The truth
.
.
.
.
.
.@Mansion
"ජන්කුක් !! මොනවද කල්පනා කරන්නෙ??"
ජන්කුක්ගේ කැබින් එකට එන ගමන් යුන්ගි ඇහුවෙ කොල්ලා පෑනත් කටෙ ගහන් මොනාහරි කල්පනා කරන බව දැනුන නිසා.
"එදා මාර්ක් කිව්ව දේවල් ගැන හියුන්.එයා කිව්වෙ කිරුලවත් ,කිරුලෙ නියම උරුමක්කාරියවත් මට දෙන්නැ කියලා.එහෙම කියලා එයා ස්ටැබ් කරෙ ආරාට.ඒ සිද්ධියෙ සම්බන්ධයක් තියෙනව කියලා හිතෙන්නැද්ද හියුන්??"
ජන්කුක් අහද්දි යුන්ගිත් කැබින් එකෙ පුටුවක් අරන් වාඩිවුනෙ ඇත්තටම හිතන්න දෙයක් ඒ ප්‍රශ්නෙ ඇතුලෙ තිබ්බ නිසා.
"ආරා....!! මේ හැමදේම විසදගන්න පුලුවන් එකම විදිහ ආරා විතරයි ජන්කුක්.එයා එක්ක කතාකරන්න."
යුන්ගි කියද්දි ජන්කුක් කින්ඩියට හිනාවක් දැම්මෙ යුන්ගි කියනදෙ කරන්න එයා දැනට සතියක් තිස්සෙ කොච්චර නම් උත්සහ කරාද කියලා මතක් වුනනිසා.
"මොකද හිනාවෙන්නෙ??"
"ඔයා දන්නෙ නැ හියුන් එයා කොච්චරක් මුරන්ඩුද කියලා.මෙ සතියටම මගෙ මූනවත් බැලුවෙ නැ.එයා හිතනවා බ්‍රික්ස් නැතිවුනෙ එයා නිසා කියලා."
"එයා එහෙම කිව්වද?"
"නැ හියුන්.ඒත් එ හැසිරීමෙන් මට ඒක කියන්න පුලුවන් .එයා ඔය ඉන්නෙ මට මූනදීගන්න බැරුව."
"දන්නවද දෙයක් ජන්කුක්,කෙල්ලො කියන්නෙ තේරුන් ගන්න අමාරු කොට්ඨාසයක්.විශේශයෙන් ආරා වගෙ අය.එයාලා තනිකරම ප්‍රෙහේලිකාවක් !! නිකමට හිතලා බලන්න එ කෙල්ල පුදුම අහිංසකයි සාමාන්‍ය වෙලාවට , ඒත් එදා මාර්ක් ඔයාට ස්ටැබ් කරපු වෙලෙ එ කෙල්ල හැසිරුනෙ සාතන් වැහිලා වගෙ.එ ඇස් දිහා කෙලින් බලන්න බැරි තරම් දරුනුයි ජන්කුක්.තව දෙයක් !! එ වගෙ කෙල්ලෙක්ට ආදරය කරන එකත් එක්තරා විදිහක මිශන් එකක් තමයි.හරියටම කිව්වොත් ඔයා ආරාට ආදරය කරන එක නෙමෙ මෙතන විශේෂ දේ.ආරාට පුලුවන් ඔයාව ආදරෙන් පිස්සුවට්ටන්න.එ වගෙම එ කෙල්ලට පුලුවන් එ ආදරෙන්ම ඔයාව මරලා දාන්න වුනත්...!!"
YOU ARE READING
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanfictionපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...