Heart beat
.
.
.
.
.
.
.විනාඩි පහලවක් ගෙවුනේ හරිම හිමින්.ක්ලබ් එකේ ඉන්නෙ ඉයානා තමන්ගේ ඇස් දෙක තැනින් තැනට අරන් ගියෙ ගොඩක් යුහුසුළුව.එක තැනක වයින් වීදුරුවක් බොන ගමන් නටන රතුඇදුමකින් සැරසුනු කෙල්ලෙක් වගේම තව තැනක හැගිම් වලින් උද්දීපනය වුන තරුනයෙක් සහ තරුනියක්ද ඉයානාගෙ ඇස්වලට ගැටුනා.වයින් වීදුරුව වටෙ තොල අරන් ගියත් එක උගුරක්වත් උගුරෙන් පහලට අරන් නොයන්න ඉයානා වගබලාගත්තා ,
මෙ අතරෙ ජන්කුක් තමන්ගෙ බෙල්ල කඩන ගමන් වැම්පයර් ඇස් වලින් මුලු ප්‍රදේශයම නිරීක්ෂණය කරේ වැඩිපුරම ආරා ඉන්න කාමරේට අවධානය දෙමින්.කටකොනින් හිනාවුන ජන්කුක් ගන් එක අරන් ලෝඩ් කරලා බාගෙට රතුවුන ඇස්වලින් ගන් එක වටේටම එම් කරේ දිවෙන් කම්මුල් තෙරපන ගමන්.
පාව්ලෝගෙ අමුත්තො කාමරේට යන විදිහ ඉයානා හරි ගානට වීඩියෝ කරලා එවද්දි ඉයානා පාව්ලෝට නොපෙනෙන්නෙ ජන්කුක්ට හස්ත සංඥා වලින් ඔක්කොම හරි කියලා කිව්වේ ජන්කුක් ඔලුව වනලා ටීම් එකට රෙඩි වෙන්න කියද්දිමයි.
"ශැඩෝ,, අදින් පස්සෙ අරූගේ මන්දිරේට නොයන්න වෙන විදිහට වැඩෙ කරන්න.හෙට වෙනකොට ඔයා මගෙ මැන්ශන් එකේ ඉන්න ඔනෙ.ඌගෙන් ඔක්කොම විස්තර අදම වමාරගන්න."
"Esta bien jefe( "ok boss" in spanish)"
ආරා ස්පාඤ්ඤ භාශාවෙන් ජන්කුක්ට උත්තර දුන්නේ කිසියම් දෙයක් මුමුනන විදිහට , ඉතාලිවලින්වත් , කොරියානු භාශාවෙන්වත් උත්තර නොදෙන්න කෙල්ල වගබලාගත්තෙ පාව්ලෝ භාශා දෙකම හොදටම දන්න බව දන්න නිසාමයි.
කෙල්ලගෙ උත්තරය එක්කම ජන්කුක්ගෙ කටකොනට හිනාවක් ආවෙ , ආරා හරි ලස්සනට මොලේ පාවිච්චි කරන නිසා. එ එක්කම කාමරේට පාව්ලෝගෙ ගෙස්ට්ලා එද්දි ඉයානා එ හැම කෙනාගෙම උඩ ඉදන් පහලටම නිරීක්ෂණය කරේ ස්කෑනින් මැශින් එකක් වගෙ.
ආරාගෙ ඇස්වලට ඔනෙම දෙයක් අහුකරගන්න වැඩිවෙලා යන්නෑ.සමහර විට ඒක දක්ශකම වෙන්න ඇති , ඒත් ආරාගෙ දක්ශකමද , ශැඩෝගෙ දක්ශකමද කියන්න පුලුවන්කමක් නැ..
හැබැයි කාගෙවුනත් ඒ දක්ශකම එ හිතේ ඇතුලෙන්ම ආපු දෙයක්,ආරගෙ ඇස්වල පලදන් හිටිය ඇස් කාචවලට මිනිස්සු ස්කැන් කිරීමේ හැකියාව තිබුනා.එ එන අමුත්තන්ගෙ සම්පුර්ණ විස්තර ගියේ ජිමින්ගෙ ටැබ් එකට.
DU LIEST GERADE
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanfictionපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...