Jin's POV
යුන්ගි මට කියපු දෙයක් නිසා මම ජන්ග්කුක්ව හොයාගෙන ගියේ පට්ට කේන්තියෙන්...!!!
මම යනකොට ජන්ග්කුක් hand free එකත් කන් දෙකේ ගහගෙන ලොකු කල්පනාවක....
මම දෙසැරයක්ම කතා කළත් එයාට ඇහුණෙ නැහැ....ඒ හින්දම මම ගිහින් කොල්ලගෙ ඉස්සරහින් හිට ගත්තා..." ජින් හියුන්ග් !! "
ඒ පාර නම් මාව දැකලා....Hand free එක ගලවගෙන Mp3 player එක සාක්කුවට දා ගන්න ගමන් කුකී කිව්වා...
මම ඇත්තටම හිටියෙ
කේන්තියෙන්...ජන්ග්කුක් මගේ මූණ දිහා ඇස් දෙකත් ලොකු කර ගෙන බලා ගෙන හිටියෙ ප්‍රශ්නාර්ථ මූණකින්...💕" මොකද්ද තමුන්ට වෙලා තියන්නෙ ආ !!! "
මම ඇහුවේ ටිකක් සැරෙන්...
" වේ හියුන්ග් මොකද්ද වුණේ ? "
💕" වේ !!?? වේ !!?? ඒක අහන්න ඕනි මමනෙ "
" හියුන්ග් !!! කියන දෙයක් තේරෙන්න කියනවද ?"
ජන්ග්කුක් ඇහුවෙ කලින්ට වඩා සද්දෙන්....💕" තමුසෙ යෝජින්ට ආදරෙයි කිව්වෙ ඇත්තටමද ආ ? "
මම ඒක අහපුවම කුකී රතු වුණා හොඳටම...
" හියුන්ග් ඒක දන්නවනෙ ඇයි මගෙන් අහන්නෙ ? "
ජන්ග්කුක්ට පිටු පාලා අතත් මිටි මොලව ගෙන මම උත්සහ කළේ කේන්ති නොගෙන ඉන්න...
💕" යෝජින්ට ඇත්තටම ආදරේ කරනවද නැද්ද ? "
මම ඒක ඇහුවෙ වහළ ගැළවිලා යන තරම් සද්දෙන්..." දේ !!! මම එයාට ආදරෙයි තමයි...ඇයි දැන් ඒක මෙහෙම අහන්නෙ හියුන්ග් "
ජන්ග්කුක් ඒක කියපු ගමන් මගෙ අත නැවතුනේ ජන්ග්කුක්ගෙ කම්මුලේ.....
කොල්ලා මං දිහා බැලුවේ හොඳටම පුදුම වෙලා කේන්තියෙන් වෙව්ල වෙව්ලා....
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanfictionදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼