"අත දෙන්න.." Beach එකට ආපු ගමන් ජන්කුක් තමන්ගේ අත ටේහ්‍යුන්ග්ට ට දිගු කරේ ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ අත තද කරලා අල්ල ගද්දි.. දවල් එක විතර වෙලා තිබුණු නිසා හොදින් ඉර පායලා තිබ්බා.. ඒ උනාට මේ beach එකට හුගක් කට්ටිය ඇවිත් තිබ්බේ නෑ..
"ඔයා beach එකට ආස ද?" ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ අතෙන් අල්ලාගෙන ඇහුවා..
"හුගක්.." ටේහ්‍යුන්ග් මුහුද දිහා බලාගෙන ජන්කුක්ට උත්තර දුන්නා..
"ඇයි?" ජන්කුක් තමන්ට පුරුදු විදියට හරස් ප්‍රශ්නයක් ඇහුවා..
"ඔයා ආසයි ද?" ටේහ්‍යුන්ග් උත්තරයක් නැතිව ප්‍රශ්නයක් ජන්කුක්ට යොමු කරා..
"ඔව්.."
"ඇයි?" ටේහ්‍යුන්ග් තමන්ගෙන් ජන්කුක් අහපු ප්රශ්නය ජන්කුක් ගෙන් ඇහුව..
"හ්ම්... ඔම්මා, අප්පා ඉන්න කාලේ එයාල එක්ක මං busan beach ගියා.. අජුම්මා එක්කත්... හුගක්ම ආස beach එකට.. එයාල එක්ක ගිය නිසාම.." ජන්කුක් උත්තර දුන්නා..
"ඔයා ඇයි?" අයෙත් ඒ ප්‍රශ්නෙම ජන්කුක් ටේහ්‍යුන්ග්ට යොමු කරා..
"මං කැමති මුහුදට ඇවිත් මගේ හැම දුකක්ම මුහුදේ පා කරන්න.. ආයේ කවදා රැල්ලක් වෙලා මගේ ලගට එයි ද නොදන්නා නිසා මං මගේ දුක මුහුදට කියනවා.. හැමෝම තමන්ගේ දුක් කියන්නේ හදට... ඒඋනාට මගේ දුක අහන්නේ මුහුද.. මුහුද කියන්නේ හරිම වෙනස් තැනක්.. අපේ දුක මේ රැල්ලට දුන්නාම එයා ඒ දුක අපෙන් ඈත් කරනවා.." ටේහ්‍යුන්ග් වැල්ලට ගහන රැලි පෙන්න පෙන්න කිව්වා..
"ඇත්තටම? ඉතින් ඔයාගේ දුක කෙනෙක්ට කියන්න ඒ කෙනා ඔයාගේ දුක ඔයාගෙන් ඈතට ගිහින් දායි.."
"නෑ ජන්කුක්.. මිනිස්සු සහ මුහුද අතර වෙනස්කම් තියෙනවා.. අපි අපේ දුක් මිනිස්සුන්ට කිව්වම මිනිස්සු අපිව සනසලා එක ගිහින් තව මනුස්සයෙක්ට කියනවා.. ඒ අතින් මුහුද අහන් ඉදලා අපිව සනසන්නේ නැති වුනත් අහන් ඉදලා අපේ දුක් එයාගේ රැලි වලට ඇරගෙන ඒවා අපෙන් ඈත් කරනවා.." ටේහ්‍යුන්ග් උත්තර දුන්න..
"ඇයි ඔයා පරිපුර්ණ වෙන්න කැමති ටේහ්‍යුන්හ්? ඇයි එහෙම වෙන්නේ? මට ඔයාව තෙරුන් ගන්න බැ!" ජන්කුක් ටේහ්‍යුන්ග්ව නවත්වාගෙන එයාව තමන්ගේ පැත්තට හරව ගෙන ටේහ්‍යුන්ග් ගේ ඇස් දෙක දිහා බලමින් ඇහුවා..
"මාව තෙරුන් ගන්න එපා ජන්කුක්.. මොකද මටත් මාව තෙරුන් ගන්න තාම බෑ.. පුළුවන් නම් ඔයාව තෙරුන් ගන්න.. සමහරවිට එතනදී ඔයාට මාව හමුවෙයි...ඔයා හුගම් ශක්තිමත් ජන්කුක්.. මං කියන්නේ කායිකව නෙවේ මානසිකව.. හුගක් ශක්තිමත්! ඔයා වෙනස් කියලා මං කිව්වා නේ ද! ඔයා වෙනස්.. ඔයා බය නැතිව ඔයාගේ ඇත්ත ස්වරුපය පෙන්නනවා... ඔයාට ආදරය කෙනෙක් කරයි නැති කෙනෙක් යයි වගේ.. එත් මං ඊට වඩා වෙනස්.. ජන්කුක්.. මං වෙනස්.. මිනිස්සු එක එක විදියට වෙනස්.. හැමෝම එක එක විදියයි.. හැමෝටම ආදරය නැති උනත්.. නෑ හුගක් අයට ආදරය නැති වුනත් නෑ.. නෑ හැමෝටම ආදරය නැති උනත් හැමෝගෙම ආදරය ඕනේ! හැමෝගෙම අවධානය ඕනේ කියන තැනට මං වැටුනේ මට කිසිම අවධානයක් ලැබුණු නැති නිසා.. මං දන්නවා මං දුකෙන් ඉන්න හේතුව මේ හැමදෙයක්ම තමා කියලා.. නමුත්, මට අවශ්‍ය ආදරය එක ලැබෙනකම් මං මේ වගේ පිස්සෙක් වගේ හැසිරේවී ජන්කුක්.." ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ මුහුණ හරහා තමන්ගේ ඇගිල්ලක් ගෙනියමින් ජන්කුක් ගේ කනට මිමිනුවා..
"ඔයාට ඕනේ ආදරය මං දෙන්නම් ටේහ්‍යුන්ග්.." ජන්කුක් මිමිණුවේ ටේහ්‍යුන්ග් ගේ තොල් ලගට තමන්ගේ තොල් ලං කරමින් මිමිනුවා..
"ඔයා දැනටමත් එක දෙනවා.." ටේහ්‍යුන්ග් හිනා වුනා.. ඒ හිනාව අයෙත් කලින් වගේ ඇත්ත හිනාවක්! ජන්කුක්ට එක තේරුනා..
"ඔයා මං එක්ක ඉද්දි ඔයා වෙන්න මැණික.. මට එච්චරයි ඕනේ.." ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ නහය මතින් තමන්ගේ නහය තියලා නළලට නළල තියාගත්තේ ටේහ්‍යුන්ග් ඇස් පියා ගද්දි..
"මං උත්සහ කරන්නම්.."
රහසක් කියන්නම් 😌 කතාව පබ්ලිෂ් කරද්දී මුළු කතාවම ලියල තිබ්බේ 😂😂
හිහී 😌 ඉවසන්න බැරි නිසා මං අප්ඩේට් දෙනෝ මේ 😌😌
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi
