26 😞🌼

399 66 43
                                    


ඔප්පා ඒක අහපු විදිහට නම් මට හීන් දාඩියත් දැම්මා...

💜වේ ?? මං මොනවද හංඟන්නෙ ?

 මම කෝකටත් සිරීයස් මූණක් හදාගෙන උත්තර දුන්නා...

" තමුසෙ ඇයි මිනිස්සුන්ට කරදර කරන්නෙ ආ ?? "

💜" මිච්චස්සයෝ ඔප්පා ?? ඔලුව කොහේ හරි වැදුණද ?  "  

ඈ යකූ මම මිනිස්සුන්ට කරදර කරනවා !! මං පාතාලෙද ??  මොනවද මේ කියන කතා ??"

" ජිරාෆ් ජින් !!"

ඔප්පා එක පාරටම නැගිටලා සෝෆා එක උඩ ඉඳගෙන දණිස් දෙක උඩින් අත් දෙකත් තියාගෙන ඇස් දෙකත් හීනි කරලා මගෙන් අහනකොට......මට එලොව පොලුත් පෙනුණා..

තඩි කෙළ ගුලියකුත් ගිලලා මම කල්පනා කළේ දැන් මොකද මං කරන්නෙ කියලා...

දැන් ඉතින් කරන්න තියන එකම දේ මම දන්නෙ නැහැ වගේ රඟපාන එක...

💜" හා හා හා හා !!!! 😂😂😂😂😂😂😂  "

අතකින් ටේබල් එකටත් ගහන ගමන් මම මොංගල් ඩයල් එකක් වගේ හිනා වෙන දිහා ඔප්පා බලන් හිටියේ බ්ලැන්ක් මූණකින්...( එයා ඉතින් කොහොමත් එහෙමනෙ ! )

💜" ජිරාෆ් ජින් කවුද ඔප්පා ඒ !!?? හී හී හරිම අමුතු නමක් "

" ඔව් ඉතින් තමුසෙනෙ එහෙම නමක් දාලා තියෙන්නෙ ? "

ඒක අහපු ගමන් මම එක පාරටම හිනා
ව නතර කරලා පූස් බැල්මක් ඔප්පට දැම්මා..

💜" ආහ් !! ඒක මේ වැරදීමක්...එයා ඉතින් ඒ වගේනෙ. ඔප්පට එයාද කිව්වේ ??? "

" අනියෝ !! කවුරු හරි කිව්වනෙ ? තමුසෙ මොකටද මිනිස්සුන්ට නම් හදන්නෙ කියනවකො ....පව් අසරණයා..."

මේ මොකද මේ ජින්ශී ගැන මෙයාට මෙච්චර සැලකිල්ලක් කියල මට හිතුණා...අනු පංකාව පස්සෙ භූමි පංකාවක් වෙලා මාවත් ගහගෙන යයිද කියලත් මට හිතුණා..

💜" ඔප්පා ඔයාට ඕක කීවේ ජිමිනා නේද ? "

 ෂුවර් එකටම කොටා වෙන්න ඇති.... ජුජුබ්ස් කෑල්ල වගේ ඉඳගෙන ඕකා ඔප්පට කේළම් කියනවා...

ඔප්පත් සද්ද නැහැ..මං හිතුවා හරි ජීමීනා තමයි ඕක කියල තියෙන්නෙ...

Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now