Chapter 27💎

29 4 2
                                    

ඔයා මෙහේ???? අප්පච්චි?????

කෙල්ල අප්පච්චිට කතා කළාම අහල පහල හිටපු සෙට් එකම උඩගියා.. විශේෂයෙන්ම වොනූ.. කෙල්ලගේ තාත්තා මේ වගේ තැනකදී හම්බවෙයි කොල්ලා නිකමටවත් හිතුවේ නෑ. ඒත් කෙල්ලට නම් එයාගේ අප්පච්චි එයාව බලන්න ආපු එක කිසිම සතුටක් උනේ නෑ. ඒ නිසා එයා අප්පච්චි වත් ඇදගෙන කට්ටිය හිටපු තැනින් ඈතට ගියා.

🧔🏾 සෙමින්දි.... ඔයාට කොහොමද??? නිකමට වත් ඔයාගේ අප්පච්චිට කතා කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද ඔයාට??? අඩුම මාසෙකට සැරයක් වත්?

කෙල්ල අත් දෙකත් බැඳගෙන Mr. විජේසුරිය දිහා බලන් ඉද්දී එයා ඇහුවා.

ඒකට හේතුවක් මට පේන්නේ නෑ Mr. විජේසූරිය 😒

🧔🏾 මම ඔයාගෙ තාත්තා දරුවෝ.... ඔයාට එහේ පවුලක් තියෙනවා... මෙහෙම මේ රටකට වෙලා අනාථයෙක් වගේ ඉන්න ඕනේ කෙනෙක් නෙමේ ඔයා...

ඒක මගේ පවුල නෙමේ ඒක ඔයාගෙ පවුල... එතන ඉන්නේ මගේ අම්මාවත් මගේ සහෝදරයා වත් නෙමේ ඒ ඔයාගේ වයිෆුයි ඔයාගේ දරුවායි.. මට හිටියේ මගේ අම්මා විතරයි.. ඒ නිසා පවුල පවුල ගගා මට කරදර කරන්නේ නැතුව ආපහු ඔයා ගියොත් හොඳයි කරන්න ආපු වැඩේ කරගෙන..

🧔🏾 සෙමින්දී..මම ආවේ ඔයා එක්ක කතා කරන්න. අඩුම තරමේ ඒ අවස්ථාව වත් මට දෙන්න බැරිද ඔයාට???

කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න.. අනික මොන හයියකටද ඔයා මෙහෙම මං වැඩ කරන තැනට ආවේ?? මේක කම්පැනි එකකුත් නෙමේ ප්‍රයිවට් ප්‍රොපටි එකක්.. ඔයාට එහෙම හිතුන හිතුන විදිහට මෙහෙ එන්න බෑ... ඕනේ නම් ඔයාව මේ දැන්ම මෙතනින් එලියට දාන්න උනත් මට පුළුවන් දන්නවද??

🧔🏾 ඔයා මොන දේ කරත් එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා සෙමි... අනික මම ආවේ ඔයාට දෙයක් කියලා යන්න විතරයි...

හරි.. මොකද්ද ඒ???🤨

🧔🏾 ඔයාට ඉක්මනින්ම මේ රස්සාව නවත්තන්න වෙනවා.... මොකද මේක ඔයාගේ ජීවිතේට තර්ජනයක්. ඔයා නොදන්නවා උනාට මේ වෙද්දි කිදෙනෙක්ට ඔයා ප්‍රශ්නයක්ද කියලා ඔයා දන්නවද?

මොකක්??? මාව තර්ජනයක්??? මට තේරෙන්නේ නෑ ඔයා මේ කියන්න හදන්නේ මොකද්ද කියලා....

I will hug you........❤️Where stories live. Discover now