හැම අවුරුද්දේම වගේම එදත් yeouido park එක පුරාම cherry මල් පිපිලා තිබ්බා. Park එකේ අඩිපරාවල් ඔක්කොම වගේ මල් පෙති වලින් වැහිලා.
Daily schedule එක ඉවර කරපු Semi වෙනදා වගේම appartmemt එකට යන්න කලින් park එකේ ඇවිදින්න ගියේ හැම දමත් වගේ එයාගේ හිත නිදහස් කරගන්න පුළුවන් එකම තැන යොඉදෝ පාර්ක් එකේ නිසා.
කොරියාවට ඇවිල්ලා අවුරුද්දක් ගත උනත් තමන්ගේ රටින් වෙන් වෙලා ඉන්න එක ගැන එයාට තාම දැනෙන්නේ තනිකමක්. ඕනේ කෙනෙක් එක්ක කතා කරලා ඉන්න කෙනෙක් උනාට එක දෙයක් නිසා එයා දැන් මිනිසුන්ව ලන් කරගන්නේ හරි අඩුවෙන්. ඒ නිසා එයාට යාළුවෝ නම් අඩුයි. අවුරුදු 20ක් ගෙවපු ජිවිතේ අමතක කරලා අලුත්ම ජීවිතයක් පටන් ගන්න හිතාගෙනයි Semi කොරියාවට ආවේ. පරණ අත්දැකීම් අමතක කරන එක ලේසි දෙයක් නොවුනත් එයාගේ රස්සාවට එයාගේ තියෙන ආදරෙයි කැපවීම යි ඒ හැම දේම වෙනස් කලා.
ගොඩක් මහන්සි උනා දවසක් නිසා රෑ කෑම කන්න කලින් පොඩි කඩචෝරුවක් කන්න ඕනේ කියලා හිතුන නිසා park එකේ coffee shop එකෙන් එයාගේ ආසම Lotte chip choc cookie packet එකකුයි milkis ඒකකුයි අරගෙන cherry මල් අතරින් ඇවිදගෙන ගියේ එයාගේ ජීවිතේ ගැන කල්පනා කර කර.
එයාගේ කල්පනාව කොච්චර දුර ගියාද කියනවා නම් දන්නෙම නැතුව තව පොඩ්ඩෙන් bicycle track එකේ ආපු cyclist කෙනෙක් ගේ ඇඟේ හැප්පෙන්නැතුව බේරුණේ අනූනමයෙන්😂. දෙකට තුනට නැමි නැමි cyclist ට sorry කියන ගමන් එතැනින් ඉක්මනට මරු උනේ තව ටිකක් එතනම හිටියා නම් කන පිරෙන්න අහගන්න වෙන නිසා.
YOU ARE READING
I will hug you........❤️
FanfictionDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️