_ Over _
.
.
.
.
.
."ආහ්හ්..."
කීවෙනි වතාවටද කියලා කියන්න බැරිතරම් වතාවන් ප්‍රමානයක් මෙ විදිහට ආරා කෙදිරි ගාන්න ඇති.හැම පාරකම ආරාගෙ අතේ තුවාල පෑරුනා මිස වේදනාවෙ අඩුවක්නම් වුනෙ නැහැ.
බොක්සින් ග්ලවුස් පවා නැතුව වෙලුම් පටියකින් අත ඔතාගෙන ආරා පහර පිට පහර එල්ලකරෙ ජන්කුක්ගෙ අතට.පොඩි පොඩි උල්කටු තියෙන බෙල්ට් එකක් ජන්කුක්ගෙ අතේ එතිලයි තිබුනේ.ආරා ජන්කුක්ගෙ අතට ගහන පහරක් ගානේ එ අත තුවාල වෙලා පුන්චි පුන්චි ලේ බින්දු ගලන්න ගත්තෙ සුදුපාට වෙලුම් පටියම ලෙයින් තෙත් කරනගමන්
පැය ගානක් තිස්සෙ එක එක විදිහෙ දරුනු පුහුනුවීම් අස්සෙ ආරා හුස්මගන්න පවා පුදුම මහන්සියක් ගත්තා.වතුර බෝතල් පිටින් දාඩිය නාගෙන බොන ආරාගෙ තිබුනෙ අමුතු හොට් ලුක් එකක්.ජන්කුක් එක්ක තියෙන තරහා එ ඇස්වලින් පෙනෙද්දි එ ලුක් එක තනිකරම ඩේන්ජරස් හොට් ලුක් එකක් විදිහටයි ජන්කුක්ට පෙනුනේ.
කොච්චර අත් රිදුනත් ලේ ගැලුම් පිටින් ගැලුවත් ආරා නෙමෙ එක විනාඩියකටවත් වෙහෙස නිවාගන්න බ්‍රේක් එකක් ගත්තේ.ජන්කුක් කෙල්ලගෙ මේ හැසීරිමට කැමති වුනෙ කෙල්ල මෙහෙම හැසිරෙනවා දැක්ක මුල් දවසෙමයි.
"හෙට තමුන් පාව්ලො ලගට යනවා.කිසිදෙයක් වරදින්න බැ.did you understand ??"
කෙල්ල ගහපු බොක්සින් පාරින්ම ආරාගෙ අත තමන්ගෙ අතින් අල්ලගත්ත ජන්කුක් කතාකරෙ කෙල්ලගෙ අත තවත් උල්කටු අස්සෙ හිරකරන ගමන්.දත්මිටිකාගෙන ඔලුව වනපු ආරාව ඇදලා තමන්ගෙ ලගට ගත්ත ජන්කුක් බෙල්ට් එක විසි කරලා කෙල්ලගෙ නිකටෙන් අල්ලලා ඉස්සුවේ ආරා වේගෙන් හුස්මගන්න ගමන් ජන්කුක්ගෙ ඇස්දිහාම බලන් ඉද්දි.
දෙන්නාම දාඩියටම පෙගිලා ගිහින්.ස්පෝට් බ්‍රා එක උඩින් සුදුපාට ලූස් ක්‍රොප් එකක් ඇදගෙන ජීන්ස් එක ඇදන් , කොන්ඩේ උඩ ඉදන්ම ගොතලා හිටිය ආරා වගේම කලුපාට ටයිඩ් ශර්ට් එකක් ඇදලා ටයිඩ් ශෝට් එකක් ඇදලා හිටිය ජන්කුක්වත් පෙනුනේ එකිනෙකාට නොදෙවෙනි අමුතුම හොට් පෙනුමකින්.
YOU ARE READING
❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔
Fanfictionපික්පොකට් හොරකමක් වෙන්නත් පුලුවන් ජීවත් වෙන්න කරන සෙල්ලමක් වෙන්නත් පුලුවන් ඒත් දඩබ්බර ලේ පිපාසිත මාෆියාවේ හදවත හොරකම් කරොත්.........!! . . . . -PICKPOCKET- Started date ; 2022.07.21 Ending date ; 2023.01.10 Just a fanfiction Dedicated to jeon...