දවස් දෙකක් යනකොට හැම website එකකම වොනුගෙයි සියොන්ගෙයි කතාව ගියා. ඇනෝනිමස් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදිහට සාක්ෂි දීපු සෙමිගේ කතාවත් එක්ක වොනූට වැරදි කියපු කැරට් ලා ගොඩක් එයාගෙන් සමාව අරගෙන තිබ්බා. හැම වෙලේම idols ලා ගේ වැරදීම හොයන්න ඉන්න කැරට්ස් ලා ගැන සෙමිට ඇතිඋනේ පුදුමාකාර කේන්තියක්. දකින පේන හැමදේම විශ්වාස කරගෙන බොරු දේවල් ලොකු කරන් නටන මිනිස්සු අපේ fandom එකෙත් ඉන්නවා නේද කියලා සෙමි කල්පනා කලා. එහෙම හිතලා ෆෝන් එක ළඟ තිබ්බ පුටුව උඩට විසි කරලා බැල්කනි එකට ගියේ මිස්ටි ට කෑම ටිකක් දාන්න.
💭💭Hmmm ඊයේත් ඇවිල්ලා නෑ?
මේ උන ප්‍රශ්න අස්සේ කෙල්ලට මිස්ටිව බලන්න බැරි උනා. ඒත් හැමදාම උදේට වැඩට යන්න කලින් බැල්කනි එකේ තියෙන බාජනේට අලුත් සීරියල් ටිකක් දාලා යන්න නම් අමතක කරන්නේ නෑ. ඒත් දවස් දෙකක ඉඳන් මිස්ටි ඇවිල්ලා තිබුණේ නෑ. මිස්ටිටත් කෙල්ලව එපා වෙලා කියලා කෙල්ල හිතනකොටම කෙල්ලට ඇහුනා පිහාටු ගහන සද්දයක්...
මගේ පැටියා.....
හරි පුරුදුකාරයෙක් වගේ කෙල්ලගේ උරහිසේ වැහුව මිස්ටි කුරු කුරු ගෑවෙ කෙල්ල නැතුව ගොඩක් පාලුවෙන් හිටියා කියන්න වගේ.
මම නැතුව ගොඩක් පාලුවෙන් ද හිටියේ මගේ පැටියෝ?????
තව කුරුකුරුවක් ඇහුනේ නිකන් මිස්ටි ඒකට එකඟ උනා වගේ.
මටත් එහෙමයි. ඔයා දවස් දෙක තුනකින් ඇවිල්ලත් නෑ නේ මෙහෙ. මොකෝ බලන්න යන්න වෙන කාවහරි හම්බුනාද??? අහ් මනමාලයා???
එතකොටම මිස්ටි වෙන තැනකට පියාඹලා ගියා. කෙල්ලත් ඒ දිහාවට හැරුනා එතකොට කෙල්ල දැක්කේ මිස්ටිගේ අමුත්තව.....
ඕහ් හෝ.... දැන් එහෙමත් එකක්ද... කවුද මේ අලුත් යාළුවා. දැන් මට තව සීරියල් දීලා යන්න වෙනවා නේද හෙට ඉඳන්..... ම්ම්ම්?????
මිෂ්ටියි එයාගේ අලුත් යාළුවයි දෙන්නම බැල්කනිය පුරා එහෙට මෙහෙට පියාඹාද්දි කලෙකට පස්සේ කෙල්ලට දැනුනා එයා සතුටින් ඉන්නවා කියලා. එතකොටම අලුත් යාළුවා ඇවිල්ලා එයාගේ අතේ වැහුවා..
YOU ARE READING
I will hug you........❤️
FanfictionDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️