Your eyes tell
.
.
.
.
.
.
."ඉනී??"
ජන්කුක්ගෙ කටින් පිටවුන නම කාගෙද කියලා නොදන්නව වුනත් ආරාට ඔනෙ වුනා ජන්කුක්ගෙන් ඉනි ගැන දැනගන්න.
"දේ...මගෙ ඉනී,කාටවත් ලේසියකට පිහිටන්නැති නිල් ඇස්, කටපුරා හිනාවෙද්දි වල ගැහෙන රෝස කම්මුල්,බෝල වගෙ පුන්චි ඇස් , උරහිස ලගට කපපු මුහුදු රැළිවගෙ කොන්ඩෙ, එකතැනක ඉන්න බැරි දගකාරකම එ තමයි මගෙ ඉනී, ඉතාලියේ iQ රැන්ක් එක වැඩිම මගෙ ඉනීගෙ, දක්ශකම ඉගෙනගන්න විතරක් නෙමෙයි හැමදේකටම තිබුනා.කිසිම අසාධාරණයක් ඉස්සරහ ඔලුව නමන් ඉන්න එයා දන්නෙ නැ , හරියට ඔයා වගෙ ආරා."
විස්තර කියන ගමන් ජන්කුක් බැලුවෙ යුන්ගිගෙ ඉස්සරහ ඉදන් ජන්කුක්ගෙ කටින් පිටවෙන වචනයක් ගානෙ සාවධානව අහන් ඉන්න ආරා දිහා.කෙල්ල හැමදෙයක්ම අහන් ඉන්න බව දැක්ක ජන්කුක් හිනාවෙලා පුටුවෙන් නැගිට්ටෙ හුස්මක් ගන්න ගමන්.
"ඔව් ඔයා වගෙ.කටපියන් එක විනාඩි පහක් ඉන්න බැරි මගෙ ඉනි ලේ දැක්කම වහල උඩයන්න කැගහන්නෙ.පුන්චි දේටත් ගොඩක් සංවේදියි මගෙ කෙල්ල.ඔම්මගෙ උනුහුම නැතිවුනත් මගෙ ඉනිගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගත්තම දැනෙන සැනසීම වචන කරන්න මම දන්නෙ නැ ආරා.එ පුන්චි අත් මගෙ කොන්ඩෙ අස්සෙන් එහෙමෙහෙ යද්දි මම පැය ගනන් නිදාගන්නේ දැනෙන සනීපෙට..
වැම්පයර් ක්ලැන් එකේ ඔටුන්න හිමිකුමාරයා වුනාම ඒ වගකීම් දරන්න මට පුලුවන් වෙයිද කියලා හිතුනත් මගෙ ඉනිගෙ සිනිදු අත්වලින් මගෙ අත අල්ලගෙන "you are the best, you can do this.fighting " කියලා , මගෙ කම්මුලට හාදුවක් දීලා "සරන්හේ" කියලා මුමුනද්දි කලින් තිබුන බය මගෙන් ඈත්වෙන්නෙ නිරායාසයෙන්මයි...
මං මගෙ පනටත් වඩා ආදරේ කරෙ මගෙ ඉනීට.සමහර විට මගෙ ආදරේ මොකක් හරි හිඩසැක් තියෙන්න ඇති.අන්න එ හිඩැස තමයි මම වගෙම හියුන්ලත් මෙතන ඉන්න හේතුව.."
ජන්කුක් අත්දෙකම පපුවට බැදගෙන කිව්වෙ ගොඩක් වචන බරකරලා.සමහර විට එ වචනවල වේදනාව ආරාගෙ හිත අස්සට කිදාබහින්න ඇති.නැත්නම් ඇය් එ ඇස්වල කදුලු කැට පිරෙන්නෙ?
YOU ARE READING
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanfictionපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...