KSC එකට තවත් කලබලකාරී දවසක්. අලුත් පාලනේ යටතේ කොම්පැණි එක හිතුවාටත් වඩා හොඳට ඉස්සරහට ගියා.
🧔🏻 සර් ඔයාට Visitor කෙනෙක් ඉන්නවා.
සේවකයෙක් ඇවිල්ලා CEO ට කිව්වා.
❓ මේ වෙලාවේ මම පොඩ්ඩක් busy. එයාව විනාඩි 10ක් තියාගන්න
🕵🏻 යා කුකුල් පැටියෝ මාව එළියෙන් තියන්න කියලද කිව්වේ තමුන්???
🧑🏻 නුනා~~~~~ මම කීපාරක් කියලා තියෙනවා ඒ නම කියන්න එපා කියලා මට.... අර්ග්.... ඔයා නම් මහා ඕනේ නෑ අප්පා...
🕵🏻 මගේ චූටි මල්ලිට ඕනේ නමක් කියනවා මම ඇයි මොකද?
🧑🏻 හරි හරි දැන් ආවේ මොකටද කියන්නකෝ. මම මේ දැන් මීටින් එකකට යන්න හැදුවා විතරයි.
🕵🏻 හරි හරි මට වැඩි වෙලාවක් යන්නේ නෑ. මම මේ ආවේ මම අද Siwon සම්චුන්ගේ රෙස්ටුරන්ට් එකට sign කරනවා කියන්න. ඔන්නි අන්තිමට තීරණේ කරලා එයාට ඒ බිස්නස් එක නැතිවෙන්න දෙන්න බෑ කියලා. මට උනත් ඕනේ අපි හැමෝගෙම දේවල් පරිස්සම් කරගන්න.
🧑🏻 මට තේරෙනවා.. හරි ඔයා යන්න නුනා... අද මිටින් එකේදි මම අර මෝඩයාව මරනවා. මට තේරෙන්නේ නෑ මෙච්චර දවසක් තාත්තා මොකට YK එක අර ගොනාට බාරදීලා තිබ්බද කියලා. කිසිම දෙයක් හරියට කරගන්න බෑ...
🕵🏻 කේන්ති ගන්න එපා සන්හ.... බැලුවොත් ඒ මනුස්සයා අපේ සහෝදරයෙක් නේ. අනික එයාගේ පොසිෂන් එක ඔයාට ලැබිලා එයාව පහළට වැටුණා කියලා දුකකුත් ඇති.
🧑🏻 මරු සහෝදරයා. හරි නම් ඌ මට ගරු කරන්නොනේ තමත් කොම්පැණි එකේ තියාගෙන ඉන්නවාට..
🧒🏻 සම්චුන්~~~~~~~~~~~~~~~
🕵🏻 යූජින්ආ...... මොකද ඔයා මෙතන කරන්නේ???? කෝ පපා????
🐰 මිඅන් යුහායා.... යූජින්ට සන්හාව බලන්න ඕනේ කිව්ව. මම එරී එක්ක කතා කරන තප්පරෙට මෙය තනියම දුවල ආවා.
එයාගේ අවුරුදු දෙකක් වයස පුතාවත් වඩාගෙන Shua කිව්වේ දෙන්නාවම අළු කරන්න වගේ මුණක් දාගෙන යූහා බලන් ඉද්දී..
YOU ARE READING
I will hug you........❤️
FanfictionDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️