" ෆ්‍රයිඩ් චිකන් වල ක්‍රිස්පි ගතිය ගොඩාරියක් තිබ්බම තමයි මරු....ඒකත් එක්ක Sprite ටිකකුත් තිබ්බම මරේ මරු "
මම චිකන් කෑල්ලක් කටට දාගෙන රස කරකර කාලා Sprite උගුරක් බීවෙ ඇස් දෙකත් පියාගෙන....අම්මේ රස නහර පිනා යනවා....
" Yo- jin !!!!!!! "
Aigooooo !!! මට නිදහසේ හීනයක්වත් බලන්න දෙන්නෙ නැද්ද යකූ මේ මනුස්සයා...බ්ලැන්කට් එක තව ටිකක් හොඳට පොරවගෙන අනිත් පැත්තට හැරුණ මම කෙළත් පෙරාගෙන චිකන් හීනෙ කන්ටිනියු කරා....
" Yo - jin... නැගිටිනව ඕයි.. ඉස්කෝලෙ යන්නෙ නැද්ද තමුසෙ ? "
මේ මොන මල සමයමක්ද මේ !! ඒ පාර ඇඳ ළඟටම ඇවිල්ලා බෙරිහන් දෙනවා...මේ මනුස්සයා ටීවි එකේ නම් ඉන්නෙ කොහොමද හරී කියුට් අල ගෙඩියක් වගේ...
අල ගෙඩියක් ??? අනියෝ !!!! මේකා අල ගෙඩියක් වගේ මහත නැහැනේ....මොන කෙහෙල් මලක් වගේ හරි කමන්නෑ මේ Taehyung කියන්නෙ පිටට කූල් ගෙදරට රූල් ඩයල් එකක්....එච්චරයි...!!!
"ඕයි ඔප්පා !!! ස්කූල් පටන් ගන්නෙ 7.30 ට..දැන් වෙලාව 6.30 යි..අඩුම තරමෙ මට තව විනාඩි 15 ක්වත් නිදාගන්න පුලුවන්....ඒක නිසා ඔයා ගිහින් පාඩුවේ සිංදුවක් කියා ගන්නවද...? ජෙබල් !!"
මූණ විතරක් බ්ලැන්කට් එකෙන් එළියට දාගෙන මං එයාට කිව්වා...
" Yaaaah !! යෝජින්...හොඳ ළමයා වගේ නැගිටින්නකො...මට රෙකෝඩින් යන්නත් ඕනි...අනික ජන්කුක් මට කොල් කරල කීවා එයා ඔයා එනකල් බලන් ඉන්නව කියලා.. "
අන්න එහෙම හොඳින් කියන්න තිබ්බනෙ...තමුසෙ තමුසෙ ගගා සැර පාට් දානකොට අයිඩෝල්ට දෙන්න හිතෙනවා බ්ලොක්ගල් බාගෙකින්...
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanfictionදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼