" ජන්ග්කුක් ටත් එන්න කියන්න..එයාටත් අපි එක්කම යන්න පුලුවන්නෙ "
💜 " ඕනි වෙන එකක් නැහැ ඔප්පා...එයාගෙ අප්පා අද අලුත් Factory එක බලන්න යනවලු....ඉස්කෝලෙ ළඟින්ම යන නිසා එයා අප්පා එක්ක එයි "
" එහෙනම් කමක් නැහැ..."
ඔප්පා කීවේ පර්ෆියුම් බෝතලේම වගේ ඇඟේ හලාගන්න ගමන්...
මූට නම දාන්න තිබ්බෙ Kim Taehyung නෙවෙයි Kim පර්ෆියුම් කියලා...
ඇයි දෙයියනේ සුවඳ ගහනව ඇති ඇන්ටාක්ටිකාවටත් එක්ක...💜 " ඔයාගෙ වැඩ පාඩු වෙනව නේද...මට ඒකට හෙන අවුල් අනේ....අද එන්නම ඕනිත් නැහැ ඔප්පා "
මම ඇත්තටම කැමති නැහැ ඔප්පගෙ වැඩ පාඩු වෙනවට 😆😆😆 ඒක තමා මං දුක් වෙන එකම හේතුව...වෙන මුකුත් නෙවෙයි" පලෑම් යන්න !!! මැඩම් මගෙත් එක්ක කතා කරන්න වෙලාවක් ඉල්ලුවේ තමුසෙගෙ මොකක් හරි නසරාණි වැඩකට වෙන්න ඇති.. "
💜 " අනියෝ !!! "
මං එන්ටර් වුණේ අහිංසක නංගි වර්ෂන් එකට...." මගේ වැඩ මැනේජ් කරගන්න පුලුවන්...යෝජින් ඔයා තමයි මගෙ ජීවිතේ අංක එක "
ඔප්පා මගෙ ඔලුවටත් තට්ටුවක් දාලා රූම් එකෙන් එළියට ගියේ මටත් එන්න කියලා ඉඟි කරලා....මම කොරියාවේ සුපිරි අයිඩොල් කෙනෙක්ගෙ දොන්සන්ග් කෙනෙක්...ඒත් මම ගොඩක් දුරට ජීවත් වුණේ නිදහස් ජීවිතේක...ඉතින් මම හැමදාම ස්කූල් යන්නෙ බස් එකේ....
ඒ නිසා මම මේ කාර් එකේ ස්කූල් යන්නෙ ගොඩක් කාලෙකින්....
ඔප්පගෙ රෝඩ් මැනේජර්ට සොනික් එක්ක නෑකමක් තියනවද මන්දා...යකූ විනාඩි පහළොවක් ගියේ නැහැ අපි ඉස්කෝලෙ ගාවා....!!!!
අත් දෙකත් වන වනා ගේට් එක ගාව ඉන්න ජන්ග්කුකාව දැක්ක මම ටක් ගාලා කාර් එකෙන් පැන ගත්තා....
වෙනදා යෝජින් කියාගෙන විරිත්තගෙන මං ළඟට එන කුකියා අද " හියුන්ග් " කියාගෙන කෙළින්ම ගියේ ඔප්පා ළඟට ....
ඔහොම යමුකො කෙහෙල් කිරියෝ...!!! නල්ල මලේ හියුන්ග් එක්කම හිටු !!
💜 " ඔප්පා !!! ඔය මූණ වැහෙන්න හොඳට මාස්ක් එක දාගන්න හරිද ? මේකෙ ඉන්නෙ රුයිඩ් ෆෑන්ස්ල ... ඔයාගෙ අතක් පයක් වුණත් ගලව ගන්න ඉඩ තියෙනවා... "
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanfictionදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼