වැල්ලට වෙලා කතා කරමින් හිටිය ටේහ්යුන්ග්ට හා ජන්කුක්ට කාලය ගත වෙලා යනවා දැනුනේම නෑ.. පැය පහක් විතර ඒ දෙන්නාට නොතේරීම ගත වුනා...පරිසරයේ වෙනස්කමක් වත් එයාලට නොතෙරෙද්දී එයාල එයාලගෙම ලෝකයක තනි වුනා..
"හ්ම්ම්.. රස්නේ අඩු වෙලා නේ ද!" එක පාරටම ජන්කුක් ගේ කකුල් දෙක මැද්දෙන් ඉදගෙන ජන්කුක් ගේ පපුවට හේත්තු වෙලා හිටිය ටේහ්යුන්ග් අහස දිහා බලමින් කිව්වා..
"අනිවාර්යෙන්! හරිම ලස්සනයි.. අහස.. අද දම් පාටයි.. දම්,රෝස, කහ, රතු, ලා නිල්.. ඔක්කොමෙන්ම ලස්සන වෙලා.." ජන්කුක්ත් ටේහ්යුන්ග් එක්ක අහස දිහා බලන ගමන් කිව්වා..
"ලස්සන කුරුල්ලෝ.. Woah! එක මාර beauty එකක්.. ඇත්තටම.." ජන්කුක් මිමිණුවේ ලාවට එන හුලග දකුණු පස ඉදන් උතුරු පසට ගියෙ එයාල අතරින්...
"මට දෙයක් හිතෙනවා ජන්කුක්.." ටේහ්යුන්ග් අහසෙන් ඇස් ඇරගෙන ඒ ඇස් ජන්කුක් වෙත යොමු කරමින් කිව්වේ ජන්කුක්ත් තමන්ගේ අවධානය ටේහ්යුන්ග්ට ලබා දෙද්දී..
"මේ හැමදෙයක්ම ලස්සන අපේ ඇස් දෙක නිසා කියලා..වගේම අපේ මනස.. ඇත්තටම මේ පරිසරයට වඩා ලස්සන අපේ මනස.. මේ පරිසරයට වඩා සුන්දර අපේ මනස.. උදාහරණයක් ගත්තොත්,ඇස් දෙක පෙන්නේ නැති කෙනෙක්ට මේ ලස්සන විදින්න බෑ.. නැත්නම් මනස ලස්සන නැති කෙනෙක්.. මේකේ ලස්සන දකින්නේ නැති වෙයි.. මේකේ ලස්සන depend වෙන්නේ එක දකින කෙනා අනුව... මං කියන දෙය හරිද බලන්න.." ටේහ්යුන්ග් action එක්ක කියද්දී ජන්කුක් ඒක අහන් හිටියේ ටේහ්යුන්ග් කියන එක ගැන හිතමින්... ටේහ්යුන්ග් එයාගේ වචන ඉවර කරද්දී ජන්කුක් අයෙත් අහස දිහා බැලුවා..
ඇත්තටම! කෙනෙක්ට මේ ලස්සන අහස කැත වෙන්න පුළුවන්... කෙනෙක් මේ ඉරට වෛර කරන්න පුළුවන්.. තව ටිකකින් පායන පුර්ණ චන්ද්රයාට කෙනේක් අකැමති වෙන්න පුළුවන්.. කෙනෙක් මේ හුළගට අකැමති වෙන්න පුළුවන්.. කෙනෙක්ට මේ හැමදේම නොපෙනෙනවා වෙන්න පුළුවන්...අපි අපිට ලැබිලා තියෙන හුගක් දේවල් appreciate කරන්න ඕනේ! වාක්යක් කියවලා එක මනසේ ඇදගන්න පුළුවන් වෙන ඒකත් හැකියාවක්!
"ඒකත් හරි.." ජන්කුක්,ටේහ්යුන්ග් කියපු දෙයට හිස වැනුවා..
"මේ ඉර පහල යද්දී හද උඩට එනවා.. ඒ දෙකම ඒ දේකට අදාළ වෙලාවේ ලස්සනට පායනවා.." ටේහ්යුන්ග් මිමිනුවා...

YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanficමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi