❥27th pickpocket ¡!

1.4K 213 184
                                    

Moon and Rose

"ඔ ඔයා...!!'

දොර ලග හිටගෙන හිටිය කෙනාගෙ පිටිපස්සෙන් ආපු ජන්කුක් ආරා ලගට ගිහින් කෙල්ලගෙ නලලට හාදුවක් දුන්නෙ ආරා තාමත් දොර දිහාම බලන අතරෙ.

"එයා එක්ක කතාකරන්න ආරා.එයාටත්  තව අවස්තාවක් දෙන්න, මං දන්නවා ඔයා ඒක කරනවා.දැන් එයා එක්ක කතාකරන්න"

ආරාගෙ මූන හිමිට අතගාපු ජන්කුක් ඉයානාවයි ඉනිවයි ඇදන් කාමරෙන් එලියට ගියෙ ආගන්තුකයා එක්ක ආරාව තනිකරලා.ඉයානා යන්න බැ කිව්වත් ඔලුවට ටොක්කක් ඇනලා කෙල්ලවත් ඇදන් ගියෙ ආරාට තනියෙම එ කෙනා එක්ක කතාකරන්න ඉඩදිලා.

"ආරා, මට එන්න ඔනෙ වුනෙ නැ.ඒත් ජන්කුක් අදල් මාව එක්කගෙන ආවා.ඔයාට ඔන්නම් මං යන්නම්".

එ කෙනා ඔලුව බිමට හරවන් කියද්දි ආරා මූනට හිනාවක් අරන් ආවෙ හිමීට බෙලි එකට අත අරන් යන ගමන්.ආරාගෙ හෝමොනවල බලපෑම නිසා පුන්චි දේටත් ආරා සංවේදි.සංවේදි මිනිස්සු ඉස්සරහ ආරා ඊටත් වඩා සංවේදි ..

"ඒකට කමක් නැ අප්පා.කොහොමත් ජන්කුක් ඔයාට දැන් යන්න දෙන්නැ."

ආගන්තුකයගෙ ඉස්සරහට අඩි තියන ගමන් ආරා කිව්වෙ මූන පුරා විහිදුන හිනාවත් එක්කමයි.

"ම..මට සමාවෙන්න ආරා.මං ඒ වැරැද්ද ගැන අදටත් පසුතැවෙනවා.මට සතුටුයි ඔයයි යූයි අද ඉන්න විදිහ ගැන.මට සමාවෙන්න හැමදේටම".

පුන්චි කදුලු මෝදුවෙන ඇස් ආරාගෙන් හංගගන්න උත්සහ කරන ගමන් මිස්ට කන්ග් කිව්වෙ ආරා තමන්ගෙ අප්පා දිහා බලලා බැල්කනියට යනකොටමයි.

"හ්ම්.ආදරේ හරි අමුතු දෙයක් නේද අප්පා.ඔම්මා ඔයාට කොච්චර දුන්නත් ඔයාට ඒක කොහෙදි හරි මග ඇරුනා.එ නිසාම මටත් ඒ දේ ගැන විශ්වාසය සදහටම නැතිවුනා.ඒත් ඔයා හරි අප්පා.මං ආදරේ අවිශ්වාස කරාට ඔම්මා වෙනුවෙන් ඒක කරන්නම ඔනෙමයි.කුමාවො මට ඒක මතක් කරාට.ජන්කුක්ගෙන් ආදරය විදින්න ගත්ත දවසෙමයි මං ඔයාට සමාවදුන්නෙ අප්පා."

බැල්කනියට බරදෙන ගමන් ආරා කිව්වේ හුස්මක් පිටකරන ගමන්.ආරාගෙ වචනවලින් මිස්ට කන්ග්ගෙ ඇස් බෝලවෙලා ගියේ හිතාගන්න බැරිවුන වචනටිකක් ආරාගෙ කටින් පිටවුන නිසා.

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Where stories live. Discover now