❥24th pickpocket ¡!

868 190 59
                                    

Lost

වෙරෝනා අහස ලස්සන
පැහැදිලි අහස තියෙන දාට විතරයි
ඒත්
අකුනු ගගහා වහින දාට
කුනාටු පිට කුනාටු ඇතිවෙන දාට
වෙරෝනා අහස හැමදාමත් මූසල බවින් පිරිලා ගියා.

ආරාගෙ හාදුවෙන් ජන්කුක්ට ලැබුනෙ තමන් ගැනම ආත්ම විශ්වාසයක්,
තමන්ගෙ ආදරේ
තමන්ගේ දරුවා
මෙච්චර කල් මගබලන් හිටිය කිරුල
දහස් ගානක් වැම්පයර්වරු ඉන්න ක්ලැන් එක
මෙ හැමදෙම වෙනුවෙන් ජන්කුක්ට
මාර්ක් වගෙ සීයක් එක්ක වුනත් සටන් කරන්න පුලුවන්
එ වුනත්
මාර්ක්ගෙ අසිපත ජන්කුක්ට විරුද්ධව ඉස්සරහට ආවෙ
එ හැම විශ්වාසෙම පලුදු කරන්න වගෙ.

මාර්ක්ගෙ කඩු පාරවල් අස්සෙන් ජන්කුක් සැරින් සැරෙ බැලුවෙ ආරා දිහා.එ ඇස්වල කවදාවත් නැති බය දකින ජන්කුක්ට මතක් වුනෙ දවසක් ආරා කිව්ව දේවල්..

"මාෆියාව , ලේ කියන්නෙ ලෝකෙ දරුනුම දෙ නෙමෙ ජන්කුක්.මෙ ලෝකෙ දරුනුම දෙ තමයි අපේ හිත.එ හිතෙ ඉපදෙන දේවල් සමහර වෙලාවට පාලනෙන් තොරයි.මාෆියාවෙන් ඔයා සැනසීම හෙව්වට දවසක සැනසීම නැතිවෙන්නත් පුලුවන්.ලේ වැගිරුවා කියලා කිසිදෙයක් ලැබෙන්නැ ජන්කුක්.ඒත් සමහර වෙලාවට තමන්ගෙ අය වෙනුවෙන් එ දෙ කරන්නම ඔනෙ.I love you more than anyone else"

ආරාගෙ ඇස්වලින් කියවෙන දේවල් ජන්කුක්ගෙ ඔලුවෙ දෙදරද්දි , ජන්කුක්ගෙ ඇස් ගියේ කඩුව අමෝරාගෙන ඉස්සරහට එන මාර්ක්ගෙ දිහාට.එහෙමම පිටිපස්සට බරවුන ජන්කුක්ගෙ ඇග උඩින් කඩුව යද්දි මාර්ක් ගිහින් කෙලින්ම දනින් වැටුනෙ ආරා ඉස්සරහ.බයවුන පාරට ආරා පිටිපස්සට ගියත් තරහින් පුපුරන ඇස්වලින් මාර්ක් දිහා බැලුවේ දත්මිටිකාගෙන.

ආරාගෙ හැසිරීමට කටකොනින් හිනාවුන මාර්ක් කැගහගෙන නැගිටලා කඩුව කරකවලා ජන්කුක්ගෙ දිහාට හරවද්දි ජන්කුක් පැත්තට වුනත් කොල්ලගෙ ඉන ලගින් ලාවට කැපුනේ ශුද්ධ කඩුවෙ ලේපාරක් තවරමින්

"ජන්කුක්...!!"

ආරා කැගැහුවෙ මුලු මාලිගාවම දෙදරන්න තරම් හයියෙන්.තමන්ගෙ ඉන හිමීට අල්ලපු ජන්කුක් ගලන ලේ දිහා බලන් එහෙමම අනික් පැත්ත හැරුනෙ එ ලේ ආරාට නොපෙනෙන්නෙ.

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Tempat cerita menjadi hidup. Temukan sekarang