"ඔයා හුගක් දක්ෂයි ජන්කුක්!" හොසොක් තමන්ගේ අතේ තිබුණු ටවල් එකෙන් දහඩිය පිහිදාගෙන එතැන තිබුණු වතුර ටිකක් බොන ගමන් කිව්වා..
"Thankyou! මං high school එකේදී basketball කරා.." ජන්කුක් එතැන තිබුණු පුටුවකින් ඉදගෙන නම්ජුන් බීපු වතුර බෝතලය ඉල්ලගෙන එකෙන් ඉතිරි ටික බිව්වා..
"අපි red! ටේහ්යුන්ග් ඉන්නේ blue එකේ.." හොසොක් නම්ජුන් ලගට ගිහින් අමාරුවෙන් උනත් play කරන ටේහ්යුන්ග්ව පෙන්නුවා...ටිකක් වෙලා නම්ජුන්, හොසොක්, ජන්කුක් ටේහ්යුන්ග් දිහා බලාගෙන හිටියා.. එතකොටම මේ වෙලාවේ රෙස්ට් කරමින් හිටිය red team එකට අමුතු දෙයක් පෙනුනා..
"ඕයි! කවුරු හරි ගිහින් bogum ව නවත්වන්න.." Suho නැත්නම් red team leader කෑගැහුවා.. මොකද bogum ඒ වෙලාවේ ටේහ්යුන්ග් ගේ ඉනෙන් ඇල්ලුවේ ටේහ්යුන්ග් පුදුම වෙලා බලලා ආයේ එක වැරදීමක් වෙන්න ඇති කියලා play කරන්න යද්දී... නමුත් එක පිටතින් දැක්ක කෙනෙක්ට තෙරුන් ගන්න පුළුවන් වුනා එක එහෙම වැරදීමක් නෙවේ කියලා..
"අපෝ බැ.. අන්තිමට ඌ බේරගත්ත උනත් ඌත් එකක්ම අපිටත් Taeyeol ගෙන් කන්න පුළුවන්.. Kim පවුලේ එකම පුතා.." තවත් team member කෙනෙක් කිව්වා... කාට උනත් හොසොක්, නම්ජුන්, ජන්කුක් කට්ටියටම මේක බලන් ඉන්න බැරි වුනා... මොකද bogum කීප වතාවක් ටේහ්යුන්ග්ට ලං වෙද්දී ටේහ්යුන්ග් උනත් එයාගෙන් ඈත් වෙන්න උත්සහ කරපු නිසා...
"මං යනවා ඒ පාහරයා ට ටේහ්යුන්ග්ව එහෙම අල්ලන්න දෙන්න බෑ.." හොසොක් යන්න හැදුවත් ජන්කුක් ඊට කලින් නැගිටලා එතනින් ගියෙ එහෙම්මම court එකට පනිමින්... එක පාරටම bogum ගේ පිටිපස්සෙන් ෂර්ට් එකෙන් ඇදපු ජන්කුක් bogum ව තමන්ගේ පැත්ත හරවගත්තේ bogum ට හිතන්න වෙලා නොදී bogum ගේ මුහුණටම වැරෙන් පහරක් එල්ල කරමින්...
"අහ් ෆක්!" බෝගම් ටේහ්යුන්ග් ගේ කකුල් දෙක ලගටම විසික් වුණේ bogum ගේ තොලෙන් ලේ එද්දී..
"ලැජ්ජා නෑ ද මනුස්සයෝ! පිරිමියෙක් වෙලා තවත් පිරිමියෙක්ව ඔහොම වැරදි විදියට අල්ලන්න..." ජන්කුක් ඇස් දෙකත් රතු කරගෙන කෑගැහුවේ ටේහ්යුන්ග් ලගට ඉක්මනින් ජිමින් දුවගෙන එද්දී... Coach ලා ඉදන්, හැම member කෙනෙක්ම ජන්කුක් හා bogum දිහාට ඇස් යොමු කරේ ජන්කුක් ගේ කටහඩේ සද්දයට... ටේහ්යුන්ග් ගේ ප්රශ්න වලට මෙහෙම මැදිහත් වෙන්න හැමෝම බය වුනා! මොකද අන්තිමේදී මොන දෙය උනත් taeyeol එයාලවත්ඉතිරි කරන එකක් නෑ කියලා හිතන ගමන්..
"තමුසෙටත් ලැජ්ජා නෑ ද! ඔහොම කොට කලිසමක් අදින්න...! අහ්! ඇත්තටම!! අයිෂ්!" ජන්කුක් ටේහ්යුන්ග්ටත් ඇගිල්ල දික් කරලා කෑගැහුවෙ ටේහ්යුන්ග් ගේ පළවෙනි වතාවට කෙනෙක් ගේ කෑගහිමට බය වෙද්දී!
wait..! එයාල ඔක්කොමල ඇදන් ඉන්නේ එකම කලිසම නේ..
"We! Both wearing the same thing... මං කිව්වේ අපි දෙන්නා ඇදන් ඉන්නේ එකම එක.. Its just--" ටේහ්යුන්ග් තව මොනව හරි කියන්න ගියත් ජන්කුක් තමං දිහාට හෙලපු භයානක බැල්ම නිසා එක නැවතුනා..
"ෂිට්! ඔක්කොම එකයි.." එහෙම කෑගහපු ජන්කුක් bogum දිහාට රවල අයෙත් court එකෙන් ගියෙ, නම්ජුන් හොසොක් දෙන්නා ලගට..
"ඔයා නිකන්.. මේ superhero කෙනෙක් වගේ උනා නේ.." හොසොක් ජන්කුක් ගේ කරේ එල්ලෙන ගමන් කෑගැහුවා..
"ටේහ්යුන්ග්ට බය නැතිව කෑගහපු විදිහට තව ටිකකින් ඕක collage එකේ fb page එකේ යන විදිය බලන්න පුළුවන් tag එක Taehyung's boyfriend is Jungkook with question mark and Ship name! Haha this is 2022, Bromance නෙවේ කෙලින්ම Bl..කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ.." නම්ජුන් හිනා වෙන ගමන් කිව්වේ ජන්කුක් ගණන් ගන්නේ නැතිව තමංගේ පුටුවෙන් ඉදගද්දී..
"Ship name? මොකක් ද!! KookTae! නැත්නම් Taekook.. ඕනේ එකක්.. හෙහෙ මං මුලින් post එකක් දානව.." හොසොක් තමංගේ අතේ තිබ්බ phone එක ඇරගෙන එකෙන් ටිකකට කලින් ගහපු photo එකක් collage fb page එකේ දැම්මේ නම්ජුන් කියපු විදියටමයි! එයා හොදටම දන්නවා jungkook taehyung එක්ක කතා කරලා වත් නෑ කියලා.. එත්, මේක ඉතින් දැන් viral ගියොත්... සමහරවිට එහෙම වෙන්න පුළුවන් කියලා හොසොක් තීරණය කරා..
Good night 🥱
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi