❥25th pickpocket ¡!

890 191 27
                                    

One chance

"ඔහොම ඉන්නවාහ්..."

ආරා වේගෙන් දුවන් ඉස්සරහට ගියෙ තරහින් පුපුරන ගමන්.තමන්ගෙම ගෙදරට ඇවිල්ලා,  තමන්ගෙ ලගටම ඇවිල්ලා , තමන්ට ඉතුරු වෙලා තිබුන වටිනම දේ , තමන්ට හොරෙන් අරන් ගිය කෙනා එක්ක ආරාට තිබ්බෙ ලොකු  තරහක්.තරහටම ඇස්පවා රතුපාටින් දිලිසෙද්දි හොරාට උනත් තේරුනා ඉල්ලන් කෑවා කියලා .

"Hey you !! , give it to me "

එකපාරටම හොරාගෙ උඩින් පැන්න ආරා කෙලින්ම කලු ජැකට් අයිතිකාරයාගෙ මූන ඉස්සරහට එනගමන් දබර ඇගිල්ලෙන් බ්‍රේස්ලට් එක දෙන්න කිව්වත් කලු ජැකට් අයිතිකාරයා කටකොනින් හිනාවෙලා බ්‍රේස්ලට් එක ආරාට පෙන්නලා එහෙමම ආරාගෙ පැත්තකින් දුවන් ගියේ ආරාගෙ මලයකා අවුස්සලා..

"ආශ් තමුසෙ අද මගෙන් මැරුන් කනවා.."

ආරා අඩිය හප්පලා එහෙමම අනික් පැත්ත හැරුනෙ අත්මිටමොලවගෙන .කෙල්ල ස්විස්වල පුන්චි කදු වල ගස් අස්සෙන් වේගෙන් දුවද්දි කලු ජැකට් අයිතිකාරයා ආරාට පේන නොපෙනෙන තරම් වේගෙන් ඉස්සරහට ඇදුනේ නිමේශයකින්.

"ආහ්.."

ගහක අත්තකට ආරාගෙ අත සීරිලා තුවාල වෙද්දි කෙල්ල අත අල්ලගෙන එතනම නතර වුනෙ බ්‍රේස්ලට් හොරාත් ආරා දිහාට හැරෙන අතරෙමයි.

"ශිට් ශිබල්..."

ලේ ගලන අත දිහා බලන් මුමුනපු ආරා අත ගසලා දැම්මේ හොරාට අලුවෙලා යන බැල්මක් දානගමන්.ආරා ආයෙම පස්සෙන් එනවා දැක්ක කලු ජැකට් අයිතිකාරයා එහෙමම කන්දෙන් එහාපැත්තට දිව්වෙ ගමේ ලස්සනම පැත්තට අඩිතියනගමන්.

මිනිස් පුලුටක් නැති එ පැත්තෙ තිබුනෙ පුදුමාකර ලස්සනබවක්,
පුන්චි දියපහරවල්,
තැනින් තැන හදපු ගෙවල්,
පාට පාට මල්..
මෙ හැමදෙයක්ම ස්විස්වල තිබුන ලස්සන මවලා පෙන්නුවා..

ම්ම්
ඔව් ස්විස්වල තිබුනෙ අමුතුම ලස්සනක්,
නිමක් නැති නිදහසක්
එ වගෙ රටකින් ජීවිතේ හොයන්න ආරා හිතුවෙ අද ඊයෙක නෙමෙයි
ඒත් ස්විස්වලත් හොරු ඉන්නව ද කියලා කෙල්ලට සැක හිතෙන්න පටන් අරන්.

"මගෙ බ්‍රේස්ලට් එක දෙනවාහ්හ්"

ආරා තමන්ගෙ ජැකට් එකත් ගලවලා දාලා දුවගෙන ආවත් හොරා බිත්ති වල නගින විදිහට ආරාට මතක් වුනෙ ජන්කුක්ගෙ වොලට් එක උස්සලා එදා තමන් මෙහෙම නැග්ග විදිහ.අතීත මතකෙන් ක්ශනිකව එලියට ආපු ආරා එහෙමම බිත්තිය නැගලා හොරාගෙ ජැකට් එකෙන් ඇද්දෙ දෙන්නා එක්කම බිමට වැටෙන්න.වැටෙන අතරෙ හොරා ආරාගෙ ඔලුව තමන්ගෙ අතින් අල්ලගත්ත නිසත් එ ස්පර්ශය අමුතු නිසාත් පුන්චි සැකයක් ඇතිඋනෙ නිරායාසයෙන් .

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Where stories live. Discover now