Arbitrary Couple
.
.
.
.
.
"එතකොට අර ඔයා තනියෙන් වාහනෙ අරන් යන්නෙ ඉනී බලන්නද ?"ඉයානාගෙ උරහිසෙ ඔලුව තියන් ඉන්න ගමන් ආරා ඇහුවෙ ගොඩක් හයියෙන්. ජන්කුක් කවුරුත් නැතුව තනියෙන් මැන්ශන් එකෙන් එලියට යනවා ආරා එ කාලෙ අනන්තවත් දැකලා තිබුනා.එ ප්‍රශ්නෙත් එක්කම හැමොම ජන්කුක් දිහ බලද්දි කොල්ලා රොබෝ වගෙ ඔලුව වැනුවෙ ඔව් කියලා කියන්න.
ජිමින් එ දිහා බලන් ඉදලා ආයෙම ජන්කුක්ට පුප්පලා අහක බලාගත්තේ ජන්කුක් සුපුරුදු ලෙස මූන කොරහක් කරගනිද්දිමයි.
.
.
.
.
.
.
.
පැය කාලක ගමනකින් පස්සෙ හැමෝම ආවෙ වෙරෝනාවෙ දකුනු පැත්තට,කැලෑබද තැනක ජන්කුක් වාහනෙ නතර කරද්දි ඔක්කොම ජන්කුක් දිහා බැලුවෙ මොකක්ද කැලයක් ලග කරන්නෙ කියලා දැනගන්න.එ එක්කම ජන්කුක් තමන්ගෙ ෆොන් එක අරන් අකුරු අටක් ට්යිප් කරලා ඉවර වෙද්දිම කැලෙ වගෙ තිබුන තැනින් විනිවිද යන අඩ වෘත්ත්යක් අහස උසට පේන්න ගත්තේ හැම කෙනෙක්වම අන්දුන්කුන්දුන් කරලා."එන්න යමු"
ජන්කුක් ඒ විනිවිද පේන බිත්තියක් ඇතුලට තල්ලුකරලා දොරක් අරිනගමන් කියද්දි හැමෝම වචනයක්වත් නොකියා ජන්කුක් පස්සෙන් ගියෙ අරුම පුදුම කැලෙ තව මොනා දැකලා අන්දුන්කුන්දුන් වෙන්න වෙයිද කියලා හිතමින්.
"ආරා.."
කැලෙ මැද්දෙන් තිබුන ලස්සනට හදපු පාරක ජන්කුක් පස්සෙන් යන ගමන් හිටිය ඉයානා ආරාට කතාකරේ ගොඩක් හිමින්.
"ම්ම්."
"ටේ ඔප්පා කිව්ව එක ගැන හිතුවද?"
ඉයානා එ ප්‍රශ්නෙ හිමීට ඇහුවත් අනික් හැමෝටමත් එ ප්‍රශ්නෙ ඇහුනෙ එ අයගෙ දෙයක් ඇසීමෙ හැකියාව අසීමිත නිසා.
"මොකක්ද?"
"වවුල් කුමාරයා ගැන!!"
ඉයානා ආරාගෙ මූනට එබිලා අහද්දි ආරාට කෙල ගුලියක් ගිලුනෙ අමතක කරන්න හදන දේ කවුරුම හරි ආයෙ ආයෙම මතක් කරන්න හදන නිසා දැනුන ගල්වෙලා යන හැගිම නිසා.
"ආශ් අනවශ්‍ය මගුල් නාහා මෙන්න මෙහෙ වරෙන් යන්න"
ඉයානගෙ ප්‍රශ්නෙන් ගැලවෙන්න හිතාගෙන ඉයානාගෙ අතින් අල්ලගත්ත ආරා කඩාගෙන බිදගෙන ඉස්සරහට ගියේ අනික් අයට පුන්චි ගිගල්ස් පිටකරවමින්.
YOU ARE READING
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanfictionපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...