_ I won the game _
පසුගිය කොටසින්--
"වොලට් එක...ඒක..අර කෙනා..ඔහොම නවතිනවා..."
ජන්කුක්ගෙ මූනෙ මෙච්චර වෙලා තිබුන සන්සුන් බව වෙනුවට තිබුනේ ගොඩක් බය හිතෙන පෙනුමක්.අතෙ නහර පවා ඉලිප්පුන ජන්කුක් දුවන් ගිහින් බයික් එකට නැග්ගෙ වොලට් එක උස්සපු කෙනාගෙ අනාගතේ ගැන ගොඩක් දරුනු විදිහට හිතන ගමන්.
.
.
.
.
.
.
ටිකක් දුර දුවන් ආපු ආරා අතෙ තිබුන වොලට් එක අරගෙන හරව හරව බැලුවෙ මූනෙ අමුතු හිනාවකින් පුරවගෙන.කෙල්ලගෙ මූන එක තප්පරෙන් වෙනස් වුනෙ ඈතින් ඇහුන බයික් සද්දෙට...____________________________________
...
...
...
...
..."ආශ් මූ මාර ෆාස්ට්නේ"
කෙල්ල පිටිපස්ස බලද්දි දැක්කෙ හයිවේ එකක වේගෙන් ආරාගෙ දිහාට එන බයික් එක.කෙල්ලගෙ ඇස් උඩගියත් තප්පරයක්වත් නාස්ති නොකර කෙල්ල එහෙම්ම දුවන්න ගත්තෙ මොනා වුනත් ඇවිද්ද පය දහස් වටින නිසා.දැන්නම් ඇවිද්ද පය නෙමෙයි දුවන පය තමා දහස් වටින්නෙ.
වෙරෝනාවෙ පටුපාරවල් අස්සෙන් දුවන ගමන් ආරා හිතුවෙ ආයෙ නොදකි කියලා හිතපු ශැඩෝ එකපාරටම මතුවුන විදිහ,කෙල්ලට ඒක දුකක්ද? නැත්නම් වෙන හැගිමක්ද? මොකක්ද කියලා නොතෙරෙන හැගිමක් අස්සෙ කිමිදෙන ගමන් ආරා දිව්වෙ ජන්කුක් ආරාගෙ පස්සෙන්ම බයික් එක අරන් එද්දිමයි..
"Fermati li ( නවතිනවා.)"
ජන්කුක් දුවන කෙල්ලට විතරක් නෙමෙයි එ පාලු ප්රදේශයෙන් එපිටට පවා ඇහෙන විදිහට හයියෙන් කැගැහුවත් ආරා නෙමෙයි හැරිලා බැලුවේ.ආනි ආරා නෙමෙයි ශැඩෝ.දැන් පාරවල් අස්සෙන් පැන පැන බිත්තිවල නැග නැග දුවන්නෙ ටිකකට කලින් ඉයානාගෙ ශොප් එකෙන් එලියට ආපු ආරානම් නෙමෙයි.දැන් හිටියෙ සෝල්වල අදුරු හෙවනැල්ල.ඒත් අද එ හෙවනැල්ල සෝල්වල නෙමෙයි වෙරෝනාවෙයි ඉන්නෙ.
"කෙල්ලෙක්??"
එකපාරටම පාලු පාරේ හරහට බ්රෙක් ගහපු ජන්කුක් හෙල්මට් එකත් ගලවලා බැලුවෙ දැක්ක දෙ ඇත්තද බලන්න.
බිත්ති දිගෙ මකුලුවෙක් වගෙ උඩට නගින ශැඩෝගේ හූඩියෙ උඩ කොටස පහලට වැටුනෙ කෙල්ලගෙ කොන්ඩෙ ජන්කුක්ගේ ඇස්වලට ගැටෙන විදිහට, ඒ එක්කම ශැඩෝ හැරිලා බලනකොට ජන්කුක්ගෙ තියුනු ඇස් ශැඩෝගේ නිල්පාටට හුරු ඇස්වල ඇතුලටම කිදාබැස්සා.
VOCÊ ESTÁ LENDO
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanficපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...