❥5th pickpocket ¡!

1K 187 28
                                    

_ New begin _

"Welcome to the palace of diamond dragons"

ජන්කුක් පුටුවක් අරන් වාඩිවෙලා කෙල්ලගෙ ඉස්සරහට බරවෙන ගමන් කියද්දි කෙල්ල ජන්කුක් දිහා ඇරෙන්න වටෙම බැලුවා.

"තමුන්ලා කවුද??ඇයි මාව ගැටගහල??මොකක්ද මෙ තැන??
ආශ් මට යන්න දෙනවා"

එකදිගට ප්‍රශ්නවැලක් අහන ගමන් කෙල්ල කැගහද්දි ජන්කුක් යටිතොල හපලා ගන් එක කෙලින්ම තිබ්බෙ කෙල්ලගෙ පපුව උඩින්.කෙල්ල ලාවට වගෙ බයවුනත් එ බය නොපෙන්නා හිටියෙ ගොඩක් අමාරුවෙන්.

"Hai fatto lo stesso in Corea?
(තමුන් කොරියාවෙදි කරෙත් මේකමද)"

ජන්කුක් ඇහුවෙ කෙල්ලගෙ පපුවෙ ඉදන් ගන් එක පොඩ්ඩ පොඩ්ඩ උඩට ගේන ගමන්,ඒත් ශැඩෝගෙ ඇස් තිබුනෙම ජන්කුක්ගෙ දිලිසෙන රතුඇස්වල.

"Di cosa stai chiedendo?
(ඔයා මොකක් ගැනද අහන්නෙ)"

ඉතාලි භාශාවෙන්ම කෙල්ල ඇහුවෙ වෙවුලන ගමන්.ඒත් කෙල්ල තාමත් ජන්කුක්ගෙ ඇස් දිහා බලන්.ජන්කුක්ට තරහයි මොකද කවුරුත් කවදාවත් එ ඇස්දිහා කෙලින් බලලා නැ.

"Hai anche borseggiato i portafogli di quei due?(තමුන්ද අර දෙන්නගෙ වොලට් පික්පොකට් ගැහුවෙ)"

ජන්කුක් පුදුම ඉවසීමෙන් ඇහුවෙ, සාමාන්‍යයෙන් ජන්කුක් මෙච්චර ඉවසන එක දකින්න ලැබෙන දෙයක් නෙමෙයි.ඒක ටීම් එකෙ අනික් අයටත් ටිකක් අමුතුවට දැනුනා.ජන්කුක් අහපු දේ එක්ක කෙල්ල ටිකක් වෙලා ටේ දිහයි ජිමින් දිහයි බලන් ඉදලා ආයෙම වෙන පැත්තක් බලාගත්තා.

ටේව අමතක වුනත් කෙල්ලට ජිමින්ව මතකයි, මොකද පලවෙනි පාරට කෙල්ලගෙ කටින් කොල්ලෙක් ලස්සනයි කියලා කියවුනෙ ජිමින් දැකපු දවසෙ නිසා.මොනාවුනත් කෙල්ල එ අය දන්න බව ජන්කුක්ට පෙන්නුවෙනම් නැ.

"Rispondo alle domandeeee
(මම අහන එවට උත්තර දෙනවාහ්හ්හ්)"

ජන්කුක් කැගහද්දි කෙල්ල ගැස්සිලා ගියා.මොකද එ හඩ එච්චරටම දරුනුයි.ජන්කුක් යක්සාවේසෙන් කෙල්ලගෙ බෙල්ලෙන් ඇල්ලුවෙ ටේහ්‍යුන් හපපු තැන වේදනාව දෙගුන තෙගුන කරමින්.ශැඩෝට බෙල්ල ලගින් දැනෙන වේදනාව දරාගන්න බැරිතැන කෙල්ල ඔලුව වැනුවෙ ඔව් කියලා කියන්න ඔනෙකමට.

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Where stories live. Discover now