවම කිම් කණු ටේයුන් දැක්කම මගෙ කට බාගෙට ඇරුනේ එයා මාව අල්ලගත්ත හන්දද නැත්තන් ආයේ එයාගේ ඉස්සරහටම ආව එක ගැන ලැජ්ජාවේද කියලා මට වෙන් කරලා හිතාගන්න බැරි උනා.

Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed Tahanan ng mga kuwento. Tumuklas ngayon