I love you
"You are my future wife deji.Not him"
එ වචන ඇහෙනවත් එක්කම ආරා පිටිපස්ස හැරිලා බැලුවෙ මොකක්ද එ කිව්වෙ ? කවුද කිව්වෙ කියලා දැනගන්න ඔනෙ නිසා.පිටිපස්ස හැරෙද්දි දැක්ක රූපේ ආරාට වගෙම අනික් අයටත් අලුත් රූපයක් වුනෙනම් නැහැ....
ආරා ඒ එක්කම තමන්ගෙ නොසන්සුන් ඇස් ගෙනිච්චෙ ජන්කුක් ලගට.රෝයල් ඇදුම ඇදන් හිටිය ජන්කුක්ගෙ ඇහැක් රතුපාටින් වගෙම අනික් ඇහැ සිල්වර් පාටින් දිලිසෙනවා ආරා හොදාකාරවම දුරට වුනත් දැක්කා.
"හෙලො කියාරා, එහෙමත් නැත්නම් ආරා කියන්නද මම, ඔය මොකක්වත් නොකියා ඩාර්ක් ශැඩෝ කියන්නද??"
ආරාගෙ ඉස්සරහට අඩි තියමින් එන කෙනාගෙ කටහඩ ආරාට හුරුපුරුදු නිසාම කෙල්ල අඩියෙන් අඩිය පස්සට ගියේ අතමිටමොලවගෙන ,ආරාගෙ අතමිටමෙලවෙන විදිහ වගෙ දහගුනයක් ශක්තිමත් විදිහට තව කෙනෙක්ගෙ අත මිටමෙලවුනා වගේම එ ඇස්වලින් කෙනෙක්ව අලුකරන්න තරම් වෛරයක් පවා ඇවිලුනා.
"ම..මාර්..මාර්ක්.."
පැටලෙන වචන එක්ක ආරා මුමුනද්දි ජන්කුක් අඩියක් ඉස්සරහට ගද්දිම ජන්කුක්ගෙ ඩෑඩ් තමන්ගෙ පවර්ස් වලින් ජන්කුක්ව නැවැත්තුවෙ ආරා ලගට යන්න බැරිවෙන විදිහට.ජන්කුක් ශක්තිමත් ඒත් මූන් නයිට් වැම්පයර් කින්ග් ඉස්සරහ ජන්කුක් කියන්නෙත් සාමාන්‍ය වැම්පයර් කෙනෙක්.
"යේ, මාර්ක්.නැත්නම් මට...ජොන් දේයොන් කියන්න මිස් කන්ග් ආරා.."
තමන්ගෙ මූන වැහෙන්න දාන් උන්න මාස්ක් එක ගලවන ගමන් කියපු මාර්ක් ආරාගෙ මූනට එබුනේ කටකොනින් හිනාවෙවි.එ හිනාව අස්සෙ තිබුන සිතුවිලි ගොඩක එකතුවක්..!!
"තමුන්.."
ආරා මාර්ක්ගෙන් ඈත්වෙන්න හදද්දිම ආරාගෙ අත්දෙකෙන් අල්ලගත්ත මාර්ක් කෙල්ලගෙ මූනට තවත් ලංවුනෙ ආරාගෙ මාරයව අව්ස්සමින්.ආරා කියන්නේ සාමාන්‍යවිදිහට ඉන්න උත්සහ කරන කෙල්ලෙක්.ඒත් පාලනේ කරගෙන ඉන්න යක්ශයව අවුස්සන මිනිස්සු ඉස්සරහ පාලනේ වෙන්න ආරාට ඔනෙකමක් තිබුන්නෑ
ESTÁS LEYENDO
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanficපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...