Chapter 16💎

38 5 67
                                    

සෙමි, එරී, යුහා තුන්දෙනාම ආපහු සෝල් වලට ආවා. යූහාත් සෙමි එක්කම එයාගේ බෝඩිමට ගියේ ඉස්පිරිතාලෙදී සෙමිගෙන් ලැබුණු බොහොම උද්යෝගිමත් අවසරේත් එක්ක.



ඔන්නි  මෙච්චර දවසක් කොහෙද හිටියේ??? දැන් මාසයක් කිව්වා නේද වැඩට ඇවිල්ලා??


සෙමි යූහාගෙන් ඇහුවෙ ඉස්පිරිතාලෙන් ගෙනාපු බඩු අස් කරන ගමන්.


අනේ.. ඔයාට ඒකත් මතකයි නේ. ඔව් දැනට මාසයක් විතර වෙනවා. මෙච්චර දවසක් හිටියේ මගේ Co-worker කෙනෙක් ගේ ගෙදර. එයා ලබන සතියේ මැරි කරනවා.🥲😌 ඉතින් මටත් යන්න එන්න තැනක් නැති උනා. 🥲🥲


අයියෝ ඒක ද ප්‍රශ්නේ... දැන් හරිනේ..... දැන් ඉතින් ඔයාට මාත් එක්කම ඉන්න පුළුවන් ඔයා කැමති තරම් කාලයක්... එහෙමත් නැත්තං ඔන්නිත් මැරි කරනකම් 😂😌



අනේ අනේ මේ කෙල්ල... ඊට කලින් මට වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒ ටික ඉවර වෙනකම් මට මං ගැන හිතන්න බෑ..... ඒක නෙමේ...ඔයා කොහොමද මෙහෙට ආවේ.. මම කියන්නේ වෙන රටකට එන්න හිතුනේ ඇයි ඔයාට???



ඒක ටිකක් දිග කතාවක් ඔන්නී......ඔයා දැන් ඉන්නේ මෙහෙනේ... මම හෙමින් හෙමින් ඔයාට මගේ කතාව කියන්නම්.... අනික මේ වෙලාවේ ඔයා මාත් එක්ක ඉන්න එක සෑහෙන්න වටිනවා මට...



ඕක මොකද්ද... ඔයයි මට උදව්ව කලේ මේ වෙලාවේ. නැත්තං මට පාරේ තමා ඉන්න වෙන්නේ😂



කොහොමත් දැන් පාරට යන්න වෙනවා....


ඒ මොකෝ ඒ..



ඇයි අපි දෙන්නා රෑට බඩගින්නේද ඉන්නේ???😂 රමෙන් පැකට් එකක් වත් නෑ ගෙදර...



😅 අහ් ඒකනේ.. යන් යන් දැන් නම් සෑහෙන බඩගින්නක් එන්නේ.



මෙහෙම හිනා වෙවි කෙල්ලෝ දෙන්නා බඩු අස් කරලා කෑම ගන්න එලියට ගියා.




🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️







Seventeen ලා සෝල් වලට ආවට පස්සේ එක දිගටම සති දෙකක් promotion තිබුණා. ඒ නිසා වොනුටත් වෙච්ච දේවල් ගැන කල්පනා කරන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. ඒ අතරේ සෙමීත් පුරුදු විදිහටම වැඩට ගියා.  ඒත් එයාට උනත් පරණ දේවල් හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. කොටින්ම කිව්වොත් හැමෝගෙම ජීවිත සාමාන්‍ය අතට හැරුනා කිව්වා නම් හරි.



I will hug you........❤️Where stories live. Discover now