අදුර වටෙන්ම ගලාගෙන එමින් තිබුනා..ක්ෂිතිජය දෙසින් හද පහලට යද්දී, ක්ෂිතිජයෙන්ම හද නැගීගෙන ආවා..
"දැන් රැල්ල පාගන්න යමු.." ටේහ්යුන්ග් තමන්ගේ ඩෙනිම් එකේ කකුල් නවන ගමන් නැගිට්ටා..
"මේ රෑ වෙනකම් ඉන්න ඕනේ උනා නේ.. බඩගිනි නෑ ද? අරහේ party තියෙනවා... Beach party!!" ජන්කුක් වැල්ලේ කොනකින් ඇහෙන music වල සද්දෙයි එහෙන් එන ලයිට් පෙන්නන ගමන් කිව්වා..
"කමක් නෑ.. අපි පස්සේ ඒ පැත්තට යමු.. එන්නකෝ..!! මුහුද ලස්සන මේ වෙලාවට.." ජන්කුක් ගේ අතකිනුත් ඇදගෙන ටේහ්යුන්ග් මුහුදට දිව්වේ ජන්කුක්ත් හිනා වෙමින් ටේහ්යුන්ග් පස්සෙන් එද්දී..
"අල්ලගන්න මාව.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ අතින් අල්ලා ගෙන කිව්වා..
"ඔකේ!!" ටේහ්යුන්ග් කෑගහන ගමන් එන රැල්ලක් ලගට දුව ගිහින් ඊට ගත්තේ එක එයාගේ කකුල් දෙකේ දණහිසෙන් ඉහලට එයාගේ පිටිපස්සට ගිහින් අයෙත් මුහුද දිහාටම ඇදිලා යද්දී... මුහුද දවල් වගේ ඝෝෂාකාරී නොවුනා.. එක හරිම නිස්කලංක වුනා.. කළු අහසත්, සුමුදු විදියට ගහගෙන ගිය හුලගත්,මුහුදු රළත් ගෙනල්ලා දුන්නේ හරිම ලස්සන හැගීමක්.. ඒ වගේ මොහොතක තමන්ට තමන් වෙන්න පුළුවන් තමන්ට ආදරේ කෙනෙක් ගේ අතින් අල්ලාගෙන සද්දෙන් හිනා වේවි මුහුදු රළ පාගන්න තරන් වාසනාවන්ත වුනු එකට ජන්කුක් වගේම ටේහ්යුන්ග් හිතින් දෙවියන්ට ස්තුතියි කරා.. දෛවයට ස්තුතියි කරා..
"වූ!! සීතලයි.." ටේහ්යුන්ග් කෑගහගෙන ජන්කුක් ගේ අතත් අල්ලන් වැල්ලට දිව ගියෙ ඈතින් තමන්ව අල්ලන්න එන රළ වලින් බේරෙන්න වගේ...රළ පිටිපස්සට යද්දී ජන්කුක් ගේ අතඅතහැරලා පිටිපස්සට යන මුහුදු රළ එක්ක ඉස්සරහට ගියපු ටේහ්යුන්ග් අයෙත් රළ ඉස්සරහට එද්දී ජන්කුක්ව අල්ල ගන්න පිටිපස්සට දිව්වා... රළ වුනත් නොදැනීම ටේහ්යුන්ග් එක්ක සෙල්ලම් කරා..
මේ ඔක්කොම ජන්කුක් බලන් හිටියේ ආදරය පිරුණු ඇස් දෙකකින්.. කෙනෙක් ඒ ඇස් දැක්කා නම් පුදුම වේවි! කොහොමද මෙහෙම ආදරය කරන්නේ! මාස හයක් විතරක් දැකපු! මාස හයකට කලින් හම්බුනු කෙනෙක්ට මෙහෙම ආදරය කරන්නේ කොහොමද!අඩුම අවුරුදු දහයක් එකට ඉන්න ආදරවන්තයන්ට වත් මෙහෙම ආදරයක් දෙන්න බැරිව ඇති සමහරවිට..!
"ජන්කුක් වඩා ගන්නකෝ.. එතකොට මට පුළුවන් මට tease කරන රළ වලට ඔයාව පෙන්නලා බය කරන්න..." ටේහ්යුන්ග් හිනාවක් එක්ක ජන්කුක්ට කියද්දී ටේහ්යුන්ග් ගේ නළලට ආදරණීය හාදුවක් දුන්නු ජන්කුක් ටේහ්යුන්ග් බලාපොරොත්තු වුනු විදියටම ටේහ්යුන්ග්ව බ්රයිඩල් ස්ටයිල් එකට වඩා ගත්තේ එයාව මුහුදු රළ වලට අල්ලන්න නොදී!
"හූ!! කෝ ඔයාලට නෑ නේ මට වගේ muscle bunny කෙනෙක්.." ටේහ්යුන්ග් හිනා වේවි කෑගැහුවේ එයාගේ හිනා හඩ හිස් වෙලා තිබුණු වැල්ල පුරාම දෝංකාර දෙද්දී..
"බිමින් තියන්නකෝ.. අපි අර party එක තියෙන පැත්තට ඇවිදන් යං!" ටේහ්යුන්ග් රැල්ලටම බහින ගමන් ජන්කුක් ගේ අතෙන් ඇදගෙන රැල්ල දිගේම දුවගෙන ගියෙ එයාලගේ සපත්තු හා bag විතරක් අරගන්න පරක්කු වෙමින්!
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Credits : HMNLVR favorite 🥺🥺❤️ aww😫😫😫
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi
